සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියාට පහර දෙයි

මැණික්හින්න රොහලේ වෛද්‍යවරු 8 දෙනාගෙන් 6 දෙනෙක් විරෝධය පා සේවයෙන් ඉවත් වෙලා...

by editor
සැප්තැම්බර් 19, 2020
in පුවත්
ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත ( වමේ) දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඉරංග

ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත ( වමේ) දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඉරංග

Share on FacebookShare on Twitter

“ මගේ වැයික්කියේ ඉස්පිරිතාල පාලනය වෙන්න ඕනෑ මට ඕනෑ විදිහට ”  යැයි කියමින් කුණ්‍ඩසාලයේ පොහොට්ටු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙක් මැණික්හින්න රෝහලේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ඉරංග මධුෂාන් වෙත පහර දුන්නේ යැයි කියමින් රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් අට දෙනාගෙන් හය දෙනකුම මේ වන විට සේවයෙන් ඉවත්ව සිටි.

මැණික්හින්න රෝහලේ ප්‍රධාන හෙද සොයුරියගේ ස්ථාන මාරුව අවලංගු කරන්නැයි දිගින් දිගටම කරන ලද ඉල්ලීම නොසලකා හැරියේයැයි උරණනව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේදි ඉකුත් 17 වැනිදින අදාල ප්‍රාදේශිය මන්ත්‍රිවරයා වෛද්‍යවරයාට පහර දි ඇති බව කියමින් මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි ඒකකයට පැමිණිල්ලක් කර ඇත. ඉන් අනතුරුව  පහර දිම මත වෛද්‍යවරයා අද 19 තෙක් නේවාසිකව රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පැමිණිලි කළද මේ වනතුරු කිසිදු ක්‍රියාමාර්ගයන් ගෙන නැති බවත්, රෝහල් පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් කිසිවිටෙකත් අවශ්‍ය නැති බැවින් පොදුවේ රෝහලේ සේවය වෛද්‍යවරුන්ගේ පාලනයෙන් පැවතිය යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරන්ගේ සංගමය පවසයි. ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කිරිම සඳහා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ  සංගමය අද 19 රාත්‍රියේ රැස්වන බවද එම සංගමය පවසයි.

තමන් කිසිදු අවස්ථාවක මැණික්හින්න රෝහලේ පරිපාලන සේවයට ඇඟිලි ගැසීමක් සිදු නොකළ බව කුණ්ඩසාලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි සමන්ත හේරත්   පවසයි. ප්‍රධාන හෙද නිළධාරිනියහට ලැබී ඇති ස්ථාන මාරුව අවලංගු කිරිමට හැකි උත්සාහයක් ගන්නා ලෙස ඇයගේ ස්වාමියා තමන්ගෙන් ඉල්ලා සිටි බවත්, එවැන්නක් කළහැකිද යන්න තමා සොයාබලා ආණ්ඩුකාර ලලිත් යු ගමගේ  වෙත ඔවුන් යොමුකළ බවත් කී ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා ඉන් පසුව කිසිදු අවස්ථාවක රෝහලේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍යවරයා ගේ රාජකාරියට බාධා නොකළ බවද   කියා සිටියේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මධ්‍යම පළාත් සෞඛ්‍ය කාර්යාලය වෙත තමන් වෙනත් රාජකාරියක් සඳහා ගිය අවස්ථාවක අදාල වෛද්‍යවරයා සහ ප්‍රධාන හෙද සොයුරිය එහි සිටි අතර  එහිදි තරමක බහින්බස් වීමක් පමණක් සිදුවූ බවද , අවශ්‍ය නම් ඒ අසල ඇති සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ එය පරික්ෂා බැලිය හැකි බවද සමන්ත හේරත් කීය.

වෛද්‍යවරයාට විරුද්දව තමන්ගේ නාමයට කැලැලක් ඇති කිරිම සහ තමන්ගේ නිර්දෝෂි භාවය තර්ජනයට ලක් කිරිම සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් දැමිමටත් නීතිය අනුව කටයුතු කිරීමටත් තමා කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවත්, කුණ්ඩසාලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි සමන්ත පෙරේරා   කියා සිටියේය.

මෙම සිද්ධිය හේතුවෙන් කිසිදු අවස්ථාවක රෝගි ජනතාවට අසාධාරණයක් ඉටු නොවිය යුතු බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කොට අතිරේක වෛද්‍යවරු සේවයට යොදවා හෝ මහජනතාව වෙනුවෙන් කටයුතු  කරන්නැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ  පළාත් සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දි තිබේ.

කිසියම් සෞඛ්‍ය නිළධාරියකු ස්ථානමාරුවීම් ඔස්සේ අසාධාරණයට ලක්ව ඇත්නම් ඒ සම්බන්ධයෙන් 21වැනි සදුදා දින කරුණු ඉදිරිපත් කිරිමට තමන් කමිටුවක් පත් කොට ඇති බවත්, ඒ හරහා කරුණු සැලකිල්ලට ගෙන සාධාරණ විසදුම් ලබා දිමට පළාත් සෞඛ්‍ය ලේකම් කටයුතු කරනු ඇති බවත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

Share69Tweet43
Previous Post

“කුමර කොබෙයි “ජිවිතය එහි මුලු අර්ථයෙන්ම විඳින්න කරන ආරාධනාවක්…

Next Post

නුවරට හිසරදයක් වූ පෙම්වතුන් කොල්ලකන කෙල්ලන් ගේ කොල්ල කල්ලිය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.