සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්බුදය විසඳගන්න සියලු දෙනා එක්වන්න

ජනපති සර්ව පාක්ෂික සමුළුවට කියයි

by Lankasara News
මාර්තු 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කෙටිකාලීන හා දිගුකාලීන උපායමාර්ග වෙත අවතීර්ණ වෙමින් ස්ථාවර තත්ත්වයකට ආර්ථිකය රැගෙන ඒමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

සර්ව පාක්ෂික සමුළුව ආරම්භ කරමින් අද (23) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතාලෙයි පුලිකල්, එක්සත් ජනතා පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි, යන දේශපාලන පක්ෂ නායකයෝ සහ නියෝජිතයෝ සමුළුවට එක්ව සිටියහ.

ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහ අතුරලියේ රතන හිමි හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින් සමුළුවට සහභාගී වූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සඳහා යෝජනා සහ අදහස් අපේක්ෂාවෙන් සමුළුව කැඳවා තිබිණ. පක්ෂ නායකයෝ සහ නියෝජිතයෝ සිය යෝජනා ලිඛිතව හා වාචිකව සභාවට ඉදිරිපත් කළහ. රටත් ජනතාවත් වෙනුවෙන් සිය උපරිම දායකත්වය සහ කැපවීම සර්ව පාක්ෂික සමුළුවට ඉදිරියේ දී ලබාදෙන බව ද පක්ෂ නායකයෝ සහ නියෝජිතයෝ කියා සිටියහ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වත්මන් ආර්ථික තත්ත්වය සමුළුවට ඉදිරිපත් කළේය.

සර්ව පාක්ෂික සමුළුව අවංක ප්‍රයත්නයකි. කිසිඳු දේශපාලන වාසි අපේක්ෂාවක් හෝ පටු අරමුණක් ඒ තුළ නොවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. රජය කළ ආරාධනය ජාතික අවශ්‍යතාවයක් ලෙස හඳුනාගනිමින් සහභාගී වූ සියලුම පක්ෂවලට ස්තූතිය පිරිනැමූ ජනාධිපතිතුමා සහභාගී නොවූ සෙසු පක්ෂවලට සිය ස්ථාවරය සර්ව පාක්ෂික සමුළුව හමුවේ ප්‍රකාශ කිරීමට අවස්ථාව ඇති බව පැවසීය. ඉදිරිපත් කළ සියලු අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඵලදායී යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පිහිටුවීමට හැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය සරසවියෙන් නිර්මාණය වුණු සූර්ය බලයෙන් බල ගැන්වූ ඊ ත්‍රීවිල් එක…

Next Post

අපේ තරුණයන්ට කොරියා රැකියා දොර දෙගුණයක් පුළුල් කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.