සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් පාතාලය ආණ්ඩුව වටේ යවනව ද?

by editor
අගෝස්තු 12, 2025
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

දිවයිනේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සේවය කරන පොලිස් නිලධාරීන්  සම්බන්ධව නැගෙන  චෝදනා ඉහළ යමින් තිබේ.  සමාජ මාධ්‍ය ඔස්සේ  ඔවුන්ව ප්‍රසිද්ධියේ  හෙළිදරව් කිරීම් ඉහළ ගොස් ඇත. පසුගිය වසර දෙක තුළ මෙම ප්‍රවනතාවයේ කැපී පෙනෙන වර්ධනයක් නිරීක්ෂණය කළ හැකිය.

පොලිසිය තුළ මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ පිරිස් පිළිබඳව වැඩි වැඩියෙන් වාර්තා වූයේය.  ඒ සමගම  මත්ද්‍රව්‍ය සහ මත්  පෙති සමග ඇතැම් පොලිස් නිලධාරින් අත් අඩංගුවට පත් විනි.,   සමහර පොලිස් නිලධාරීන් අපරාධ ජාලවලට කුලියට  ගිනි අවි සැපයූ බවට සමාජය බියපත් කරන සිද්ධි හෙළි විය. ගැඹුරු සහ පුළුල් වන මත්ද්‍රව්‍ය ගැටලුවක් සමඟ පොරබදමින් සිටින රටක ආයතනික අධීක්ෂණය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ අඛණ්ඩතාව පිළිබඳව මෙම හෙළිදරව් කිරීම් ප්‍රබල ප්‍රශ්න මතු කළේය.

නිලධාරීන් අත්අඩංගුවට ගැනීම් සහ අභ්‍යන්තර පරීක්ෂණ

2024 සිට මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් හෝ මත්ද්‍රව්‍ය ප්‍රවාහන  පහසුකම් සැලසූ බවට චෝදනා ලැබූ නිලධාරීන්ට එරෙහිව චෝදනා සහ අධිකරණ කටයුතු අඛණ්ඩව ගලා ඒමක් දක්නට ලැබේ.   අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සහ අභ්‍යන්තර පොලිස් විමර්ශන ඒකක, මත්ද්‍රව්‍ය ගනුදෙනුවලට සම්බන්ධ  චෝදනා මත   පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත පොලිස්  නිලධාරීන් අත් අඩංගුවට ගත්තේය.    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව   මගින් සිදුකළ නිවේදනයකට අනුව  අවම වශයෙන් එක් සිද්ධියක් තහවුරු තිබේ. එනම් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ   කොස්තාපල් කෙනෙක් සැකකරුවෙකු නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා මුදල් ලබා ගත් බවය.

පසුගිය දා රුපියල් කෝටි ගණනක මත් පෙති සමග කොහිවල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් කෙනෙක් අත් අඩංගුවට ගතතේය.  ඔහු සිය නිවසේ මත් පෙති ගබඩාවක් පවත්වාගෙන යමින් දිවයින පුරා මත් පෙති ජාවාරමේ  යෙදි තිබිණි.

බොරලැස්ගමුව බෙල්ලන්විල ජය මාවත ප්‍රදේශයේ තාවකාලික පදිංචි සිය නිවස තුළ මත් පෙති ගබඩා කරගෙන මෙම කොස්තාපල් සිදුකළ දීප ව්‍යාප්ත මත් පෙති ජාවාරම ගැන තොරතුරු අනාවරණය කරන්නේ මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසිනි. එම ඒකකයට අදාල නිශ්චිත තොරතුර දැනුම් දෙන්නේ යුද හමුදා බුද්ධි අංශය ය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

එම නිවස තුළ ගබඩා කර තිබී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් සම්පූර්ණ මත් පෙති තොගය 1,330,420කි.  එහි වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවා යන බව විමර්ශන අංශ කීවේය.  අත්අඩංගුවට ගත් කොස්තාපල් වසර 14ක කාලයක් කොහුවල පොලිසියට අනුයුක්තව සේවය කරන්නෙක් බව අනාවරණය විය

මෙම ගැටලුව සුළු දූෂණයකට පමණක් සීමා නොවේ.   මාධ්‍ය වාර්තා සහ අධිකරණයට කරුණු වාර්තා කිරීම්වලින්    චෝදනා කර ඇත්තේ පොලිස් නිලධාරීන් පාතාල ක්‍රියාකාරීන්ට සිය රාජකාරි ගිනි අවි  සපයා ඇති බවය. 2025 මාර්තු මාසයේදී කොන්ත්‍රාත් ඝාතනවලට සම්බන්ධ අපරාධකරුවන්ට T56 ප්‍රහාරක රයිෆල් සැපයීම සම්බන්ධයෙන් සැකපිට කොස්තාපල් කෙනෙක් ප්‍රසිද්ධියේ අත්අඩංගුවට ගත්තේය. ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ  ආධුනික පොලිස් නිලධාරියෙක් සිය T56  ගිනි අවිය පාතාලයට විකුණා රටින් පැන්නේ මීට නොබෝ කලකට එපිටදී ය.   නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින්ට  අපරාධ ජාලයට සම්බන්ධ විය හැකි ආකාරය එම නඩුව මගින් ඉස්මතු කරන ලදී.

 විශාල අත්අඩංගුවට ගැනීම් – සහ කුඩා අභිරහස්

2025 මැද භාගයේ නාවික සහ වෙරළාරක්ෂක මෙහෙයුම් මගින්  “කේරළ ගංජා” ඉතා විශාල තොගයක් සහ,   ගිනි අවි සහ පතොරම් සොයා ගෙන තිබිණි. උදාහරණයක් ලෙස, 2025 ජූලි 2 වන දින වෙරළාරක්ෂක-නාවික-පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඒකාබද්ධ මෙහෙයුමකින් වෙන්නප්පුවට ඔබ්බෙන් ගංජා කිලෝග්‍රෑම් 900 ක් පමණ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ඉදිරිපත් කළ හැකිය.  අදාළ අත්අඩංගුවට ගැනීම් අතරතුර විමර්ශකයින් විදේශීය නිෂ්පාදිත පිස්තෝල දෙකක්, පතොරොම් ගැබ් සහ පතොරම් ද සොයා ගත්හ.

බලධාරීන් විසින්  මෙම මෙහෙයුම් උත්කර්ෂයට නන්වන්නේ ආක්‍රමණශීලී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දියත් කර ඇති සාධනීය මෙහෙයුම්වල සාර්ථක ප්‍රතිඵල ලෙසය. එහෙත් අපරාධ විමර්ශකයින් සහ විචාරකයින් ප්‍රශ්න කරන්නේ  සංවිධානාත්මක ජාල ආයුධ ලබා ගත්තේ කෙසේද යන්නය.   සේවයේ නියුතු ආරක්ෂක අංශවල නිලධාරීන් ඒ සඳහා සහාය වූයේද නැතහොත් ඇස් පියාගෙන සිටියේද යන්නත් ඔවුහු ප්‍රශ්න කරති.

ජාතික මට්ටමින්, 2025 දී නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛන මගින් මත්ද්‍රව්‍ය ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම්වල වාර්තාගත ඉහළ අගයක් පෙන්නුම් කර ඇත.    හෙරොයින්, මෙතම්ෆෙටමින් හෙවත් අයිස්, ගංජා සහ අනෙකුත් මත්ද්‍රව්‍ය දැවැන්ත ලෙස අත්අඩංගුවට ගැනීම් ගැන ඇසේ.  මහජන ආරක්ෂක අමාත්‍යාංශය ජාවාරමට එරෙහි ප්‍රගතිය පිළිබඳ සාක්ෂියක් ලෙස මෙම සංඛ්‍යාලේඛණ  ඉදිරිපත් කර තිබේ. වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම්   ගැනීම් අනිවාර්ය වුවද  ඒකාබද්ධ මත්ද්‍රව්‍ය යාන්ත්‍රණය බිඳ දැමීම සඳහා වූ සාධනීය ක්‍රියාවලියක්  ඒ ඔස්සේ ගොඩනැගී   නැති බවත් පද්ධතිය තුළ දූෂිත පුද්ගලයින් අපරාධ සඳහා පහසුකම් සැලසීම නතර නොකරන බවත් සබුද්ධික මිනිස්සු  තර්ක කරති.

පොලිසියේ මහ උන්ගේ සිට වත්කම් පරීක්ෂා කරන්න

සමහර විට ගිනි අවි මෙන්ම මත්ද්‍රව්‍ය ඇතුළත්  මුහුදු මගින් එන මත්ද්‍රව්‍ය තොග  කළමනාකරණය සිදුකරන පාතාල   ජාලවල චලනයන් හුදකලාව සිදුනොවන බවට මේ වනවිටත් සැක පහළ වී තිබේ.  දකුණු පළාතේ ඉහළම පොලිස් නිලධාරීන්ගේ නම් පවා මේ ජාලගත අපරාධවල සඳහන් වන ආකාරය පෙනේ.   මේ රටේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දක්වා හිටපු සහ සිටින පොලිස් ප්‍රධානීන් බොහෝ දෙනෙක් උපයාගෙන ඇති අතාර්කික වත්කම් ප්‍රමාණය ගැන මේ වනතුරුත් කිසිවෙක් නිසි බරින් ප්‍රශ්න කර නැත. මේ වත්කම් ඔවුන්ගේ සේවා කාල දෙකක දී මුළු වැටුපම හෝ වැටුපෙන් ලබා ගත හැකි ණය මත ගොඩනගා ගත හැකි ඒවා නොවන බව පොලිසියම දනී. මේ මිනිසුන් ගැන නම් ගම් වශයෙන් ලයිස්තුගත කර ප්‍රකාශ කළ හැකි බව කිව යුතුය.  ඇඳුම් බෑග් එක සූට් කේස් එකේ දමාගෙන පොලිසියේ සේවය පැමිණි පොලිස් නිලධාරීන් අවුරුදු 10 -15ක් යනවිට අසීමිත වත්කම් සහිත කෝටිපතියන් වූ ආකාරය විමර්ශනය කිරීමට විනිවිද පෙනෙන සුළු ක්‍රියාවලියක් ආරම්භ කිරීමට මේ ආණ්ඩුවට හෝ හැකි නම් පාතාල අපාරාධ ජාලය සහ පොලිසියේ දීගය හෙළිදරවු කරගත හැකි බව සහතික වශයෙන් ලියා තැබිය හැකිය.

එහෙත් එවැනි පෞරුෂයක් මාලිමා රජයට තිබේ යැයි අප විශ්වාස කරන්නේ නැත. ඔවුන් පොලිස් අමාත්‍යාංශයේ පරිපාලනය භාර දී ඇත්තේත් ආයුධ ව්‍යාපාරයක් පවත්වාගෙන යන කුප්‍රකට ජාවාරමෙකුගේ අල්ලේ නැටවෙන නාකි රූකඩයකි.  ඔවුන්ගෙන් මේ රට අපේක්ෂා කළ කිසිම සාධනීය ව්‍යාපෘතියක් ඵල දරන්නේ නැත.

උදාහරණයක් පමණක් සටහන් කර නිමා කරමි. මේ වනවිට ජනාධිපතිවරයා පාතාලයට ආයුද ලැබීම සම්බන්ධව පුනරුච්ඡාරණය කරමින් යන්නේය. ඔහු ඡන්දයට පෙර සිට අද දක්වා පවසමින් යන ඒ කතාවේ අන්තර්ගතය ආමි කෑම්ප් එකකින් පැන්නූ ආයුද ගැනය. ඔහු පිරට රට ගිහින් ලාංකිකයන් හමුවූ අවස්ථාවේදීත් ඒ ගැන කියන්නේය. ලංකාවේ දී අන්තිමට මේ ආයුද ගැන කීවේ පරිපාලන නිලධාරින්ගේ හමුවේ දී ය. මේ අපරාධයට හිටපු ආරක්ෂක ලේකම්වරයෙක් සම්බන්ධ බවත් කීවේය. හිටපු ජ්‍යෙ  නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද ගේමේ සිටියේය.   මේ ජාවාරමට සම්බන්ධ එකෙක් විදේශයක සිට කුදලාගෙනත් ආවේය.

දැන් සිදුවී ඇත්තේ කුමක් දැයි සමහරවිට ජනාධිපතිවරයා දන්නේ නැතිව ඇත. කුදලාගෙන ආපු එකා චෝදනා නැතිව ඇප පිට නිදහස් විය. ඒ අවි ආයුද පැන්නීම සම්බන්ධ සිද්ධියේ විමර්ශන   මේ වනවිට නැවතී ඇත.  මේ විමර්ශන ඉදිරියට යන්නේ නැති පසුබිමක ජනාධිපතිවරයා අවි ආයුධ පැන්නීම ගැන තවමත් කියමින් සිටී.

අපරාධ නැවැත්වීම සඳහා අපරාධකරුවන්ගෙන් තොර පොලිසියක් මෙන්ම කොන්දක් ඇති නිලධාරීන් පිරිසක් ද අවශ්‍යය.  මේ රටේ ඉන්නේ ආණ්ඩුවේ අගමැතිනිය රට ඉදිරියේ කුජීත කළ නිලධාරීන්ය.  ජනාධිපතිවත් මායිම් නොකර තමන්ගේ ගේම ගහගන්නා නිලධාරීන්ය. අවසාන වශයෙන්  කුඩුපට්ටම්  වන්නේ රටේ මිනිස්සුන් හෙටක් ගැන දුටු සිහිනය ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැබිනට් අනුමැතිය මත දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරින් ධම්මික ජයසුන්දර ඉවත් කරයි…

Next Post

මීගොඩ දී වෙඩි තබා මැරූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ ගේ කතාව!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.