මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය රියර් අද්මිරාල් ( විශ්‍රාමික) සරත් වීරසේකරගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරී ලෙස කටයුතු කරන සහකාර පොලිස් අධිකාරීවරයා පෞද්ගලික ආරවුලකින් බරපතල තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
ඉඩම් ආරවුලක් මුල් කරගෙන පෙරේදා (23) ඇතිවූ ගැටුමක දී සිය සමීපතම ඥාතියෙකුගේ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වී බරපතල තුවාල ලැබූ පොලිස් අධිකාරීවරයා මහරගම පදිංචි කරුවෙකි.
විශේෂ කාර්ය බලකායේ ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව කටයුතු කළ මෙම සහකාර පොලිස් අධිකාරීවරයා විමලරත්න නැමැත්තෙකි.
සිද්ධිය පිලිබඳ පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.







