සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති ධූරයට දේශබන්දු එපා… නිලන්තත් එපා… කාදිනල් හිමියෝ ජනපතිට ලිඛිතව දන්වති.

by editor
ජූලි 1, 2023
in පුවත්
නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරු...

නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරු...

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

වත්මන් පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩුවන පොලිස්පති ධූරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන නිලන්ත ජයවර්ධන හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – බස්නාහිර පළාත  දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට සූදානම් වන්නේ නම් ඒ   සම්බන්ධ කොළඹ අග රදගුරු වශයෙන්  සිය බලවත් කණස්සල්ල නිල වශයෙන් ප්‍රකාශ කරන බව  මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දන්වා තිබේ.

මෙම නිලධාරීන් දෙදෙනාම සිය රාජකාරි වගකීම බරපතල ලෙස පැහැර හැර ඇති ආකාරය පෙන්වා දෙන කාදිනල් හිමිපාණන් එවැනි පුද්ගලයින් රටේ පොලිස්පති ධුරය දැරීම සඳහා නම් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට ඉඩහැරීම සම්බන්ධව වඩාත් වගකිවයුතු පුද්ගලයා  ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන බව ප්‍රහාරය ගැන සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ප්‍රකාශ කර ඇතැයි කාදිනල් හිමියෝ පෙන්වා දෙති.

එමෙන්ම පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පාස්කු අපරාධය සිදුවන්නට ඉඩ හැරීම සම්බන්ධව එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙත සාපරාධී වගකීමක් ඇති බව සඳහන් කර ඇති ආකාරය පෙන්වා දෙන කාදිනල් තුමෝ   පාස්කු ප්‍රහාරය  සම්බන්ධව ඔහු සාපරාධී වගකීමක් දරන බව අධිකරණයෙන් ද තහවුරු කර ඇති අයුරු පැහැදිලි කරති.

එමෙන්ම බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් පාස්කු ප්‍රහාරය සිද්ධවන අවස්ථාවේ දී  උතුරු කොළඹ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති බව මතු කරන කාදිනල්තුමෝ  විනාශය සිදුවීමට පෙර එම තොරතුරු සම්ප්‍රේක්ෂණය කළ පණිවිඩකරුවා ලෙස ක්‍රියා කළා මිස ඔහු විනාශය වැලැක්වීමට පියවර නොගත් බව පාස්කු කොමිසමේ අවසන් වාර්තාව උපුටා දක්වමින් කාදිනල් හිමියෝ අවධාරණය කරති. කොමිසම නිර්දේශ කර ඇත්තේ  මෙම පුද්ගලයාට එරෙහි විනය පරීක්ෂණයක් කිරීමට  බව කාදිනල් හිමියෝ පෙන්වා දෙති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බොරැල්ලේ සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ මෙහෙයවූ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කළ ආකාරය  මුලුමනින්ම විකෘතියක් වූ අයුරු කාදිනල්තුමෝ  පැහැදිලි කරති.

දේශබන්දු තෙන්නකෝන් ට මේ වනවිට ජනතාව තබා ඇති විශ්වාසය බරපතල ලෙස හීන වී ඇතැයි ද උන්වහන්සේ ජනපති වෙත දන්වති.

කාදිනල් තුමා පවසන්නේ මෙම නිලධාරින් දෙදෙනාට පොලිස්පති ධූූරයට පත්වීම තබා එම ධූරයට ඉල්ලුම් කිරීමට තරම්වත් නිපුණාවයක් හෝ වෘත්තීමය ක්‍රියාකාරීබවේ කැපී පෙනෙන ලකුනුක් නොපෙනෙන බවය. එම ලිපිය පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනවසර ගිනි අවි තුනක් සහ පතොරොම් සමග හමුදා කපිතාන්වරයෙක් අත් අඩංගුවට…

Next Post

නවීන ගිනි අවි දෙකක් සහ මැගසින් සමග රොටුඹෙ රසික ගේ ගෝලයින් 04ක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.