ජනාධිපතිවරයාට ලියුමක් යවමින් අතිශය අවදානම් සහිත ආනයනියක බහාලුම් 323ක් හොර පාරෙන් පිටකළ බවට චෝදනා කරනු ලැබුවේ අනුර කුමාර ජනාධිපතිවරයා බලයට ගෙනා රේගු වෘත්තීය සමිතිය මිස විපක්ෂය නොවන බවත්, එම ප්රකාශ බොරුවක් නම් කොන්දක් සහිත ආණ්ඩුවක් ලෙස එම ප්රකාශය කර රට නොමග යැවූ වෘත්තීය සමිතිවලට දඬුවම් කරන ලෙසත් මුජිබර් රහුමාන් මන්ත්රීවරයා අද පාර්ලිමේන්තුව අමතමින් ආණ්ඩුවට පැවසුවේය.
මන්ත්රීවරයා මේ බව පැවසුවේ සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා විපක්ෂයට බහාලුම් ප්රශ්නය ගැන චෝදනා කරමින් මේ වනවිට වෘත්තීය සමිති සමග අවබෝධයකින් කටයුතු කරන බවට කළ ප්රකාශයට පිළිතුරු දෙමිනි.
එම වෘත්තීය සමිතිය ජනාධිපතිවරයා ඇති ආකාරයට පෙර රේගු වැරදි කළ ආනයන කරුවන් විසින් මෙම බහාලුම් ආනයනය කර තිබෙන ආකාරය ද මන්ත්රීවරයා හෙළිදරවු කළේය.
මුජිබර් රහුමාන් මන්ත්රීවරයා මෙසේ ද පැවසුවේය.
“රේගු වෘත්තිය මිතිය දැන් එකඟවෙලා වැඩකරගෙන යනවා කියලා සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා කිව්වා. විපක්ෂයට බැන්නා. බැනලා සංජීවගේ නමත් කිව්වා.
රේගු වෘත්තීය සමිති සන්ධානය ජනාධිපති තුමාට ලියුමක් යවනවා 2025.01.20 දා. එ් ලියුමේ ඒ ගොල්ල කියනවා දිගු ආනයනික බහාලුම් පෝලිමට මුවා වී රේගු අධ්යක්ෂ ජනරාල් විසින් අවදානම් කළමනාකරණ නිර්නායකවලට පටහැනිව බහාලුම් මුදා හැරීම සම්බන්ධයෙන්… කවුද මේ කියන්නේ රේගු සමිතිය. නැතිව මේ මම ගිහින් වරාය ලඟ ඉඳන් කන්ටේනර් බැලුවේ නෑ.”
“දැන් ඔය සංජීව තමයි මේ කියන්නේ. දැන් මේ කතාව බොරු නම් සංජීවට කියන්න එයා කිව්වේ බොරුවක් කියලා කියන්න කියලා. එයා තමයි කියන්නේ කෙන්ටේනර් 323ක් හොරට යවලා තියනවා කියලා. මේ ජනාධිපතිතුමාට යවපු ලියුම. ”
“මොනවද මේ කියන්නේ. එයා කියනවා මේ බහාලුම් 323 අවදානම් කළමනාකරණ අංශය විසින් රෙඩ් චැනල් යටතේ අවදානම් ලෙස හඳුනා ගනු ලැබූ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු බවට නිගමනය කළ බහාලුම් වීම…. එයා මේ ලියුමේ කියලා තියනවා. අන්තිමට අත්සන් කරලා තියනවා සභාපති, රේගු නිලධාරීන්ගේ සංගමය… ජී.ජේ.ඒ සංජීව.”
“වැරදි නම් සංජීවට කියන්නක මේ ලියුම ඉල්ලා අස්කරගන්න කියලා. එහෙනම් තමුන්නාසේලාගේ ආණ්ඩුව සංජීවට එරෙහිව විනය ක්රියාමාර්ග ගන්න. ඇයි මේ රටේ කෝලායහලක් ඇති කළේ කියලා. ඒක කියන්න. ඒක කියන්නේ නැතිව මෙතන ඇවිත් බයිලා කියලා හරියන්නෙ නෑ. ඒක කරන්න කොන්ද පණ නෑ. වෘත්තීය සමිතියට බයයි. අපට මෙතන චෝදනා කරනවා. අපි නෙමෙයි තමුන්නාසේලාගේ අනුර කුමාර දිසානායක ජනාධිපති කරන්න වැඩ කරපු රේගු සමිතිය තමයි මේ ලියුම ජනාධිපති තුමාට ගහලා කියන්නේ. ”
“ඒ විතරක් නෙමෙයි… එයා තව එකක් කියනවා මේ ලියුමේ. මේ බහාලුම් 323 ඇතැම් ආනයනකරුවන්ට සහ භාණ්ඩ නිශ්කාෂණය කරන ආයතනවලට රේගු වැරිදි සම්බන්ධව මීට පෙර අවස්ථාවලදී දණ්ඩන පමුණුවා තිබීම….”
“ඒ කියන්නේ මේ 323 ඉන්නවා පෙර වැරදි කරපු අය. ඒ හින්දා ගරු ඇමති තුමනි. අපට දොස් කියලා වැඩක් නෑ. තමුන්නාසේලාගේ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරවන්න. ඒ නිලධාරීන් බොරු කිව්වා නම් ඇක්ෂන් එකක්. විපක්ෂයේ මන්ත්රීවරුන්ට බැනලා වැඩක් නෑ. අපි ගිහින් රේගුව ලඟ ඉඳන් කන්ටේනර් ගැන්නේ නෑ. “







