-
ඔහු පාස්කු ප්‍රහාරය ගැන කිසිම දෙයක් දන්නේ නෑ….
-
නැගෙනහිර උපකුලපතිවරයා අතුරුදහන් වීම සම්බන්ධව ඔහුට තියන චෝදනාව ගැන ඔහු දැනගෙන හිටියෙවත් නෑ…
-
පිල්ලෙයාන්වත් තමන් ගැන කිසිම දවසක නොකියන පිල්ලෙයාන් ගැන ගම්මන්පිල කියන කතාව අහලා යන්න…
ශිවනේශතුරන් චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් සැබෑ දේශප්‍රේමියෙක් බව නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල අද මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේය. ඔහු අද මාධ්‍ය හමුවේදී කැට දමා ප්‍රකාශ කළේ පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව වචනයක් හෝ ප්‍රකාශ කර නොමැති බවය.
මම පිල්ලෙයාන් සමග විනාඩි 30ක් පමණ කතා කළා. ඒ අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් 04 දෙනෙක් අප දෙදෙනාට සවන් දෙමින් රැඳී සිටියා. පිල්ලෙයාන් කියන්නේ කොටි ත්‍රස්තවාදය අත්හැරපු විතරක් නෙමෙයි, කොටි ත්‍රස්තවාදයට එරෙහිව අපේ මව්බිම වෙනුවෙන් සටන් කළ සැබෑ දේශ ප්‍රේමියේ බව අප කවුරුත් සටහන් කරගත යුතුයි.
අද මොකක්ද ඔහුට එරෙහිව තියන චෝදනාව. 2006 දෙසැම්බර් මාසයේ දී එවකට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උප කුලපති ධූරය දැරූ මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්ව අතුරුදහන් කළාය කියලා. මෙවැනි චෝදනාවක් පිල්ලෙයාන්ට තියන වගවත් පිල්ලෙයාන් දැනගෙන හිටියේ නෑ.
නමුත් මම ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ ශ්‍රී ලාංකික ජාතිය, ත්‍රස්ත විරෝධී ප්‍රජාව, සිංහල ජාතිය ගුණමකුවන් නොවන බව පෙන්වා දෙන්න. මා අද ඉටු කරමින් සිටින්නේ සමස්ථ ජාතියට කෙළෙහි ගුණයේ පාඩම සිහිපත් කිරීමයි. ”
එමෙන්ම උදය ගම්මන්පිල කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ශිවනේසතුරන් චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන්ගේ කිසිම සම්බන්ධයක් නැති බවය.
” මම පිල්ලෙයාන් හම්බවෙන්නේ අප්‍රේල් මාසයේ 13 වැනිදා. ඔහුගෙන් මා මේ පිළිබඳව ප්‍රශ්න කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ඔහු කිසිම වචනයක් කතා කරලා නෑ කියන එක අප්‍රේල් 13 වැනිදා ඔහු හම්බවුන පුද්ගලයෙක් විදිහට මා ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.
ඒ විතරක් නෙමෙයි. පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්න පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන මෙලෝ හසරක දෙයක් දැනගන්න විදිහකුත් නෑ. ඇයි?… 2015 සිට 2020 දක්වා අත් අඩංගුවේ සිටි අයෙක් 2019 සිද්ධවුන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කියලා කවුරු හරි කියනවා නම් ඔහුගේ මොළය මුලින් පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා.
විශේෂයෙන්ම පොලිසිය හදනවා තමන් නරියෙකු කියලා පිලිගන්නා තුරු හාවාට පහර දීමේ න්‍යාය භාවිතා කරලා පාස්කු මහ මොළකරුවෙක් බිහි කරන්න.
දේශපාලකයෙකුට සිය භාවිතාව ස්වකීය පැවැත්ම වෙනුවෙන් අවභාවිතා කළ හැකි ප්‍රමාණය පිළිබඳ මෑතකදී ප්‍රකාශිත කදිම නිදර්ශනයකි. පිල්ලෙයාන් හමුවීමට ගිය ගම්මන්පිලගේ සම්පූර්ණ කතාව පහත දැක්වේ.







