බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්පෝට් පෝලිම ඇති වුනේ ඊ පාස්පෝට් සේවාව කොමිස් පිට රනිල්ගේ යාලුවෙකුට දීලා ඇනගත්තු නිසා… විජිත හේරත් හෙළි  කරයි…

by editor
සැප්තැම්බර් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට රටේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධව පෝලිම ඇති වී තිබෙන්නේ කොමිස් ගනුදෙනුවක් මත පදනම්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිතවතෙක් වන ජිත් වර්ණකුලසූරියට අයත් ජස්ට් ඉන් ටයිම් සමාගම වෙත ලබා දුන් ඊ  -පාස්පෝට් සේවාවට අදාල වගකීම එම සමාගමට ඉටු කරගත නොහැකි වීම නිසා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් පැසුවේය.  

ඔහු මෙම හෙළිදරව් කිරීම කරනු ලබන්නේ අද (09) කොළඹ දී පැවති  ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව අමතමිනි. එහිදි විජිත හේරත් මෙසේ ද පැවසුවේය.

මේ ආණ්ඩුව අද පුරවැසියන්ට පාස්පෝට් එකක්වත් ලබා දෙන්න බැරි තත්වයකට පත් වෙලා සිටිනවා. එක පැත්තකින් පාස්පෝට් පෝලිම දික් වෙවී තිබෙන අතරේ අනෙක් පැත්තෙන් ලංකාවට එන විදේශිකයන් පවා රස්තියාදු කරමින්, වීසා පෝලිම දික්ගැසී තිබෙනවා.

පසුගිය කාලයේ සාමාන්‍ය පාස්පෝට් නිකුත් කිරීම වෙනුවට ‘ඊ-පාස්පෝට්’ සේවය ආණ්ඩුවෙන් හඳුන්වා දීම පිටුපස කොමිස් ගැසීමේ ජාවාරම නිසා සියල්ල අඩපණ කරලා. රනිල් වික්‍රමසිංහගේ හිතවතකු වන ජිත් වර්ණකුලසූරියට අයත් ‘ජස්ට් ඉන් ටයිම්’ සමාගමට මේ සම්බන්ධයෙන් ටෙන්ඩරය ලබා දී තිබුණා. ගිවිස ගත් පරිදි පසුගිය ජුනි මාසයේ සිට ඊ-පාස්පෝට් සේවාව ලබා දෙන්න සමාගම අපොහොසත් වීමෙන් පෝලිමක් ඇති වුණා.

රට එපා වී හැර යාමට 3,000ක විතර පිරිසක් දවසකට පාස්පෝට් ගන්න එනවා. නමුත්, ටෙන්ඩර් මගඩියත් එක්ක ‘ඔන්ලයින්’ ක්‍රමයට පාස්පෝට් දෙන්න ආණ්ඩුව තීරණය කළා. ඒ අනුව දවසකට නිකුත් කරන්නේ පාස්පෝට් 250-300 අතර ප්‍රමාණයක් පමණයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එහෙම තියෙද්දී, ඊ-පාස්පෝට් ලබා දීමේ ටෙන්ඩරය ලබා ගත් සමාගමටම සාමාන්‍ය ක්‍රමයට පාස්පෝට් නිකුත් කිරීමේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් පසුගිය සතියේ දී කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර තිබුණා. මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් කමිටුවක් පත් කර එහි නිර්දේශ මත බව කියමින්, පැරැණි ආකාරයෙන්ම පාස්පෝට් ලබා දෙන්න කැබිනට් අනුමැතිය ඉල්ලා තිබෙනවා. එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙන්නේ පිටු 48ක පාස්පෝට් එකක් ලබා දෙන්නයි. නමුත්, මුල දී තිබුණේ පිටු 64ක පාස්පෝට් එකක්.

මුල දී පාස්පෝට් ලබා දුන් සමාගමෙන් පාස්පෝට්  ලක්‍ෂ හතහමාරක් කඩිනමින් ලබා දීමට තීන්දු කර ඇති බව සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා ප්‍රකාශ කළා. නමුත්, කලින් ලබා දුන් සමාගමට ටෙන්ඩරය පිරිනැමුවා නම්, ප්‍රමාදයක් සිදු වන්නේ නැහැ. නමුත්, පිටු 64කට තිබූ පාස්පෝට් එක පිටු 48කට අඩු කිරීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලෝකයේ රටවල් 192කට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනෑ. ඒ අනුව එම රටවල අනුමැතිය ලබා ගන්න තවත් මාස දෙකක් පමණ ගත වෙනවා.

කැබිනට් පත්‍රිකාව අනුව පිටු 48ක පාස්පෝට් එක වෙනුවෙන් ඩොලර් 7.98ක මුදලක් වැය වන බව සඳහන් වෙනවා. රුපියල්වලින් ගත්තොත්, එක් පිටුවකට රුපියල් 31ක් වැය වෙනවා. නමුත්, පෙර තිබුණු මිල ගණන් අනුව වැය වෙන්නේ රුපියල් 5.99යි. දහස් ගණනක් පෝලිම්වල රස්තියාදු වෙන්නේ මේ මගඩිය නිසයි.

අද මේ සිදු කරන්නේ රටේ ඉන්න බැරි කර තිබෙන අතර, රටින් පිට වී යන්නත් ඉඩ නොදී හිර කර තිබීමයි. මේ තත්වය වහා වෙනස් කර මෙතෙක් කල් සාමාන්‍ය පාස්පෝට් ලබා දුන් ආකාරයට ඒ ක්‍රමවේදයෙන් ලබා දෙන ලෙස අපි අවධාරණය කරනවා. ඒ අනුව රටවල් 192ක අනුමැතිය අලුතින් ලබා ගන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ.

ඇමැතිවරුන්ගේ, ජනාධිපතිවරුන්ගේ හිතවත්කම්වලට ගසාකන්න ඉඩ දීමෙන් ලංකාවට එන්න ඉන්න ලාංකිකයන්ට ඉඩ ලැබෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම මේ මැතිවරණ සමයේ පාස්පෝට් කල් ඉකුත් වූ අයට ඒවා අලුත් කර ගැනීමට නොහැකි වීම නිසා ලංකාවට පැමිණීමට නොහැකි වීමේ තත්වයක් ඇති කර තිබෙනවා.

ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ පරණ වෙබ් අඩවිය විවෘත කර අවශ්‍ය පහසුකම් සලසා නොදී සිටිනවා. මේ තත්වය වහාම අවසන් කරන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැරදුන තරග දෙකටත් එක්ක ලබා ගත් සුපිරි දිනුමේ කතාව! කවුද හිතුවේ අපේ උන් එංගලන්තය මේ විදිහට පොළොවෙ ගහයි කියලා…

Next Post

විජිත හේරත් මගේ මිත්‍රයා තමයි… හැබැයි පාස්පෝට් ගැන කියලා තියෙන්නේ අමු බොරු… මහජන ආරක්ෂක ඇමති ටිරාන් කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

Comments 1

  1. kamal says:
    වසර 2ක් ago

    මුලින් passport ලබා දීපු ු එපික් සමාගම අවුරුදු 20 ක් තිස්සේ කිසිදු ටෙන්ඩර් එකකින් තොරව තාක්ෂණික ගැටළු ගොඩක් තියෙන පරණ පාස්පෝට් දෙන එක ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. විජිත හේරත් ඇයිද දන්නේ නෑ ඒ සමාගමටම ඔච්චර අදින්නෙ.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.