බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

විදෙස් බුද්ධි තොරතුර ගැන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා හමුදා බුද්ධි අංශ දැනුවත් කර නැහැ

by Lanka Sara Editor
අගෝස්තු 20, 2020
in පාස්කු කොමිසම
Share on FacebookShare on Twitter

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන 14වන දිනටත් ඊයේ (19) ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

මේ සාක්ෂි විභාගයේ දී හෙළිදරවු වූයේ ජාතික ආරක්ෂාව සතිපතා සාකච්ඡාවට බඳුන් කෙරෙන බුද්ධි සමාලෝචනය රැස්වීම 2018 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු විධිමත්ව පැවැත්වී නැති බවය.

එමෙන්ම ඉකුත් වසරේ අප්‍රේල් 04 වනදා විදෙස් බුද්ධි අංශයකින් ප්‍රහාරයක් සම්බන්ධයෙන් කළ පුර්ව දැනුම්දීම පිළිබඳ නිලන්ත ජයවර්ධන විසින් යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කර නොමැති බවය.

සාක්ෂි විභාගය ආරම්භ කරමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය ප්‍රශ්න කිරීම ආරම්භ කළාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය – පාස්කු ප්‍රහාරයට පෙර අප්‍රේල් මස 16 වන අඟහරුවාදා දින සතිපතා පැවැත්විය යුතු බුද්ධි සමාලෝචන රැස්වීම පැවැත්වුනේ ද?

සාක්ෂිකරු – එම රැස්වීම එදින පැවැත්වුණේ නෑ. අප්‍රේල් 15 දින ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලයෙන් මට ලැබුණු කෙටි පණිවුඩයක අප්‍රේල් 16 දින බුද්ධි සමාලෝචන රැස්වීම නොපැවැත්වෙන වබට දන්වා තිබුණා. එම කෙටි පණිවිඩයට සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සුබ පැතුම්ද එක්කර තිබුණා.

අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය – කළේ බුද්ධි සමාලෝචන රැස්වීම නොපැවැත්වුණු එකම අඟහරුවාදා අප්‍රේල් 16 වනදා ද?.

සාක්ෂිකරු – නෑ… 2018 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු විධිමත්ව බුද්ධි සමාලෝචනය රැස්වීම් පැවැත්වුණේ නෑ…. එම වර්ෂයේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල පැවතියේ මාසයටම එක් බුද්ධි සමාලෝචන රැස්වීමක් පමණයි. එසේම 2019 වර්ෂයේ ජනවාරි මාසය තුළ කිසිදු බුද්ධි සමාලෝචන රැස්වීමක් පැවැත්වුණේ නෑ. පෙබරවාරි මාසයේ බුද්ධි සමාලෝචනය රැස්වීම් 02ක් සහ මාර්තු මාසයේ එක් බුද්ධි සමාලෝචනය රැස්වීමක් පැවතියද ඒවාට ආරක්ෂක ලේකම්වරයා සහභාගි වුණේ නෑ. ජාතික බුද්ධි ප්‍රධානිගේ මුලිකත්වයෙනුයි රැස්වීම පැවැත්වුණේ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – අප්‍රේල් 04 දින විදෙස් බුද්ධි අංශයකින් ලද ප්‍රහාරයක් පිළිබද පුර්ව දැනුවත් කිරීමේ තොරතුර සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ලෙස ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කළා ද?.

සාක්ෂිකරු – අප්‍රේල් 04 දින ලද විදෙස් බුද්ධි අංශ තොරතුර බුද්ධි තොරතුරක් බවට පරිවර්තනය කර අප්‍රේල් 09 දින පොලිස්පතිවරයාට යැවීමෙදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවටද එහි පිටපතක් යැවුවා. නමුත් අප්‍රේල් 04 ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා හෝ එම අංශය දැනුවත් කළේ නෑ…

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – පසුගිය වසරේ අප්‍රේල් 17වන දින නැගෙනහිර පළාතේ සිදුව තිබු කිසියම් සිදුවීමක් ගැන ඔබ දැනුවත් වුනා ද?.

සාක්ෂිකරු – එදින රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා දුරකතනයෙන් මට කතා කළා. කතා කරලා ” සර් ඊයේ පිපිරීමක් වෙලා තියෙනවා. මඩකලපුව පොලිසිය කියනවා අකුණක් කියලා. හැබැයි අකුණක් වෙන්න බැහැ… ඊට වඩා දෙයක් තියෙනවා ” කියලා කීවා.

ඒ අනුව ඒ මොහොතේම ගොස් ඒ පිළිබද පරික්ෂා කරන ලෙස මා එම එම නිලධාරියාට උපදෙස් දුන්නා. ඒ පිළිබද විමර්ශනයට තවත් නිලධාරින් කණ්ඩායමක් 18 වන දින කොළඹ සිට කාත්තන්කුඩි ප්‍රදේශයට යැවුවා.

පසුව අදාළ පිපිරීම යතුරුපැදි බෝම්බ පිපිරවීක් බව සොයාගත්තා. එම බයිසිකලයේ චැසි අංකය සොයා ගත්තා. එම පිපිරවීමට වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය හා සම්බන්ධ සහරාන් හෂිම් සම්බන්ධ බවත් මෙය ඔහුගේ පෙර පුහුණුවක් බවත් නිරීක්ෂණය වුණා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – මෙම යතුරුපැදි බෝම්බ පිපිරවීම පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළා ද?.

සාක්ෂිකරු – අදාළ පිපිරවීම සම්බන්ධයෙන් තමන්ට ලැබී තිබු ඡයාරූප අප්‍රේල් 18 වන දින Whatsapp මාර්ගයෙන් ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කළා. පසුව ආරක්ෂක ලේකම්වරයාට දුරකථන ඇමතුමක් ලබාගෙන සිද්ධිය පිළිබඳ දිර්ඝ පැහැදිලි කිරිමක් කළා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ඔබ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ලෙස සිටියදි ආරක්ෂක ලේකම්වරයා ඇමතීමට දුරකතන අංක කොපමණ ප්‍රමාණයක් භාවිත කළාද

සාක්ෂිකරු – 90% ක් ඇමතුම් ලබා දෙන්නේ මගෙ රාජකාරි දුරකථයෙන්. අනිත් ප්‍රමාණය ලබා ගන්නේ මගේ එකම පෞද්ගලික දුරකතන අංකයෙන්.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – මේ සංවාද වලදී වෙනත් අයෙකුගේ නමට ගන්නා ලද දුරකතන අංකයක් ඔබ භාවිත කර තිබෙනවාද?. ( අතිරේක සොලිස්ටර් ජනරාල්වරයි යම් දුරකථන අංකයක් පෙන්වයි.)

සාක්ෂිකරු – ඔව්… මෙම දුරකතන අංකය මා භාවිතා කළා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – අප්‍රේල් 16 දින සිදුවූ යතුරු පැදි පිපිරීම සම්බන්ධයෙන් එවකට ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්ව දැනුවත් කළේද?.

සාක්ෂිකරු – ඔව්… අප්‍රේල් 18 වන දින පෙ.ව 8.53 ට දුරකතන ඇමතුමක් ගෙන ජාතික බුද්ධි ප්‍රධානියා ඒ සම්බන්ධයෙන් දැනුවත් කළා. යතුරුපැදි පිපිරීමක් සිදුවී ඇති බවත් එය සහරාන් හෂිම්ගේ පෙර පුහුණුවක් බවත් මා පැහැදිලිව පැවසුවා. එහිදි සිසිර මෙන්ඩිස් මහතා මට විශේෂ උපදෙස් ලබාදීමක් සිදු කළේ නෑ.

ඒ වගේම මෙම යතුරු පැදි බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් අප්‍රේල් 18 දිනම උදෑසන 8.59 ට එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව දැනුවත් කළා. ” සර් මේකට ඉක්මනට පරික්ෂණයක් කරන්න ඕනේ. මේකට සහරාන් සම්බන්ධයි. කාන්තන්කුඩි පොලිසියෙන් හරියට පරික්ෂණය කෙරෙන්නේ නැහැ. සී.අයි.ඩි එකට භාරදෙමු ” කියලා මා පොලිස්පති තුමාට කීවා.

ඊට පිළිතුරු ලෙස පූජිත් ජයසුන්දර මහත්මාය කීවා ‘ හරි නිලන්ත, ඔයා සී.අයි.ඩි එකට කියන්න. මමත් කියන්නම්‘ කියලා. ඒ වගේම මෙම යතුරුපැදි පිපිරීම සම්බන්ධයෙන් එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාවද, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර මහතාවද, යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයාවද අප්‍රේල් 18 දින දැනුවත් කළා.

ජනාධිපති කොමිසමේ සභාපති- අප්‍රේල් 04 දින විදෙස් බුද්ධි අංශ පුර්ව දැනුවත් කිරීමක් සිදුකිරීමෙන් පසු වගකිවයුතු අය වෙත වාචිකව සිදුකළේ යැයි ඔබ කියන වාර්තා කිරීම් ලිඛිතවද සිදුකළේද?.

සාක්ෂිකරු -බොහෝ කරුණු ලිඛිතව වාර්තා කිරිමක් සිදු කළේ නෑ. Whatsapp සහ දුරකතන මාර්ගයෙන් වාචිකව පමණක් කරුණු වාර්තා කිරීම් සිදු කළා.

ජනාධිපති කොමිසමේ සභාපති – රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස ඔබ එවකට ආරක්ෂක ලේකම්වරයා වූ හේමසිරි ප්‍රනාන්දු සමග ඉකුත් වසරේ අප්‍රේල් 19 දිනය තුළ තෙවරක් දුරකතන ඇමතුම් ගෙන සාකච්ඡා කළේ මොනව ද?.

සාක්ෂිකරු – එම දුරකතන ඇමතුම් තුළ සාකච්ඡා කළ දේ කරුණු වශයෙන් මතක නැහැ. .

ජනාධිපති කොමිසමේ සභාපති – යම් යම් දුරකතන ඇමතුම්වල අන්තර්ගතය මතක තිබෙන්නත්, තවත් දුරකතන ඇමතුම්වල අන්තර්ගතය මතක නැති වීමටත් හේතුව කුමක්ද?.

සාක්ෂිකරු – අදාළ කාල පරාසය තුළ බොහෝ ඇමතුම් මා විසින් ලබා ගත්තා. ඒ සෑම ඇමතුමකම අන්තර්ගත වූ කරුණු මතකයේ නැහැ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිලිනොච්චියෙන් හමුවන්නේ සමූහ මිනීවලක් නොවේ – මිනීමැරුමක තොරතුරු

Next Post

පාර්ලිමේන්තුවේදී කථානායක සහ මන්ත්‍රීවරුන් දිවුරුවේ මොකක්ද?

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.