අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියට නඩු හදන්න වෙයි… අලුත් අවුරුදු සමයේ දකුණු පළාතේ එක පොලිසියකින් දිනකට නඩු 10ක්  ඉල්ලා නියෝගයක්!

by editor
අප්‍රේල් 7, 2024
in පුවත්
police
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

සිංහල හා හින්දු අළුත් අවුරුදු සමයේ දකුණු පළාත තුළ එක් පොලිසියකින් දිනකට නඩු 10 ක් අනිවාර්යෙන්ම ගොනුකළ යුතු බවට පළාතේ උසස් නිලධාරින් පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබෙන බව දැන ගන්නට තිබේ. 

දකුණු පළාතේ පොලිස් ස්ථාන 69 ක් සඳහා විශේෂ නියෝග යටතේ මෙම දැනුම් දීම කර තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි. මෙවන් බල කිරීම් හේතුවෙන් රාජකාරි ජීවිතය තුළ තමන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බව පොලිස් ස්ථානාධිපතිවරුන් ප්‍රකාශ කරති. 

මුලස්ථාන පොලිසියකින් දිනකට නඩු 10 ක් ද සාමාන්‍ය පොලිසියකින් දිනකට නඩු 06 ක් ද බැගින් නඩු ගොනුකල යුතු බව මෙම විශේෂ නියෝග යටතේ දැනුම් දී තිබේ. මේ අනුව මසකට මුලස්ථාන පොලිසියකින් නඩු 300 ක් ද සාමාන්‍ය පොලිසියකින් 180 ක් ද අධිකරණ වෙත යොමු කළ යුතු බව ඉහත පොලිස් නියෝගයේ සඳහන්ව තිබෙන්නේ යැයි පොලිස් ස්ථානාධිපතිවරුන් ප්‍රකාශ කරයි.

දකුණු පළාත තුළ ගාල්ල දිස්ත්‍රිත්කයේ ගාල්ල සහ ඇල්පිටිය, මාතර දිස්ත්‍රික්කයේ මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල යන පොලිස් කොට්ඨාස හතරෙහි මුලස්ථාන පොලිස් ස්ථාන 06 ක් ඇතුළුව පොලිස් ස්ථාන 69 ක් පිහිටා තිබේ. මෙම සියළුම පොලිස් ස්ථානවලට ඉහත සඳහන් පාලන නියෝගය හේතුවෙන් පොලිස් නිලධාරින් දැඩි පීඩාවකට පත්ව තිබෙන බවද ඔවුහු ප්‍රකාශ කරති.

මෙම නඩු, රථ වාහන වැරදි, බීමත්ව රිය පැදවීම, අසෝබන ලෙස හැසිරීම, සමාජ විරෝධි ක්‍රියා, නීති විරෝධී මත් පැන් මත් ද්‍රව්‍ය  ලඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම ආදිය සම්බන්ධයෙන් ලබාගත යුතු බවද පාලන නියෝගය මගින් වැඩි දුරටත් දැනුම් දී තිබෙන බවද පොලිස් ස්ථානවලට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එවන් විශේෂ වැටලීම් මේ වන විටත් යුක්තිය මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වන නිසා මෙම පොලිස් ස්ථාන 69 ක නිලධාරීන් පීඩාවට පත්ව තිබෙන බවද වාර්තා වේ. දකුණු පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ රැස්වීම්වලදී ඉහළ පොලිස් නිලධාරින්ට ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය ප්‍රමාණයකට නිලධාරින් නොමැති විම නිසා තම පොලිස් ස්ථානෙවල සාමාන්‍ය වැ‍ෙකටයුතු පවා පවත්වාගෙන යෑමට දැඩි අසීරුතාවයක් තිබෙන බවය.

මේ සම්බන්ධයෙන් දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න ගෙන් විමසූ විට මෙසේ පැවසීය.

“සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන්ම පමණක් නෙවෙයි, මෙවැනි වැටලීම් සිදු කරන්නේ. අපරාධ අවම කිරීම හා රථ වාහන රියදුරන්ට සැලකිලිමත් රථ ධාවනයක යෙදෙන ලෙස උපදෙස් ලබාදීම අවශ්‍ය වෙනවා. නිවැරදිව මගතොට ගමන් කිරීම හා අනතුරු අවම කිරීම යන පරමාර්ථ ඇතිවයි, මෙවන් නියෝග නිකුත් කරන්නේ.”

“මෙම වැටලීම් හේතුවෙන් සමාජයේ විෂමාචාර මත්ද්‍රව්‍යය ජාවාරම් මෙන්ම අපරාධ අවම කර ගත හැකියි. මෙවන් වැරදිවලට සම්බන්ධ වරෙන්තුකරුවන් අත් අඩංගුවට ගැනීමත් අවශ්‍යයි. අපරික්ෂාකාරී රිය ධාවනය, බීමත්ව රිය පැදවීම සිදුකරන රියදුරන්ට උපරිම ලෙස නීතිය ක්‍රියාත්මක කර අනතුරු අවම කිරීම පොලීසියේ රාජකාරියක්. ඒ සම්බන්ධයෙන් උපක්‍රමශීලීව පොලිස් නිළධාරීන්ගෙන් සේවය ලබාගත යුතුයි. මෙම නියෝගවල පරමාර්ථය වන්නේ එයයි.”  මහේෂ් සේනාරත්න නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විරෝධතාවයක් අතර  ඩග්ලස් දේවානන්දා ඔන්න මෙන්න ගුටිකන්න යයි.. යතුරු පැදියක නැගී පලාගොස් ගුටි නොකා බේරෙයි…

Next Post

මුහුද මැද දී කැඩුණු බෝට්ටුවක් තුළ රෝගී වූ දකුණේ ධීවරයා  ඉන්දීය වෙරළ ආරක්ෂක හෙළිකොප්ටරයකින් බේරා ගනී! (වීඩියෝ සහිතයි)…  

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.