බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් ඇමති කාදිනල් තුමාට උත්තර දෙයි!. තොරතුරු ඇතිනම් මාධ්‍යයට පෙර පොලිසියට දෙන්න!

මේක රජය අපහසුතාවයට පත් කිරීම සඳහා කළ කුමන්ත්‍රණයක්....

by editor
ජනවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තොරතුරු තිබෙනවා නම් කළ යුත්තේ මාධ්‍යයට සාකච්ඡා පවත්වා මාධ්‍යයට ලබා දීම නොව පොලිසියට ඒ තොරුතුරු ලබා දීම බවත්,  මේ සිදුවෙමින් ඇත්තේ රජය සහ පොලිසිය  අපකීර්තියට පත්කිරීමේ කුමන්ත්‍රණයක් බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති  සරත් වීරසේකර අද (14) ප්‍රකාශ කළේය.

පසුගිය 11 වැනිදා බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බයක් තැබීම පිළිබඳ සිද්ධිය අරභයා කොළඹ අගරදගුරු  මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් විසින්  ඊයේ (13) සවස පුවත්පත් සාකච්ඡාවක් පවත්වා කළ හෙළදරව්වට පිළිතුර දෙමින්  මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා    මේ බව ප්‍රකාශ කළේ මීරිගම නුංගමුව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඔහු පැවසුවේ සියලු කාරණා නිර්නය කිරීමෙන් අනතුරුව  පොලිසිය විසින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම වැරදි යැයි යමෙක් පවසන්නේ නම් එය අතිශය වැරදි සහගත බවය.

ඇපලෝ රොහලේත් මෙවැනි සිද්ධියක් සිදුවූ බවත් බෝම්බය තැබූ පුද්ගලයාම පැමිණිලි කළ බවත් කී අමාත්‍යවරයා මෙම දෙවස්ථානයේ සිදුවී ඇත්තේ ද ඊට හැම අතින්ම සමාන සිද්ධියක් බව කීවේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

ඇපලෝ   රෝහලේත්  මේ වගේ සිද්ධියක් වුනා. බෝම්බය තියපු පුද්ගලයම තමයි  රෝහල් අධිකාරියට ඒ ගැන  වාර්තා කළේ.

මෙතනත් බෝම්බය තිබ්බ කෙනාම තමයි පියතුමාට මේ බෝම්බය ගැන වාර්තා කළේ. පියතුමන් පොලිසියට වාර්තා කළා. පොලිසියට වාර්තා කිරීමත් සමග තමයි පොලිසිය ඇවිත් හතර දෙනෙක්ව අත්අඩංගුවට ගත්තෙ. එතන හිටියා අවුරුදු  14ක ළමයෙක්. ඒ ළමයා  මහේස්ත්‍රාත් ඉදිරියෙයි සාක්ෂි දුන්නේ.

මෙතන හිටියා මුණි කියලා දෙමළ ජාතිකයෙක්.  ඔහු මේ බෝම්බය අඩංගු මල්ල දුන්නා කියලා කියනවා. ඔහු එය පිළිගන්නවා.  බෝම්බය අඩංගු මල්ල අරන් මම තමයි අල්තාරය උඩින් තිබ්බෙ කියලා පිළිගන්නවා.  බෝම්බයට හයිකරලා තියන පින් එක ගලවලා වටේට ගිනිකූරු දාලා, රබර් පටියක් දාලා හඳුන් කූරක් පත්තුකරලා තියනවා. හඳුන්කූර පත්තුවෙලා ඉවරවෙනකොට බෝම්බය පත්තුවෙන විදිහට.

ඒ පුද්ගලයගෙ පල්ලියෙ කාමරයට ගිහින් බලනකොට පේනවා එතන තියනවා ගිනිකූරු තියනවා. ගිනිපෙට්ටිවල ගිනිකූරු අඩුයි 15ක් විතර. හඳුන් කූරු තියනවා.  ටේප් තියනවා. ඒක තමයි ඔහුව අත්ඩඅඩංගුවට ගත්තෙ. ඒ අත්අඩංගුවට ගැනීම වැරදියි කියනවානම් කවුරුහරි ඒක ඉතාම වැරදි ප්‍රකාශයක්…“

“කවුරුහරි  නොන්ඩි ගහන පුද්ගලයෙක් ඉන්නවා නම් එයාවත් හොයනවා.  එකම දේ තියෙන්නේ මේ වගේ තොරතුරු තියනවා නම් පල්ලියෙ ඉන්න පියතුමන්ලගෙ වගකීම තමයි ඒක පොලිසියට භාර දෙන එක. නැතිව ඒක මාධ්‍යයට දුන්නට පස්සෙ ඒකෙ ඉන්න පුද්ගලයන්ට පුලුවන් හැංගිලා ඉන්න. අපිට හොයන්න හම්බවෙන්නෙ නෑ“

“ඇපලෝ එකේ බෝම්බෙ තිබ්බ කෙනයි මේකෙ බෝම්බෙ තිබ්බ කෙනයි පිටුපස්සෙ ඉන්න මහමොළකාරයා හොයන්න අවශ්‍යයයි . ඇත්ත වශයෙන්ම මේක සම්පූර්ණයෙන්ම රජයට සහ පොලිසියට  අපකීර්තිමත් තත්වයක් ඇති කරන්න හදපු කුමන්ත්‍රණයක් හැටියට අපි දකින්නේ.

හිරු පුවත් සේයය මේ ප්‍රකාශය වාර්තා කර තිබුණේ මේසේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ඉල්ලූ ණය සහන දෙන්න චීනෙ සූදානම් නෑ

Next Post

මධ්‍යම පළාත්සභාවේ ප්‍රධාන මාධ්‍ය නිලධාරියා විගණනයෙන් නිරුවත් වේ…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.