පළාත් පාලන ආයතන 340ක් සඳහා නාමයෝජනා භාර ගැනීමට අදාළ දැන්වීම් අද (04) දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ප්‍රකාශ කළේය.
නාමයෝජනා භාර ගැනීමට අදාළ මෙම දැන්වීමේ නාමයෝජනා භාර ගන්නා දින තුනහමාරක කාල සීමාව, අපේක්ෂකයන් සංඛ්‍යාව, කාන්තා අපේක්ෂකයන් සංඛ්‍යාව, තැන්පත් කළ යුතු ඇප මුදල ආදී කරුණු දැක්වෙනු ඇත.
නාම යෝජනා භාර ගැනීම හෙට දිනයේ සිට දින 14කින් පසු සිදුකිරීමට නියමිතය.
නාමයෝජනා භාරගැනීම දින තුන හමාරක කාලයක් සිදුකෙරෙන අතර අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා පැවසුවේය.







