ඉඳුනිල් කහටපිටිය –
පේරාදෙණිය සෙනරත් පරණවිතාන කෞතුකාගාරයේ තිබූ මිල කළ නොහැකි පුරාවස්තු ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරියේ ද දැනුම්වත්වීම සහිතව සොරකම් කිරීම පිළිබඳව විශේෂ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (08) අරඹා තිබේ.
අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට මෙම කෞතුකාගාරයේ පැවති මිල කළ නොහැකි කෞතුක වටිනාකමක් සහිත ඇත්දළ මුවා කැටයම් නිර්මාණ 09න් 05ක්ම අතුරුදහන් වී ඇත.
ඊට අමතරව පුරාණ පුස්තක, වෙනත් කෞතුක භාණ්ඩ අස්ථානගතවීම්, ඇතුළු සෙනරත් පරණවිතාන කෞතුකාගාරයේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ ලැබී ඇති නිශ්චිත තොරතුරු මත පදනම්ව බව වාර්තා වේ.
මෙම ජාතික අපරාධයට හිටපු උපකුලපතිවරුන් සහ ඇතැම් ප්‍රබල දේශපාලනඥයින්ගේ සම්බන්ධතාවයක් තිබේද යන්න පිළිබඳව ද විමර්ශකයින්ගේ අවධානයට යොමු වී ඇත.







