සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැහැරගෙන ගිය එප්පාවල පොඩිඑකාගේ අම්මා කියන කතාව…

අම්මලාගේ නොසැලකිල්ල දරුවන්ගේ ජීවිත වනසන හැටි...

by editor
දෙසැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 අනුරාධපුර තිසර සමල්  –

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවෙකු පුද්ගලයෙකු විසින් පැහැර ගෙන ගොස් ඇති බවට එප්පාවල පොලිසියට අදාළ දරුවාගේ මාපියන් විසින් පැමිණිල්ලක් සිදු කර ඇත.

මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ  අංක 16, ගැටදිවුල, කිරලෝගම ලිපිනයේ පදිංචි  පී.කේ දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නම්  නව හැවිරිදි පිරිමි දරුවෙකි. ඔහු කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිව් වන වසරේ  ඉගෙනුම ලබන සිසුවෙකි.

මෙම සිසුවා ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු  සමඟ මිතුරුව සිටි බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන යන්නට  ඇති බවට සැක කරන බවත් දරුවාගේ මව පැවසීය.

ඊයේ (19) රාත්‍රි 8.30 න් පමණ පසුව දරුවා නිවසේ නොමැති බවට දැනගෙන සොයා බැලුවද මෙතෙක් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොලැබුණ බව දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති මහත්මිය හඬා වැළපෙමින් පැවසූවාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මල්කාන්ති මහත්මිය කියා සිටියේ, ඊයේ (19) ගොඩක් වැස්ස, මගේ කකුලේ අමාරුවකුත් තිබුණා. මම ඊට පස්සේ ඔය  ඉලෙක්ටි‍රක් වැඩ කරන ප්‍රියන්ත මල්ලිට කිව්වා දරුවා පාසලට ගෙනිහින් දාන්න කියලා, එයා

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

‘හා අක්කේ ළමයා තෙමන්න බෑනේ මම ගෙනිහින් දාලා ආපහු ගෙනත් එන්නම්…’ කියලා කිව්වා. එයා දරුවාට හරි ආදරේ බවක් පෙන්නනවා. හැමදේම කරලා දෙනවා. දරුවා එක්කගෙන ගියා උදේ ඇවිත්.  හැබැයි ඉස්කෝලෙට දාලා නෑ දරුවා මං ඒක පස්සේ දැන ගත්තේ.

මගේ පුතා ඉලෙක්ටි්‍රක් වැඩවලට ආසයි. ඒකයි ඒකෙනා එක්ක මිතුරු. එයා එක්ක  එකතු වෙලා මේ රේඩියෝ හදලා තියෙනවා.  මට ඒ ප්‍රියන්ත කියන කෙනා කලින්  දවසක කිව්වා ‘සෙලින්කෝ එකේ තරඟයක් තියෙනවා. මෙයා ඔය හදන දේවල් ඒකට  ඉදිරිපත් කළාම සහතික දෙනවා, ඒවාට උදව් කරනවා කියලා කිව්වා.

ඊට පස්සේ පහුවදා  උදේ ඒ කියන්නේ ඊයේ (19) 6.00ට විතර මට කෝල් එකක් ආවා, දරුවාගෙන් විස්තර  ඇහුවා මේ උපකරණය කොහොමද හැදුවේ කියලා. පුතා ඒවට උත්තරත් දුන්නා. මට සැක  හිතුනා ඒ කථා කළේ ප්‍රියන්තමයි කියලා.

මට ඊට ටික වෙලාවකට පස්සේ ප්‍රියන්ත කථා කරලා ඇහුවා සෙලින්කෝ එකෙන් කථා කළාද කියලා?. මම ඒ වෙලාවෙත් එයාට කිව්වා ඔයාගේ කටහඬ ඇහුනේ කියලා. මට කටහඬ මාරු කරලා කථා කරපු විත්තියක් තේරුණා. සිග්නල් නැති හින්දා එහෙම ඇහෙන්න ඇත්තේ. මං එන්නම් ළමයා ඉස්කෝලේ දාන්න කියලා කිව්වා.

එයා කිව්වා 3.00 ට කලින් සෙලින්කෝ එකට  පුතා ඒ ඉලෙක්ට්‍රික් වැඩ කරන වීඩියෝ එකක්  සෙලින්කෝ එකට යවන්න ඕන කියලා.

පස්සේ ඉස්කෝලෙට දැම්මා කියලා කෝල්  එකකුත් දුන්නා. 2.10 ට විතර පුතා එක්කන්  ආවා කියලත් කෝල් කලා. ඊට පස්සේ අර  වීඩියෝ එක කරන ගමන් ඉන්නේ කිව්වා.

හා කියලා 3.30 ට ළමයා එක්කන් ආවා.  ඊට පස්සේ පුතා ගෙට ගිහින් පන්ති යන්න  ලෑස්ති වෙලා ආවා,  ඊට පස්සේ එයාම පුතාව පන්ති  දාලා ආපහු එක්කගෙනත් එන්නම් කිව්වා. හවස වහින්නත් වගේනේ කියලා කිව්වා.

එයාගේ වෙනසක් මට තේරුණේ නෑ. ළමයාට ආදරයට මේවා කරනවා කියලා මම හිතුවේ. 4.30 ට විතර තමයි පන්තිය ගාවට එයා ගිහින් තියෙන්නේ. පන්තියට ගිහින් කියලා තියෙනවා ළමයා අද එන්නේ නෑ, ළමයාට බඩේ අමාරුවක්, ලබන සතියේ ඉඳන් එන්නම් කියලා ළමයා කදුරුගස්වැව පැත්තට එක්කන්

ගිහින් තියෙනවා. ඊට පස්සේ 6.00 ට විතර කථා කරලා කිව්වා අක්කේ මං පන්තිය ළඟ ඉන්නේ, හරි පුතා එනවා මං එක්කන් එන්නම් කියලා කිව්වා. ඊට පස්සේ ළමයා අරගෙන ගෙදරට ආවා 6.30 ට විතර ඊට පස්සේ ප්‍රියන්ත කියන කෙනා දරුවා ගෙදරට දාලා මම දැක්කා ළමයාගේ ඔලුව අත ගාලා මොනවා හරි කියනවාත් මං දැක්කා. ඊට පස්සේ ප්‍රියන්ත යන්න ගියා,

මට කට්ටිය කිව්වා ළමයා මෙයා ගාවට යවන්න එපා කියලා. හැබැයි මේ ඔක්කොම මං වුණාට පස්සේ දැන ගත්තේ. ටීචර්ට කථා කළාට පස්සේ තමා මං දැන ගත්තේ පන්ති ගෙනිහින් නෑ කියලා. ඉස්කෝලේ සර්ට කථා කරාම දැන ගත්තේ ඉස්කෝලෙට ළමයා දාලත් නෑ කියලා.

ප්‍රියන්ත කිව්වා එයාගේ බිරිඳයි, දරුවෝ දෙන්නයි වැලිකන්දේ බෝම්බයකට අහුවෙලා මැරුණා කියලා.  ළමයි නැති ශෝකයට මෙයා මගේ දරුවාට ආදරේ කරන්නේ කියලා මම හිතුවා..ඊට පස්සේ කොහොම හරි ඊයේ (19) රෑ 8.30 ට විතර බලන කොට පුතා ගෙදර හිටියේ නෑ. හැම තැනම හෙව්වත් පුතා ගෙදර කොහෙවත් හිටියේ නෑ.

අර ප්‍රියන්ත කියන කෙනා රෑ අපේ ගේ ළඟ ත්‍රීවිල් එක නවත්තගෙන ඉන්නවා ඒ ළඟ ගෙවල්වල අය දැකලා තියෙනවා. අපි සැක කරන්නේම ප්‍රියන්ත තමයි දරුවා පැහැර ගෙන ගියේ.

දරුවා අතුරුදන් වුණාට පස්සේ ප්‍රියන්තගේ කඩේට ගිහින් බැලුවා. එයා හිටියෙත් නෑ. අපි ඊට පස්සේ අපි ප්‍රියන්ත පදිංචි තලාවේ ගෙදරට ගියා. එහෙත් නෑ. ඊට පස්සේ අපි 119 එකට පැමිණිලි කළා. එප්පාවල පොලිසියට ගිහින් අපි පැමිණිල්ලකුත් ඉදිරිපත් කළා.

තවම පුතා ගැන තොරතුරක් නෑ. මං වැඳලා ඉල්ලන්නේ මගේ පුතාව හොයලා දෙන්න කියලා. මගේ පුතා අවසානේට රතු ටී ෂර්ට් එකකුයි, දුඹුරු පාට දිග කළිසමකුයි ඇඳන් හිටියේ යැයි ඇය පැවසුවාය.

මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

දිවයින –

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රීඩා ඇමතිවරයාගේ ගැසට්ටුව නිසා විසිවීමට නියමිත ක්‍රීඩා සංගම්  ලොක්කන් ලැයිතුව මෙන්න…

Next Post

සැක සහිත කරුණු මත දිනේෂ් ෂාෆ්ටර්ගේ ජීවිතයේ සමීප සබඳතා ගැන විමර්ශකයින්ගේ අවධානය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.