බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් නිලධාරීන් දෙදෙනෙක් හප්පා දැමූ එන්.ජී.ඕ ලොක්කි පා මුල නීතිය නැමූ  පොලිස් ලොක්කා..

by editor
නොවැම්බර් 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • පොලිස් නිලධාරීන් 02ක් රාජකාරි යතුරු පැදිය සමග පසුගිය 13 දා හප්පා කුඩු කරලා
  • නිලධාරීන් දෙදෙනා රෝහලේ… යතුරු පැදියෙ අලාභය ලක්ෂ එක හමාරක්..
  • දෙවරක් උත්සාහ කළත් නීතිය ක්‍රියාත්මක කරන්න බස්නාහි පළාත් ඉහළම පොලිස් ලොක්කෙක් ඉඩ දෙන්නෙ නෑ..
  • කාන්තාව අත් අඩංගුවට ගන්න ගිය ගමන් පොලිස් ලොක්කා කඩා පනිනවා…

බෞද්ධාලෝක මවතේ විජයරාම මංසන්ධියේ  දී  රථවාහන රාජකාරියේ නිරතව සිටි  පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඔවුන්ගේ  රාජකාරි යතුරු පැදියත් සමග හප්පා බරපතල අනතුරකට ලක් කළ ලංකාවේ ප්‍රධානපෙළේ රාජ්‍ය නොවන උපදේශන සංවිධානයක සභාපතිත්වය දර කාන්තාවක් බස්නාහිර පළාත් ඉහළම පොලිස් නිලධාරියෙකුගේ බලපෑමෙන් මුදාහල සිද්ධියක් පිළිබඳව කුරුඳුවත්ත පොලිසියෙන් වාර්තා වේ.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

බම්බලපිටිය පොලිසියට අනුයුක්තව රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බෞද්ධාලෝක මාවතේ විජයරාම හන්දියේ දී  පසුගිය 13 දා අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ කාන්තාවක් විසින් හප්පා බරපතල අනතුරකට ලක් කළේය.   යතුරු පැදිය කුඩුපට්ටම් වි තිබිණි. පොලිස් නිලධාරීන් දෙදෙනා බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළහ. අනතුර සිදුකළ මෙම කාන්තාව රාජ්‍ය නොවන සංවිධානයක් සේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ උපදේශන ආයතනය සභාපතිත්වය දරන නාවල පදිංචිකාරියකි.

සිද්ධිය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුනේ කුරුඳුවත්ත පොලිසියටය. කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සිද්ධිය සම්බන්ධව කාන්තාව අත්අඩංගුවට ගෙන උසාවි ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරමින් සිටිය දී කාන්තාව සැර පරුෂ විලාශයෙන් හැසිරී බස්නාහි පළාතේ උසස්ම පොලිස් නිලධාරියෙක් වෙත දුරකථනයෙන් ඇමතුවාය. ඒ සමගම එම නිලධාරියා පොලිස් ස්ථානාධිපතිවරයාව අමතා වහාම මේ කාන්තාව නිදහස් කරන ලෙස  දන්වා සිටියේය. උසාවි කටයුතු වලට නොයා පොලිස් ඇප මත ඇයව නිදහස් කිරීමට ස්ථානාධිපතිවරයාට සිදුවිය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එහෙත් රාජ්‍ය දේපලවලට හානි වීම, නිලධාරීන් දෙදෙනෙක් බරපතල තුවාල ලැබීම වැනි උසාවියකින්ම බේරා ගත යුතු මෙම අනතුරේ ස්වභාවය ගැන සලකා බැලූ ඉහළම නිලධාරියාට පහළින් සිටි නිලධාරියෙක් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා අමතා නාවල ගලකන්ද පාරේ පදිංචි මේ කාන්තාව සොයා ගොස් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියේය.

ඒ උපදෙස් මත කටයුතු කිරීම සඳහා සූදානම් වෙද්දී යළිත් වරක් බස්නාහිර පළාතේ ඉහළම පොලිස් නිලධාරියා මැදිහත් වී එම කාන්තාවට නීතිය ක්‍රියාත්මක කිරීම වැළැක් වූ බව පොලිස් ආරංචි මාර්ග කීවේය.

වාර්තා වන පරිදි අනතුරට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් අයෙක් තවමත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමිනි. රාජකාරි යතුරු පැදියට සිදු වූ හානිය රුපියල් ලක්ෂ එක හමාර ඉක්මවා යමිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයවැය යෝජනා: විශ්‍රාම ගැන්වෙන වයස ගැහැණු- පිරිමි දෙපාර්ශ්වයටම සමාන කෙරේ

Next Post

2021 සම්පූර්ණ අයවැය කතාව

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.