දිනසේන රතුගමගේ –
මුලතිව් කේපාපිලව් සූරීපුරම් ප්‍රදේශයේ නිවසක ඉතා රහසිගත ලෙස පවත්වා ගෙන ගිය තුවක්කු නිෂ්පාදනය කිරීමේ කම්හලක් මුල්ලියාවලෙයි පොලීසිය විසින් ඊයේ (04) වටලා එහි අයිතිකරු අත් අඩංගුවට ගෙන තිබේ.
36 හැවිරිදි මෙම පුද්ගලයා ඉතා කෙටි කලක් කොටි සංවිධානයේ සේවය කොට රජයේ පුනරුත්ථාපන වැඩ සටහන යටතේ පුනරුත්ථාපනය වූ අයෙකි.
අවි නිපදවීම හා හැසිරවීම පිළිබඳව මනා පුහුණුවක් ඇති ඔහු විසින් නිපදවනු ලබන තුවක්කු රුපියල් 50,000 සිට 100,000 දක්වා වූ විවිධ මිල ගණන් වලට ඔහු අලෙවි කොට තිබේ.
පොලීසිය මෙම තුවක්කු කම්හල වටලන ලද අවස්ථාවවන විටත් ඔහුගේ කම්හලේ නිෂ්පාදනය කරණ ලද තුවක්කු කොටස් කීපයක්ම තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරුව මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මුල්ලියාවලෙයි පොලීසිය පියවර ගෙන තිබේ.







