ප්‍රධාන කාරණා දෙකක් මුල් කරගනිමින් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත එහි මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කර ඇති වාර්තා ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
එම වාර්තාවට ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව ලබා දී ඇති බවත්, එහි අන්තර්ගතය ප්‍රසිද්ධ නොකර වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව අමතන අවස්ථාවේ දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම රජයේ තීරණය බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක කැබිනට් අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.
එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයි මෙම වාර්තාවේ 30(1) හා 40(1) යෝජනාවලින් ලබා දුන් විෂය පථයට පටහැනිව වාර්තාව සකස් කර ඇති බවත්, පිටු 14කට වැඩි වාර්තාවේ විෂය පථයට අදාලව ලියැවී ඇත්තේ පිටු දෙකකුත් භාගයක් බවත් පෙන්වා දෙන මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියන්නේ ඉතිරි මුලු ප්‍රමාණයම විෂය පථයට අදාල නැතිව පවතින රජය කෙරෙහි ද්වේෂයෙන් කළ ප්‍රකාශයන් බවය.
එමෙන්ම වාර්තාවේ නගා ඇති චෝදනා පිළිබඳව කිසිම පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කර නැතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
එම කරුණු දෙක පදනම් කරගෙන ආණ්ඩුව මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරන බවත් ඒ සම්බන්ධව දීර්ඝ කරුණු දැක්වීමක් විදේශ අමාත්‍යවරයා අදාල අවස්ථාවේ දී සිදුකරන බවත් ඔහු පවසයි.