-
දුර ගමන් සේවා බස් රථවල රියදුරන් නින්ද යෑම වළක්වන්න කෘත්‍රිම බුද්ධිය යොදාගත් තාක්ෂණික පද්ධති…
-
මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටසේ වැඩ ආරම්භය මාස 02ක් තුළ..
-
චීන රජය සමග හෝ දේශීය අරමුදල්වලින් මධ්‍යම අධිවේගයේ වැඩ නිම කරන්න සැලසුමක්…
-
හදන සෑම මාර්ගයකටම අවුරුදු 12ක ගැරන්ටියක්…
-
දුර ගමන් සේවා බස් රථ නවත්වන ආපන ශාලාවලට ප්‍රමිතියක් හඳුන්වා දෙන්න ලෑස්තියි….
යහපත් සුරක්ෂිත පොදු ප්‍රවාහන සේවයක් සහතික කිරීම සඳහා බස්රථවල ප්‍රමිතිය, මාර්ග පද්ධතිය, රියදුරුවරුන් සම්බන්ධව අධීක්ෂණය, දුර ගමන්වාරවලදී යොදා ගන්නා ආපනශාලාවල ප්‍රමිතිය ඇතුළ ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට මෙන්ම ක්ෂේත්රයේ දැනට පැන නැගී ඇති ගැටලු විසඳා කාර්යක්ෂම සේවාවක් ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ ජාතික ගමනාගමන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
රටේ සියලුම පොදු ප්‍රවාහන සේවා පද්ධතියක් ලෙස ගෙන නියාමනය කිරීමේ අනාගත සැලැස්ම ගැනන ඇමතිවරයා හෙළිදරවු කළේය. රජයේ ප්‍රවාහන සේවා, පුද්ගලික ප්‍රවාහන සේවා, පාසල් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා, ත්‍රී රෝද, ටැක්සි ඇතුළු සමස්ථ මහජන ප්‍රවාහන සේවාවක්ම නියමිත අධීක්ෂණයට ලක් කිරීමේ සැලසුම ගැන ඇමතිවරයා කීවේය. එමෙන්ම විශේෂ කාරණා කීපයකට මෙහිදී අවධානය යොමු වූයේය.
“ගැරඬිඇල්ල බස් රථ අනතුරෙදිත් අපි දැකපු දෙයක් තියනවා යම් කිසි සාධකයක් ඒ බස් රථය විවේක ගන්න නතර කරපු ආපන ශාලාවේ විවේක ගන්න නතර කරපු කාල සීමාව පිළිබඳවත් වාර්තා වෙලා තිබෙනවා.”
“එම ආපනශාලාවල ප්‍රමිතිය පිලිබඳ ප්රශ්නය බස්වල ගිහින් තියන හැම කෙනාම දන්නවා. ඒ නිසා අපට මේකෙන් අවස්ථාව ලැබෙනවා දුර ගමන් සේවා බස් රථ නතර කරන ආපනශාලා අත්‍යාවශයයි. ඒවා අනිවාර්යයෙන් තිබිය යුතුයි. නමුත් එ්වා යම් කිසි ප්‍රමිතියකට සකස් කිරීම පිළිබඳව බලයක් ලැබෙනවා මේ පනතින්”
ඇමතිවරයා පැවසුවේය.
රියදුරන්ට නින්ද යෑම හේතුවෙන් ඇතිවන මාරක අනතුරු තුරන් කිරීම සඳහා මාස 02ක් යන්නට පෙර දුර ගමන් සේවා බස් රථ 40ක් සඳහා කෘතිම බුද්ධිය( AI)යෙන් පාලනයවන විශේෂ පද්ධති 40ක් සවි කරන බව ඇමතිවරයා අද හෙළි කළේය. මෙම ව්‍යාපෘතිය නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන බවත් ලෝකයේ අනෙක් රටවල මෙවැනි තාක්ෂණයන් මගින් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන ඇති බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේ එය සාර්ථක වනු ඇතැයි දැඩි වශ්වාසය පල කරමිනි.
රිය අනතුරු අවම කරගැනීම සඳහා හොඳම මාර්ගය පද්ධතියක් අවශ්‍ය බව කී ඇමතිවරයා ග්‍රාමීය මාර්ග මාර්ග පද්ධතිය ගොඩ නගන බවත් රජය මැදිහත්වී ගොඩනගන සියලුම මාර්ග අඩුම තරමින් අවුරුදු 12ක් වගකීමක් සහිතව ගොඩනැගීමේ ප්රතිපත්තියකට රජය අනුගතව ඇති බවත් ඇමතිවරයා පැවසුවේය.
එමෙන්ම හොරකමක් ඛේදවාචකයක් වී රුපියල් බිලියන 50කට වඩා විනාශ වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස මාස දෙකක් ඇතුළත ආරම්භ කරන බව කී ඇමතිවරයා ඒ සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව හෙළි කළේය.
එමෙන්ම චීනය සමග සාකච්ඡා කර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස චීන අරමුදල් මගින් හෝ දේශීය අරමුදල් මගින් ආරම්භ කිරීමට රජය සූදානම් බවත් ඇමතිවරයා කීවේය.







