අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණිය සරසවියෙන් නිර්මාණය වුණු සූර්ය බලයෙන් බල ගැන්වූ ඊ ත්‍රීවිල් එක…

by editor
මාර්තු 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්ධන නොමැතිව ධාවනය කළ හැකි ඉලෙක්ට්‍රොනික ත්‍රීවීල් රථයක් ( e -Wheeler) නිර්මාණය කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහචාර්යවරුන් වන ජනක ඒකනායක සහ ලිලන්ත සමරනායක   ඇතුළු කණ්ඩායමක් සමත්ව ඇත.

සූර්ය බල ශක්තියෙන් ආරෝපණය කළ හැකි බැටරියක් මගින් ක්‍රියාත්මක එන්ජිමක් රහිත ඉලෙක්ට්‍රොනික ත්‍රීවීල් රථය සාමාන්‍ය ත්‍රීවීල් රථයක ගමන් වේගය ඇතුළු සෙසු පහසුකම් සියල්ලෙන්ම සමන්විත බව මහචාර්ය ලිලන්ත සමරනායක   කීය. බැටරිය එක්වරක් ආරෝපණය කර කිලෝ මීටර 60 ක පමණ කාලයක් අඛන්ඩව මෙය ධාවනය කළ හැකි බවත් වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීමේදී තවත් පහසුකම් අන්තර්ගත කිරීමේ හැකියාව තිබෙන බවත්  ඔහු  ප්‍රකාශ කළේය.

සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික කාර් රථවල ලිතියම් බැටරිය ආරෝපණය කිරීමට අවම වශයෙන් විනාඩි 20 ක පමණ කාලයක් ගතවන බවත් මෙම ත්‍රිරෝද රථයේ බැටරිය ඉවත්කර ඒ වෙනුවට ආරෝපණය කළ බැටරියක් යෙදීමේ හැකියාව ඇති නිසා බැටරි ආරෝපණය කිරීමට අමතර කාලයක් වැය නොකර ත්‍රිරෝද රථය ධාවනය කළ හැකි බවත් ඔහු පැවසුවේය.
ඉන්ධන භාවිතයක් නැති නිසා ආර්ථික අතින් ප්‍රතිලාභයක් මෙන්ම පරිසර දූෂණයක්ද මෙමගින් සිදු නොවන බව හෙතෙම ප්‍රකාශ කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙරට ධාවනය කෙරෙන ත්‍රීවීල් රථ ප්‍රමාණය සැලකීමේදී එක් ත්‍රිරෝද රථයක් දිනකට එක් ලීටරයක් ලබා ගන්නා බවට අනුමාන කළත් ඉන්ධන ලීටර් ලක්ෂ 20 ක් අවශ්‍යය බවත් මේ නිසා අලුතින් ත්‍රිරෝද රථ ධාවනයට එක් කරනවාට වඩා තමන් සැලකිලිමත් වූයේ පවතින ත්‍රිරෝද රථ ඊ ත්‍රීවීල් බවට පත් කිරීම බවත් මහචාර්යවරයා පැවසුවේය.

“මේකේ බැටරිය මාරු කිරීම ගෑස් සිලින්ඩර් හුවමාරු වන ක්‍රමයට සකස් කර තිබෙනවා.   සේවා මධ්‍යස්ථානයකට ගොස් තමන් ළඟ ඇති බැටරිය බාරදී ආරෝපිත නව බැටරියක් ලබාගත හැකියි. “ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ පිළිබඳ කවුන්සිලයේ අධ්‍යක්ෂ මහචාර්ය ජනක බණ්ඩාර ඒකනායක   කීය.

“මේක සම්පූර්ණයෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නිර්මාණයක්“ ඔහු වැඩිදුරටත් කීවේය.

මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය එම්.ඩී ළමාවංශ  කීවේ  ලෝකයේ සිදුකෙරෙන පරීක්ෂණ වලින් නිපැයුමක් ලෙස සමාජයට දායදවන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බවය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය සෑම විටම රටේ පවතින අර්බුද වලට විසඳුම් ලබාදීමට උනන්දු වන බව උපකුලපතිවරයා ප්‍රකාශ කළේය.
කොවිඩ් මුව ආවරණය ඊට කදිම උදාහරණයක් බවත් ඒ සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිව තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අබලි යකඩ කන්ටේනරයක   රුපියල් මිලියන 6000ක කොකේන්…

Next Post

අර්බුදය විසඳගන්න සියලු දෙනා එක්වන්න

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.