අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් සිසුවියන් සමග පෙම් සබඳතා පවත්වා ඔවුන් දූෂණය කරමින් ලබා ගත් වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරිය මහනුවර ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් 02ක් රිමාන්ඩ්

අත් අඩංගුවට ගත් සිසුවෙකුගේ ජංගම දුරකථනයේ දූෂණය කළ දැරියන් සහ තරුණියන් රැසක නිරුවත් වීඩියෝ....

by editor
දෙසැම්බර් 18, 2023
in පුවත්
Prison
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

පාසල් සිසුවියන් සමග ප්‍රේම සම්බන්ධතා පවත්වමින් ඔවුන් මහනුවර රාජසිංහ මාවතේ මාවතේ ලැගුම්හල් දෙකකට වරින් වර  රැගෙන ගොස් දූෂණය කරන අතර  ලබා ගත්  වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයට මුදා හැරීමේ නින්දිත සිද්ධියක් සම්බන්ධව මහනුවර ප්‍රසිද්ධ පාසලක  උසස් පෙළ හදාරන  සිසුන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මින් එක් 15 හැවිරිදි සිසුවියක්  රැගෙන ගිය ලැගුම්හල් දෙකේ  හිමිකරුවන් හා කළමනාකරුවන් ද  පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින්  මෙම සිසුන් දෙදෙනා අත් අඩංගුවට ගන්නේ මෙම අපරාධය පිළිබඳව  පැමිණිලි කළ  මහනුවර  ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 15 හැවිරිදි සිසුවියකගේ පැමිණිල්ලකට අනුවය.

තමන්ගේ පෙම්වතා වූ පාසල් සිසුවා අතින් දූෂණය වූ දැරිය පොලිසියට පවසා ඇත්තේ ඔහු   බීම වර්ගයක් සමඟ මත්ද්‍රව්‍යයක් මිශ්‍රකර තමාට ලබාදුන් බවත් ඉන් පසු සිදු වූ කිසිවක් මතක නොමැති බවත්ය.

අත් අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවෙක් සමග මෙම 15 හැවිරිදි දැරිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇත.   පෙම්වතා යැයි කී සිසුවා විසින් දැරිය ඇයගේ නිවස තුළදීම අවස්ථා කීපයක දී දූෂණය කර තිබේ. අනතුරුව ඇය අත් හැර දැමූ සිසුවා විසින් තම මිතුරෙක් සමග සම්බන්ධතාවයක් ඇති කරගැනීමට ඇයව පොළඹවා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරුව දැරිය පෙම්වතාගේ මිතුරා සමග සම්බන්ධයක් ගොඩනගාගෙන ඇති අතර  ඔහු ඇයව දෙවන රාජසිංහ මාවතේ පිහිටි ලැගුම් හල වෙත රැගෙන ගොස් බීමට යමක් දී ඇයව මත් කර ඇති බවත්, අනතුරුව තමන්ගේ හිස වසාගෙන අය දූෂණය කරන ආකාරය සහිත   නිරුවත් දර්ශන රැසක් රූගත කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව ඇත.

අනතුරුව එම දර්ශන සිසුවියගේ දුරකථනයට යොමු කරමින් නිතර නිතර ඇයව ලැගුම් හලට ගෙන්වාගෙන දූෂණය කර ඇත. ඇයගේ පළමු පෙම්වතා ද ඊට සම්බන්ධ වෙමින් දැරියගේ නිරුවත් දර්ශන වටස්ඇප් හරහා සිසුන් වෙත මුදා සහ සිසුන් එක් වී සිටින වට්ස් ඇප් සමූහ වෙත මුදා  හැර තිබේ.

අගතියට පත් වූ දැරිය පරිවාස භාරයට පත් වුවහොත් ඇතිවිය හැකි  ව්‍යාකූල තත්ත්වය සලකා දැරියගේ මව හැකි උත්සාහයක් දරා ඇත්තේ දැරිය සමාජයට අනාවරණය නොකර හැකි උපරිම ආකාරයෙන් ඇයගේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට බව අනාවරණය වේ.

අත්අඩංගුවට ගත් එක් සිසුවෙකු ගේ ජංගම දුරකතනයේ තිබී පාසල් සිසුවියන් ද ඇතුළුව තරුණියන් රැසක ගේ නිරුවත්  වීඩියෝ දර්ශන සොයා ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධව මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොක්කුතුඩුවායි සමූහ මිනීවලේ මෙතෙක් ගොඩගත් මිනිස් ඇට සැකිලි සම්බන්ධ විද්‍යාත්මක පරීක්ෂණ අරඹයි…

Next Post

හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි… අත් අඩංගුවට පත්වන ලකුණු!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.