පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්රහාරය සහ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වැරදිකරුවන්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (04) ජාතිය ඉදිරියේ පොරොන්දු විය.
නිදහස් දින සැමරුම් උළෙල අමතමින් ඔහු කියා සිටියේ පාස්කු ඉරිදා ප්රහාරයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.
ජාතිවාදයට නැවත හිස ඔසවන්නට තමන්ගේ රජය ඉඩ නොදෙන බවට ඔහු පොරොන්දු විය.
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කොමිෂන් සභාවේ නිර්දේශ වහාම ක්රියාත්මක කරන බව ජනාධිපතිවරයා පැවසීය.