මුලතිව් පුදුකුඩීඉරිප්පු වේන්විල් ප්රදේශයේ පිහිටි ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයක තිබූ පුරාවස්තු විනාශකර හාරමින් නිධානයක් සොයමින් සිටි කාන්තාවක් ඇතුලු තුන්දෙනෙකු මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් ඊයේ රාත්රියේ දී 3 අත්අඩංගුවට ගත්තේය.
මේ තුන් දෙනාම මුලතිව් විශ්වමඩු මානික්කපුරම් ගම්මානයේ පදිංචි අය වන අතර ඔවුන් එම ස්ථානයේ කැණීම් සඳහා රැගෙනවිත් තිබූ උපකරණ කීපයක්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මෙම පුරාවස්තු හෑරීමට උත්සාහකොට ඇත්තේ දකුණේ පිරිසක් වරක් එම ස්ථානයේ නිධානයක් ඇති බව කියමින් එය හෑරීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසියට කොටු වීමෙන් වසර දෙකකට පමණ පසුවය.
සැකකරුවන් තුන් දෙනා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.