අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැටවා මළ සොවින් ගල්ඔය පොලිසිය ඉදිරිපිට කඳුළු සලන අලි අම්මා… අම්මලා එහෙමයි!

ඒ අලි අම්මා වෙනුවෙන් ගල්ඔය අම්මලාත් හඬා වැටෙනවා...

by editor
දෙසැම්බර් 9, 2021 - Updated on දෙසැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චාපා මධුභාෂිණි-

  • පැටියට අවුරුදු දෙකයි…  ගල්ඔය දි කෝච්චියෙ හැප්පිලා මිය ගියේ පසුගිය 22 දා

  • වනජීවී නිලධාරීන් පැටවා වළ දැමූ තැනට එදා සිට එන අලි අම්මා මහ හඬින් හඬමින් ගත කර ගල්ඔය පොලිසිය ලඟට ඇවිත් කඳුළු සලමින් නිසොල්මනේ බලාගෙන ඉන්නවා…

  • උදේ දරුපැටවු සෙල්ලම් කරන දිහා ඈත කෙළවරක සිට බලාගෙන ඉන්නවා.. පන්නන්න හැදුවොත් කෝප  වෙනවා…

  • ඊයේ ආවෙ නෑ… කෙනෙරක් ගල්ඔය දි කොච්චියට හැපිලා කියලා ආරංචියි… අනේ මේ අම්මද දන්නෙ නෑ..

  • ඒ අලි අම්මා….

දුම්රියන ගැටී මිය මියගිය අවුරුදු දෙකක් වයසැති අලි පැටවා වළ දැමු ස්ථානට දිනපතා පැමිණ   මහා  හඬින් විලාප නඟා පැය ගණනක් එතැන ගත කර, පසුව ගල්ඔය පොලිසියට අසලට ගොස් තමන්ට වූ  සේ නිසොල්මනේ රැඳී සිටිමින් නැවත වනයට යන අලි අම්මා කෙනෙක් පිළිබඳ හද කකියවන පුවතක් ගල්ඔයෙන්  වාර්තා වෙනවා.

“අනේ එහෙම ඉන්න වෙලාවට ඒ අම්මගෙ ඇස්වලින් කඳුළු බේරෙනවා..“ එහෙම කියන්නෙ සිද්ධිය ඇහෙන් දැකපු මිනිස්සු..

මඩකළපුවේ සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගැටී ගල්ඔය ප්‍රදේශයේදී ඉකුත් 22 අළුයම 12.30 පමණ   අවුරුදු දෙකක් වූ මේ අලි පැංචා මිය ගියා.    මියගිය අලි පැටවා හතරැස්කොටුව රෝහල ඉදිරිපිට වත්තේ වළ දැමීමට වනජීවී  නිළධාරීන් කටයුතු කළා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අනේ ඒ අලි අම්මා හැමදාම රෑ මේ පැටියා වළදාපු තැනට එනවා. එයා මහා හයියෙන් කෑ ගහනවා. ඒ සද්දෙ අහන් ඉන්න බෑ අප්පා. පපුව කඩාගෙන වැටෙනවා වාගේ…“ අලි අම්මාගේ වේදනාත්මක විලාපය ගැන ගල්ඔය අම්මා කෙනෙක් අපට කියන්නේ බොඳවෙලා යන දෙනෙතින්.

එසේ  කෑ ගසන අලි අම්මා මධ්‍යම රාත්‍රියේ ගල්ඔය පොලිසිය ඉදිරිපිට පිවිසුම් දොරටුව ආසන්නයට වී නිසොල්මනේ පොලිසිය දෙසම බලා සිටින ආකාරය පොලිස් ස්ථානාධිපති ජී.ජි.සී. ජයතිස්ස කියනවා.

“කිසිවකුටත් හිරිහැර නොකර යන්න කියලා ඉතාම කාරුණිකව කිව්වාහම    එතැනින් ඉවත්ව වෙලා ලඟ තියන ගහකට මුවා වී ආයෙත් පොලිසිය දිහා බලාගෙන ඉන්නවා..“

ඒත් අම්මෙක්නේ” පොලිස් ස්ථානාධිපතිවරයා මොහොතක් කතාව නවත්වනවා. ඔහුගේ හඬත් බෙහෙවින්ම සංවේදීයි.

.අලුයම 5.30 පමණ වන ඒ අම්මා  මේ අසල ඉන්නවා.  උදේ ඉස්කෝලෙ පිට්ටනියට ඇවිත් දරුවො සෙල්ලම් කරන විදිහ එයා ඈතට වෙලා බලාගෙන ඉන්නවා. “  පාසලේ ගුරුවරියක් කියන්නෙ එහෙම.

“කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ නිළදාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුම් එයාව පාසල් භූමියෙන් ඉවත් කරන්න කටයුතු කළා.“ දරුවෙකුගේ මවක් එසේ කියනවිට වනජීවි නිලධාරීන් කියන්නේ දරුවන් ගැවසෙන තැනෙන් ඇයව පන්නා දමන්නට හදනවිට ඇය දැඩි ලෙස කළහකාරීව හැසිරෙන බවයි.

අලි පැටියා මැරුණු දවසෙ ඉඳන් ඒ අම්මා ආවා. ඒත් ඊයේ එයා ආවෙ නෑ.“ මිනිස්සුත් ඇයව බලාපොරොත්තු වෙනවා වගේ. ඒත් ඒ එක්ක ඇහෙන කතාව මේ ලියන මා තිගැස්සුවා.

“හබරණ ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ තලපත්කන්දෙදි  බඩු ප්‍රවාහනය කළ දුම්රියක ගැටී කෙනරක් මරණයට පත්වුනා කියලා ආරංචි වුනා… අනේ ඒ මේ අලි අම්මද දන්නෙ නෑ….“ එක් අම්මා කෙනෙක් එහෙම කියනකොට මොහොතකට මගේ හුස්ම හිරවෙනවා වගේ දැනුණා.

මූලාශ්‍රය ලංකාදීප

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ මහ නගර සභා සීමාවේ වයස 30 ට වැඩි අයට ෆයිසර් බූස්ටර් මාත්‍රාව හෙට සිට!

Next Post

රටේ දූෂිතම ගඟ කැලණි ගඟ බව හෙළි වේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.