බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් මිය යයි!

by editor
ජනවාරි 12, 2026
in පුවත්
Police
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල්  ජයරත්න –  

පොළොන්නරුව වැලිකන්ද ගල්කන්ද  ප්‍රදේශයේදී  අද (12 )   සවස 6.00 ට පමණ පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණීමේදී පොලිසිය කළ  වෙඩි තැබීමකින්  පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

වෙඩි පහරට ලක් වුන එම පුද්ගලයා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව  වැලිකන්ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 93 කන්දකාඩු, සිංහපුර ලිපිනයේ පදිංචිව 28 වියති ගාර්දි අම්රෝයි කම්කානම්ලාගේ ටිෂාන් යන අය බව පොලිසිය සඳහන් කරයි.

මේ සිද්ධිය සම්බන්ධව පොලිසිය පවසන්නේ මෙවැනි කතාවකි.  වැලිකන්ද කුඩාපොකුණ ප්‍රදේශයේ මෙම පුද්ගලයා සමග   තවත් දෙදෙනෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිට ඇත.  මොවුන් තිදෙනා ගැන  සැකසිතූ  පොළොන්නරුව කොට්ඨාස  රථ වහන අංශයේ නිලධාරීන් යතුරුපැදිය  නැවැත්වීමට උත්සාහ කර තිබේ. එහෙත් ඔවුන්  නොනවත්වා යතුරුපැදිය ධාවනය කර නිවසක් අසල නවත්වා ඇත.

පොලිස් නිලධාරීන් දෙදෙනාද ඔවුන් පිටුපස ලුහුබැඳ ගොස් තිබේ. ඒ අතර  නිවසට ඇතුළු වු පුද්ගලයෙක්  කඩුවක් ගෙන පොලිසියට නිලධාරීන්ට පහරදීමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේ දී  රථ වාහන අංශයේ පොලිස් නිලධාරියකු රාජකාරී ගිනි අවියෙන් එම පුද්ගලයාට  වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

පසුව ප්‍රදේශවාසීන් විසින් වෙඩි වැදුන  පුද්ගලයා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.   රෝහල්ගත කරන විට ඔහු මියගොස් සිටි බව  රෝහල් ප්‍රකාශකයකු අප කළ විමසීමකදී පැවසීය.

පොලිසිය පවසන්නේ  මෙම පුද්ගලයා දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයකු බවය.    ඔහු ප්‍රදේශයේ ගංජා අලෙවිකරණ බවට ද හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

අප මේ පිළිබඳව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංගගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී සඳහන් කළේ, යතුරු පැදියේ ගමන් කළ  සැකසහිත පුද්ගලයන් තිදෙනාම අණ නොතකා ධාවනය කල විට, රථවාහන පොලිසීන් ලුහුබැඳ ගොස් ඇති බවය.

ඉන් දෙදෙනකු පලාගොස් ඇති අතර  එක් පුද්ගලයෙකු ඔහුගේ නිවසට ගොස් කඩුවක් ගෙන පොලිස් නිලධාරියෙකු දනගස්වා කඩුවෙන් පහර දීමට උත්සාහ දරා ඇති බවත්, එහිදී ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීයෙකු එම පුද්ගලයාගේ  දනහිසට වෙඩි තබා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියයි.

මෙම පුද්ගලයා අධික ලෙස ගංජා හා හෙරෝයින් වලට ඇබ්බැහි වු අයෙකු බවද ඔහු වැඩිදුරටත්  කීවේය.

සිද්ධිය සම්බන්ධව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංගගේ උපදෙස් පරිදි වැලිකන්ද පොලිස්  ස්ථානාධිපති පොලිස්  පරීක්ෂක එල්,පී,ජේ. කුමාරසිංහ   ඇතුළු පොලිස්   කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අධිකරණ තීන්දුවට ගරු කරමින් විරෝධතාවය දිගටම පවත්වාගෙන යනවා…  විමල්  කියයි!

Next Post

සේවය නිම කර පිටවන්නට පෙර ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් ජනපති හමු වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.