ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමේ සූදානමින් කොළඹ වරායට රැගෙන පැමිණි අබිලි යතඩ අඩංගු කන්ටේනර් 4කින් එකක තිබී කොකේන් කිලෝ 350 ක් රේගුව විසින් අද සොයා ගත්තේය.
ජාත්‍යන්තරව ලද තොරතුරකට අනුව මෙම කොකේන් තොගය සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 6000 ඉක්මවන බවයි සඳහන් වන්නේ.
පේරු රාජයේ සිට ගමන් ආරම්භකල නෞකාවකින් මෙම යකඩ තොගය අඩංගු කන්ටේනර් මෙරටට රැගෙනවිත් තිබේ. එම නෞකාව රටවල් රැසක වරායන්වෙත ගොස් ඇති බැවින් මෙම කන්ටේනරය කුමන වරායකින් පැටෙව්වාදැයි මේ වන විට සොයා බලමින් සිටින බව රේගු ව සඳහන් කරයි.
මෙම කන්ටේනර් හතරේම ඇත්තේඉන්දියාවේ එකම ලිපිනයකි. ඒ සම්බන්ධයෙන් ඉන්දියාවද දැනුවත්කිරීමට පියවර ගන්නා බව රේගුව සඳහන් කළේය.