බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

“කුමර කොබෙයි “ජිවිතය එහි මුලු අර්ථයෙන්ම විඳින්න කරන ආරාධනාවක්…

by editor
සැප්තැම්බර් 19, 2020
in කලා
Shamel-Jayakody

ශමෙල් ජයකොඩි

Share on FacebookShare on Twitter

ශමෙල් ජයකොඩි අපේ සාහිත්‍ය සමාජය තුළ නිරන්තර ප්‍රභාමත්වන නවකතා කාරියකි. ඇයගේ නවකතා කෘතිවල ඇති අපූර්ව ප්‍රස්තුත හා චරිත ගොඩනන්වන අවකාශය සිංහල පාඨකයාට නව මානයක් පෙන්වා දුන්නේය.  “යළි උපන් ගැහැනිය” නව කතාව රචනා කරමින් නවකතාකරණයට පිවිසි ශමෙල්  මේ වන විට නව කතා දොළහක් රචනා කොට ඇත. ඒ බොහෝ කෘති සෑම සම්මාන උලෙළකම පාහේ නිර්දේශ කෘති වූ අතර “ප්‍රංශ පෙම්වතා” (2018) “වීනස්ගේ උපත (2019) යන කෘති ද්විත්වය ස්වර්ණ පුස්තක අවසාන වටය නියෝජනය කළේය මෙවර ඇය විසින් රචිත කුමර කොබෙයි නවකතාවත් විද්‍යෝදය සම්මාන උළෙල තුළ සංවාදයට ලක් වූයේ අවසන් වටයේ හොඳම නවකතා කෘති 5 අතරට පැමිණෙමිනි.

අද ලංකාසර  මේ ඉඩ හසර වෙන්වෙන්නේ ශමෙල් ජයකොඩි  සමග කෙරෙන සංවාදයක් වෙනුවෙනි.

  • ඔබ වෘත්තියෙන් නවකතාකාරියක්ද?. සම්මාන සඳහා ලියන්නියක්ද?.

මම වෘත්තීයක් විදිහට ලියන කෙනෙක් නෙමෙයි. ඒත් වෘත්තීයක් විදිහට ලියන්න හැකියාවක් පහළ වෙනවා නම් මම කැමැතියි. එහෙම නම් මට දවසෙ වැඩි වෙලාවක් මගේ කාල්පනික ලෝකයට වෙලා ඉන්න හැකියි. ඒත් මගේ සාමාන්‍ය ජීවිතය ලිවීමෙන් ඉතාමත් බැහැරව තිබෙන දෙයක්. ලියන්න මට ලොකු ගැම්මක්  ආවේගයක් දැනෙන්නම ඕනෑ.

හොඳම පොත ලියන්න හිතනවා නම් ඒක මුළාවක්. මම නිතර දකිනවා සම්මාන සඳහා පොත් ලියන කතාව උඩට ඉස්මතු වෙන හැටි. ඒක මට විශ්වාසයෙන් තොර දෙයක්. මොකද කෙනෙක් සම්මානයක් බලාගෙන ලියන්න හිතනවා නම් ඒක ලේඛකයාගේ ආත්මයෙ ගැඹුරුම තැනින් එන ලිවීමක් වෙන්නේ නැහැ. වෙන කොහෙන් හරි බලෙන් කැඳවන දෙයක් විතරයි. එහෙම දේකට සම්මාන දෙනවා නම් එතැන හරි විනිශ්චයක් තිබෙන්න බැහැ. හැබෑ විචාරකයෙකුට පුළුවන් පොතේ වචන හරහා එන ලේඛකයාගේ හදගැස්ම අඳුනගන්න.

මම ලියන්නේ මාව තෘප්තිමත් කළ, ප්‍රබෝධමත් කළ කතාවක් පාඨකයා වෙත ප්‍රදානය කරන්න කැමැත්තෙන්. මගේ නවකතාවක ගැඹුරු සංකීර්ණ භූමි විශාල ගණනාවක් හදා ගන්න මම කැමැතියි. හැම දේශපාලනයක්ම අවසාන වශයෙන් තීරණය වෙන්නේ මනුෂ්‍ය ස්වභාවය මතයි කියා මම හිතනවා. ඒ නිසාම නවකතාවකින් මම කැමැතියි මානව සමාජයේ සදාචාරාත්මක පැවැත්ම සියුම්ව ස්පර්ශ කරන්න. තමන්ගේ සැබෑ ආත්මයේ වේදනා ජයග්‍රහණ නවකතාවකින් පාඨකයා හා බෙදාහදා ගන්න.

  •  කාලයක් තිස්සෙ රටින් බැහැරව ජීවත්වෙමින් ඔබ මෙතරම් හොඳට ලංකාවේ ජීවිතය ලියන්නේ කොහොමද?

සිවිල් ඉංජිනේරුවරියක් විදිහට මගේ මුල් රැකියාව බාර ගනිමින් කොළඹත් ඉන් පිටතත් බොහෝ ප්‍රදේශවල සේවයට යන්න මට අවස්ථාව ලැබුණා. ඊට පෙරත් මගේ පාසල් අධ්‍යාපනය උසස් පෙළින් අවසාන කරන තුරු මම පාසල් හත අටකට ගියා. බාලිකා පාසල්, මධ්‍ය මහා විද්‍යාලවල අධ්‍යාපන ක්‍රම පළාතෙන් පළාතට වෙනස්. ගුරුවරු සිසුන් අතර බැඳීම් වෙනස්. සිසුන්ගේ සමාජ විඥානය වෙනස්. මට මේ හැම වෙනසක් තුළම සැරිසරන්න අවස්ථාව උදා වුණා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇත්තටම නම් ලංකාවේදී ජීවිතය තියන සාරය, රසවත් බව විඳින්න නම් වාසනාව කියන දේත් තරමක් අපි සන්තක කර ගත යුතුයි. මම කියන්නෙ සම්ප්‍රදාය පැත්තකට දමන්න කියලා නෙමෙයි. අපි හැම දෙයක් දිහාම විරෝධාකල්පයකින් බලන්න හොඳ නැහැ. තරුණ පරපුරට අවස්ථාව නැහැයි කියල හිතලත් බැහැ. ආණ්ඩුව රැකියා අවස්ථාවක් දෙනතුරු දෙමවුපියන් හැමදේම තීරණය කරන තුරු ඉඳලා බැහැ. රැකියාව, විවාහය, ආදරය විතරක් නෙමෙයි දේශපාලනයෙදි පවා ආකෘතියකට වැටෙනවා නම් එතනින් එහාට අපට කියන්න දෙයක් නෑ.

වර්ෂ 2019 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට නිරදේශ වූ අවස්ථාව

තරුණ පරම්පරාව ගැන කියද්දි මට මගේ අලුත්ම පොත ‘කෝමල මාණවක’ ගැන හැඳින්වීමක් කරන්න කැමැතියි. ඒ තුළ ඇත්තේ තමන්ගේ පරම්පරාවේ උරුමය අත ඇරලා අලුත් මගක් ගන්නා තරුණ පිරිසක්. ඔවුන්ට සහයෝගය දෙන හා ඔවුන් දෙස සැකයෙන් බලන තරුණ කොටස් තුනක් ඉන්නා ගමක් ගැන කතාවක්.

  •  කුමර කොබෙයි ලිවීමෙන් ඔබ සමාජයට කියන්න හැදුවෙ කුමක්ද?

මුකුත් නෑ… හරිම සරලයි ජීවිතය එහි පරිසමාප්ත අර්ථයෙන්ම විඳින්න කරන ආරාධනාවක් වගේ දෙයක්. කතාව පසුබිම් වන්නෙ උතුරු ඇමෙරිකානු මහාද්වීපය වුවත් එහි චරිත හැම එකක්ම ලාංකීය සංස්කෘතියෙන් පෝෂණය වුණු,   මම ලංකාවේ ජීවත් වෙනවා’ කියන හැඟීමෙන් හැම උදෑසනකම නැගිටින, ලංකාවෙන් ගෙනා ගතිගුණ එක්ක ඇමෙරිකාවේ වසන චරිත. කියවන කෙනා තුළ ඒ චරිත ජීවය ලබනවා දකින්න මම කැමැතියි.

ලංකාවේ ඔවුන් උපන් සංස්කෘතියේ සාරය උකහාගත්ත මේ චරිත තවත් රටවල්වල බහු සංස්කෘතීන් හරහා යන ගමන් ඒවායේ තියෙන සෞන්දර්ය රස විඳීම හා තමන් තුළ තියෙන තමන්ගේම හැදියාව නැවත නැවත ප්‍රශ්න කිරීම කතාව පුරා සිදු වෙනවා. අපි තව කෙනෙකුගේ සංස්කෘතියට අප තුළ ඉඩක් නොදෙන තාක් කල් අපට අපේ සංස්කෘතියේ ලස්සන දකින්නට ඉඩක් නැති බවත් ඒ චරිත තුළින් කියවෙනවා. සදාචාරය කියන්නේ හොඳ නරක විනිශ්චය කිරීම නොවෙයි. එයට වඩා ගැඹුරින් මිනිස් පැවැත්ම හා පැවැත්ම වෙත බැඳෙන ශිෂ්ටාචාරය තේරුම ගැනීම.

  • ඔබ ලියන හැම පොතක්ම වාගේ සම්මාන උළෙලවල්වලට තේරෙනවා. ඔබ ඒ ගැන හිතන්නේ මොකක්ද?.

මගේ පොත්වල කාටවත් මග ඇර යන්න බැරි වෙන අන්දමේ චරිත මුණගැහෙන විත්තිය මම දන්නවා. ඒත් එක්කම තේමාව. මම ලියලා තියෙන්නෙ ඊට කලින් නොකියන ලද තේමාවක් ඔස්සේ කියල මම දන්නෙ පොත මුද්‍රණයට යන වෙලාවට තමයි. පොතේ ප්‍රකාශකගෙ වචනවලින් ම මට දැනෙනවා නවකතාව විශේෂිත මානයක් හරහා ගමන් කළ එකක් කියලා.

සම්මානයකට පොතක් තේරෙද්දි මට දැනෙන ලොකුම දේ තමා පොත පාඨක පිරිසක් අතරට යයි කියන ප්‍රීතිය. මම විදෙස්ගතව ලියන නිසා පොතක් වෙනුවෙන් ජනගත කිරීමක් කරන්න මට හැකියාවක් නෑ. මගේ පොත ගැන පුවත්පතකට ලියන්න තරම් කැපවීමක් දක්වන මම දන්න අයත් හරිම අඩුයි. ඒ හින්දා මට සම්මාන උළෙලවල් වැදගත් වෙනවා. ඒ වගේමයි මම ලියන දේට ජීවය ලැබෙන්න ඒක තෝතැන්නක් වගේ. මගේ පොත් ඉදිරියට ගෙන ඒමට  පාඨකයාට හඳුන්වා දෙන්නට තරම් නිර්භීත වුණු සාහිත්‍ය සම්මාන උළෙලවල්වලට මම ණයගැතියි. ඒ වගේමයි සම්මාන තීරණ ගැන අසතුටට පත් වෙන අයටත් හැකියි මුහුණු පොත හරහා  නැත්නම් තමන්ගේ වෙබ් පිටුවක් හරහා පොත් අතරින් හොඳම පොත් තෝරලා ඒවා පාඨක පිරිසට හඳුන්වා දෙන්න.

  • ඔබ වෘත්තීයෙන් ඉංජිනේරුවරියක්. අද ඔබට ලේඛිකාවක් වන්නට ආදර්ශයන් වුණේ කවුද?.

මට ආදර්ශයන් වුණේ මට අහිමි වුණු අවස්ථාවල්. එහෙම අහිමිවීම් සාගරයක් මට තියෙනවා. ඔබ අහන්නේ ලේඛකයෙක් වීමට පෙර මම කිය වූ පොත් ලැයිස්තුවක් නම් ඔබ මගේ පිලිතුර යවන්නෙ වැරදි පාරෙ. සාහිත්‍ය පරිශීලනය ලිවීමට මග පෙන්වනවා තමයි. ඒත් අපි ලියන්නෙ අපිට සමීපයෙන් අපි ඇසූ පීරූ දේ.  ඒ දේවල් තමයි අපට ලිවීමට තල්ලුවක් දෙන්නේ.

මගේ නවකතා බොහොමයක් දිනපොත් ආකාරයෙන් ලියවුණු ආත්මීය කථාවල්. අපි දිනපොතක් ලියන්න කාගෙන්වත් උපදෙස් පතන්නේ නෑ වගේ මගේ ලිවීම එන්නේ නිරායාසයෙන්. කතාවක ආකෘතිය, ශෛලිය, රිද්මය කොටින්ම කතාවේ කටහඬ, මේවා අපට ලබා දෙන්නේ අප තෝරාගන්නා කතාවේ තේමාව හා චරිත විසින්. එහෙම නැත්නම් ඒක ලොකු අමාරුවේ වැටිල්ලක්. අපට සිද්ධ වෙනවා කතාවේ චරිත ඇදගෙන යන්න. මම කරන්නේ හොඳ කතාවක් තෝරා ගැනීම පමණයි. ඒත් එක්කම මගේ නිර්මාණ යථාර්ථවාදීව ඇදෙන කතා. මම කැමැති නැහැ පාඨකයාට ප්‍රහේලිකා ඉදිරිපත් කරන්න. මොකද මම දන්න පාඨකයා උසස් රසවිඳීමක් තමයි පොතකින් අපේක්ෂා කරන්නේ.

නවකතා ලියන ආධුනික අයටත් මම කියන්නෙ කිසි විටකත් අපේ දැනුමවත්, පර්යේෂණවත් ලියන්න යන්න එපා.  නවකතාවක් කියන්නෙම පොතේ මුල ඉඳන් අගට තමන්ගේ ආත්මය චරිත හරහා බෙදා හදාගැනීමක්ය කියලා.

 

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

උතුරු නැගෙනහිර සංවර්ධනයට දෙමළ ඩයස්පෝරා නියෝජිතයෝ අගමැති හමුවෙති

Next Post

පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියාට පහර දෙයි

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.