බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු කොමිසමේ දී උසස් නිලධාරියෙකුට එරෙහිව සාක්ෂි දීම නිසා මත්ද්‍රව්‍ය චෝදනාවකට ලක් කළ බව අධිකරණයේ දී කියැවුන ත්‍රස්ත විමර්ශන ඒකකයේ  හිටපු පොලිස් නිලධාරියෙක් චෝදනාවලින් නිදොස් කොට නිදහස්!

by editor
පෙබරවාරි 20, 2024
in පුවත්
court-
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය…

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධව සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ දී උසස් පොලිස් නිලධාරියෙකුට එරෙහිව සාක්ෂි දුන් නිසා මත් ද්‍රව්‍ය චෝදනාවකට ලක් කර අගතියට පත් කළ බව අධිකරණයේ දී කියැවුන එවකට ත්‍රස්ත විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක් ගලගෙදර මහේස්ත්‍රාත්  හර්ෂණ රත්නායක   විසින්  ඊයේ (19) නිදොස් කොට නිදහස් කළේය.

ගංජා සන්තකයේ තබා ගැනීමේ වරද මුල් කරගෙන පොලිසිය විසින් මෙම පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදරිපත් කර නඩු පවරා තිබිනි.

මහේස්ත්‍රාත්වරයා ඊයේ මෙම විත්තිකරුව නිදහස් කරනු ලැබුවේ පොලිසිය විසින්ම ඔහුට විරුද්ධව ගොනුකළ සාක්ෂි පරස්පර විරෝධී බව පෙන්වමිනි.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

වර්ෂ  2021/6/20 දින ත්‍රස්තවාදී විමර්ෂන ඒකකයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරියෙක් වන A.M.K.G චමින්ද බණ්ඩාර අබේසිංහ සහ ත්‍රීරෝද රථ රියදුරක් වන T.M.G.G අමිල පුෂ්පකුමාර විජේරත්න නැමැති පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් අත් අඩංගුවට පත් වූයේය. පොලිසිය පැවසුවේ පළමු චූදිත පොලිස් නිලධාරියා සන්තකයේ ගංජා පාර්සලයක් තිබුණු බවය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

වර්ෂ 2021/06/20 දින    නඩු අංකය 7543 /22 යටතේ ගංජා සන්තකයේ තබා ගැනීම සම්බන්ධව චෝදනා එල්ල කරමින් පොලිසිය ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

ත්‍රස්ත විමර්ශන ඒකකයට අනුයුක්තව කොළඹ ප්‍රදේශයේ සේවයේ නියුතුව සිටි  මෙම පොලිස් නිලධාරියා ගංජා සමග අත් අඩංගුවට ගන්නා බව කියැවෙන්නේ ඔහු නිවාඩුවට පූජාපිටිය ප්‍රදේශයේ ඇති සිය නිවසට  ත්‍රීරෝද රථයකින් පැමිණෙමින් සිටියදී ය.

පූජාපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් රථය නවත්වා පරීක්ෂා කිරමේදී පළමු චූදිතගේ ගමන බෑගය තුල ගංජා පාර්සලයක් තිබූ බවට පොලිසිය චෝදනා කළේය.  අනතුරුව එම චෝදනාව ම     ත්‍රීරෝද රථයේ රියදුරුටත් එල්ල කළේය.  පසුව ඔවුන් දෙදෙනාම  ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. මේ චෝදනාව නිසා ත්‍රස්ත විමර්ශන ඒකකයේ සේවය කළ චූදිත පොලිස්ස නිලධාරියාගේ වැඩ තහනමට ලක් විය.

තමන් මේ චෝදනාවට නිවැරදි කරුවන් බව ඔවුහු අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළහ.  අනතුරුව නඩුව විභාගයට ගැනුණි. විත්තිය අධිකරණයේ දී ප්‍රකාශ කළේ මේ සිදුවී ඇත්තේ පාස්කු කොමිසමේ සාක්ෂි විමර්ශනයේදී ඉහල පොලිස් නිලධාරියෙකුට එරෙහිව සාක්ෂි ලබා දීම හේතුවෙන් සිදුකළ පළි ගැනීමක් බවය.  මෙම නඩුවට අදාල චෝදනා අසත්‍ය බවත්, පළමු චූදිත පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සන්තකයට මත්ද්‍රව්‍ය දමා බවත්     විත්තියේ නීතිඥවරු අධිකරණයට කියා සිටියහ.

පැමිණිල්ලේ සාක්ෂි සහ විත්තියේ සාක්ෂි විමසීමෙන් අනතුරව ගලගෙදර මහේස්ත්‍රාත්   හර්ෂණ රත්නායක   විසින් ඊයේ (19)  දින තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.   මහේස්ත්‍රාත්වරයා පැවසුවේ   වැටලීම සිදු කරන ලද පැමිණිල්ලේ සාක්ෂි අංක 01 සහ 03 ලෙස සාක්ෂි ලබා දුන් නිලධාරීන්ගේ  සාක්ෂි එකිනෙකට පරස්පර බවය.

එබැවින් විත්තිකරුවන් චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කරන බව  තීන්දුව  ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා කීවේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ ශාලිකා ගුණසේකර මෙ  සමඟ  නීතීඥ සුපුන් රාජපක්ෂ   පෙනී සිටියේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාතාලයේ බිම්සර කල්ලියෙන් බොරැල්ලේ දී වෙඩි තැබීමක්… වෙඩි කෑ පුද්ගලයා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතය සමග සටනක…

Next Post

කිළිනොච්චියේ දී  යතුරුපැදියක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී බීමත් පැදිකරු පලා ගිහින්… 

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.