අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණිය රෝහලේ මිය ගිය තරුණියගේ මරණයට හේතුව කලාතුරකින් ඇතිවන අසාත්මිකතා කම්පනයක් …. රෝහල් අධ්‍යක්ෂ කියයි!

Peradeniya Hospital Rules Out Medication Error as Cause of Patient's Death from Anaphylactic Shock

by editor
ජූලි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

උදරාබාධයක් හේතුවෙන්  පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ 21 හැවිරිදි තරුණිය මියගොස් ඇත්තේ ලබා දුන් ඖෂධයේ වරදක් නිසා නොව,  ඉතාම කලාතුරකින් සිදුවන අසාත්සමිකතා කම්පනය (Anaphylactic shock) හේතුවෙන් බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක් වෛද්‍ය අර්ජුන් තිලකරත්න අද (13) පැවසුවේය.

වෛද්‍යවරයා කීවේ තරුණියට කිසිදු ප්‍රමාදයකින් තොරව නිසි ප්‍රතිකාර අවශ්‍ය නියමිත අයුරින් ලබා දි ඇති බවය. රෝගියා රෝහලට ඇතුළත් කළ මොහොතේ සිට සිදුකළ ප්‍රතිකාර වලට අදාළ වාර්තා සියල්ල එකින් එක පරීක්ෂා කර බැලූ බවත් ඒ කිසිවක වැරදීමක් හෝ අධිමාත්‍රා ලබා දීමක් සිදුකර නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

රෝගී තරුණියට ලබා දි ඇති  සෙෆ්ට්‍රිඇක්සෝන් නැමැති ප්‍රතිජීවික ඖෂධය රෝහලේ නිතර භාවිතයට ගන්නා එකක්  බව  පෙන්වා දුන් රෝහල් අධ්‍යක්ෂවරයා පසුගිය කාලය තුළ එම එන්නත් කුප්පි 2700 ක් රෝගීන්ට ලබා දී තිබෙන බවත්,  එකම කාණ්ඩයට අයත් මෙම ඖෂධය ලංකාව පුරා රෝහල් වලින් රෝගීන්ට ලබාදෙන නමුත් කිසිම සිද්ධියක් මෙතෙක් වාර්තා නොවුන බවත් හෙළි කළේය.

තරුණියගේ මරණයට හේතුව මෙම ඖෂධය නමුත් ඉතා කලාතුරකින් සිදුවන අසාත්මිකතා කම්පනය මරණයට හේතුව බව ඔහු කීවේය.

රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීවේ මරණය සම්බන්ධ පසු විපරමේ දි මේ තත්ත්වය හෙළිදරව් වුව ද මරණ පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් නිශ්ඡිත නිගමනයට පැමිණිය නොහැකි බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම  මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ   විවෘත තීන්දුවක් ලබා දී රුධිරය, පටක හා ආහාර සාම්පල පරීක්ෂණ සඳහා යොමුකර තිබෙන බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

“එක් එක් පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පවතින යම් යම් වෙනස් කම් නිසා අසාත්මිකතා ඇති වෙන්න පලුුවන්.  මෙතනදි වෙලා තියෙන්නේ  රෝගියාට නිර්දේශ කළ එන්නත මාත්‍රාව එකවර ලබා දීමට හැකි සිරින්ජරයක් නොතිබීමයි. ඒ නිසා  දෙවරක දී අදාළ මාත්‍රාව ලබා දී තිබුණා. ඒ මගින්  රෝගියාට කිසිදු බලපෑමක් ඇති වෙන්නේ නෑ.”

“පළමු මාත්‍රාව ලබාදෙන අවස්ථාවේ රෝගියා අත රිදෙන බව ප්‍රකාශ කර තිබෙනවා.  නමුත් ඇය තුළින් අසාත්මිකතා ලක්ෂණ දක්නට ලැබී නෑ….  එම ලක්ෂණ දක්නට ලැබී ඇත්තේ එන්නත් මාත්‍රාව සම්පූර්ණ කිරීම සඳහා දෙවන වර එන්නත ලබා දිමෙන් පසුයි….”  රෝහල් අධ්‍යක්ෂවරයා පැහැදිලි කිළේය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග අංශයේ ප්‍රධානී,මහචාර්ය උදය රළපනාවය. ඔහු මාධ්‍ය ඉදිරියේ මෙසේ සිය පැහැදිලි කිරීම සිදු කළේය.

“උදරාබාධයක් සමඟ වමනය සහ බඩඑළිය යෑමේ තත්ත්වය සමඟ තමයි රෝගියා  රෝහලට ඇතුළු කළේ.  රෝගියා ගේ ශරීර අභ්‍යන්තරයට ක්ෂුද්‍ර ජීවීන් මගින් ඇතිකර තිබෙන බලපෑම කොයි ආකාරද යන්න මැන බැලීමට පරීක්ෂණයක් කළා. එහි   CPR අගය මෙම රෝගියාගේ 270 ක පමණ අගයක තිබුණා.    සාමාන්‍ය තත්ත්වයේ පසුවන අයෙකු ගේ එම අගය තිබිය යුත්තේ 06 ට අඩුවෙන්.”

“ශරීරය තුළ බැක්ටීරියා ආසාදනයක ලකුණු තිබෙන අවස්ථාවක ප්‍රතිජීවක ඖෂධ නියම කරනවා.   අදාළ ඖෂධ මාත්‍රාව හෙද සොහොයුරිය විසින් ලබා දී තිබෙන්නේ ඒ අනුවයි.  “

“දැඩි අසාත්මිකතාව නිසා ඇතිවන කම්පනයක් නිසා මෙම දැරියගේ මරණය සිදුවන්නට ඇතැයි සැක කරනවා.” විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ ගන්න වෙන් වී ඇති බිලියන 67ක මුදලින් හදිසි මිලදී ගැනීම් එපා… GMOA ඇමතිගෙන් ඉල්ලයි!

Next Post

නදීෂා උපන් බිම රනින් සරසයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.