කීර්ති ප්‍රනාන්දු –
අමාත්‍ය ධූර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු එම අමාත්‍ය ධූර භාරගෙන ඇත්තේ පක්ෂයෙ කිසිම අනුමැතියකින් තොරව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත්තේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත වන්නේනම් පමණක් ආණ්ඩුවේ තනතුරු භාරගෙන සහාය ලබා දීමට පමණක් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
එසේ තිබිය දී තමන්ගේ පුද්ගලික ලාභ අපෙක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් ඇමති ධූර භාරගෙන ඇති බව ද එය ඉතා පිළිකුල් සහගත බව ද පක්ෂය ප්‍රකාශ කරයි.
එම නිවේදනය පහත දැක්වේ.








