සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොට්සිටියට එරෙහි පෙත්සම් 19 ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සලකා බැලීම හෙට

by editor
අප්‍රේල් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම් 19ක් හෙට දින (19) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලැයිස්තු ගත කර තිබේ.

මෙම විශේෂ පෙත්සම්  විභාග කිරීමට අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.  එම පෙත්සම් හෙට   පෙරවරු 10 ට ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවේ දී සලකා බැලීමට නියමිතය .

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය , විනිසුරු බුවනෙක අලුවිහාරෙ , විනිසුරු  ප්‍රියන්ත ජයවර්ධන, සහ විනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ විනිසුරු ජනක් ද සිල්වා  යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමට නියමිතය .

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා මේ වන විට සමගි ජනබලවේගය , ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය , ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශවයන් කිහිපයක් විශේෂ පෙත්සම් කිහිපයක් ගොනු කර ඇත .

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඒ අනුව සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බංඩාර , එම පක්ෂයේ මහලේකම් හර්ෂණ රාජකරුණා, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ,  එක්සත් ජාතික පක්ෂයේ සභාපති  වජිර අබේවර්ධන, එජාප මහලේකම්  පාලිත රංගෙ බණ්ඩාර , එජාපයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන්  මහමැතිවරණයට තරග කළ ඕෂල හේරත් , වෛද්‍ය අජන්තා පෙරේරා , ජෙරන් ජගතීසන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් , එහි ලේකම් නීතිඥ රජිව් අමරසූරිය , ඉන්ජිනේරු කපිල රේණුක පෙරේරා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක පාක්‍යසෝති සරවනමුත්තු, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය   ඇතුළු පාර්ශවයන් 19 ක් මෙම පෙත්සම් මෙම පෙත්සම් ගොනු කරන ලදී .

මෙම පනත් කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාරිලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් හෝ ජනමත විචාරනයකින්  සම්මත විය යුතු බවට ප්‍රකාශ කරන ලෙසට පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  ඉල්ලා සිටියි.

මෙම පනත් කෙටුම්පතෙහි 6(1) වගන්තිය අනූව වරාය නගරය තුළ සිදුවන ආයෝජන , ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය වරාය නගර ආර්ථික කොමිසම වෙත පමණක් පැවරීමෙන් රටේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථික සුරක්ෂිතතාවයට බරපතළ තර්ජනයක් බව පෙත්සම්කරුවන්  පවසා සිටියි.

මෙම පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති මගින් එහි සේවය කරන සේවකයින්ට වීසා නිකුත් කිරීම ඇතුළු අනුමත කිරීම් සිදු කිරීමට මෙම ආර්ථික කොමිසම වෙත බලය හිමි වීම ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව පෙත්සම්කරුවන්  තවදුරටත් පවසා සිටියි.

මෙම පනත් කෙටුම්පත පසුගිය මාර්තු මස 23 දා ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති බවත් එය පසුගිය අප්‍රේල් මස 8 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් පෙත්සම්කරුවන්  පවසා සිටියි .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පළාත් සභා වල අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බව පෙත්සම්කරුවන්  පවසා සිටියි .

  • නෙත් –
Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය ධීවර ප්‍රශ්නයේ දී වටේ ගිය ඩග්ලස්ට උතුරේ දී විශ්වාස භංගයක් සම්මත වෙයි…

Next Post

මියන්මාර් අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 12ක් නිදහස්

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.