ශ්‍රියානි විජේසිංහ –
ඖෂධ මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් ලැබී ඇති රුපියල් බිලියන 67ක මහජනතාවගේ බදු මුදලින් හදිසි මිලදී ගැනීම් නොකර සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් ඖෂධ මිලදී ගැනීමට කටයුතු කර ජනතාවට සාධාරණය ඉටුකරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරයි.
හදිසි මිලදී ගැනීම්වලින් සිදුවන්නේම හොරකම බැවින් එසේ හදිසි මිලදි ගැනීම්වලට ගියහොත් නැවතත් අපට ගෙන්වීමට හැකිවන්නේ බිලියන 20ක වටිනාකමින් යුතු ඖෂධ පමණක් යැයිද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේය.
පසුගිය දෙසැම්බර් මාසයේදී සෞඛ්‍ය ඇමතිවරයා සමග කරන ලද කතාබහේදී ඔහු පවසා සිටියේ මාස 6ක් වැනි කාලයක් තුළ හදිසි මිලදිගැනීම් නතර කරන බව වුවද මේ වන විට මාස 7කුත් පසුව ඇති නමුත් හදිසි මිලදී ගැනීම් නතර කිරිම කෙරෙහි කිසිදු උත්සාහයක් නොමැති බව යැයි වෛද්‍ය අලුත්ගේ පැවසුවේය.
දැනට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ ඖෂධ සංස්ථාවේ චෝදනා එල්ලවී ඇති නිලධාරීන් ඉවත් කර නිවැරදිව කටයුතු කළ හැකි නිලධාරීන් පිරිසක් එම ආයාතන වෙත අනුයුක්ත කර වංචා දූෂණය නතර කිරීීමට අවශ්‍ය තීන්දු තීරණයන් එඩිතරව ගැනීමට කටයුතු කරන්නැයිද හෙතෙම ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.