ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ගිණුම්වලින් 15% කට වඩා ව්‍යාජ ඒවා බව රජය අනාවරණය කර තිබේ.
අන්තර්ජාල මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි කියා සිටියේ මේ වන විට විශාල පිරිසක් ව්‍යාජ ප්රවෘත්ති පතුරුවා හැරීම සඳහා මෙම ගිනුම් භාවිත කරන බවය.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අනිසි ලෙස භාවිතා කළ නොහැකි බව පෙන්වා දුන් ඔහු, එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාජ ප්රවෘත්ති සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා යෝජිත නීති පිළිබඳව සාකච්ඡා කිරීමට රජය කටයුතු කරමින් සිටින බව කීවේය.
එහිදී අධිකරණ ඇමතිවරයා පැහැදිලි කළේ සිංගප්පූරුවේ අන්තර්ජාලය ඔස්සේ අසත්‍යය වාර්තා හැසිරවීම වැළැක්වීමේ පනත ක්‍රියාමක බවත්, මැලේසියාවේ සහ ඉන්දියාවේ ද එවැනි නීති ක්‍රියාත්මක බවත්, මේ ආකාරයෙන් ව්‍යාජ ප්රවෘත්ති පාලනය කිරීම සඳහා ලෝකයේ විවිධ රටවල් නීති පනවා ඇති බවත්ය.
ශ්‍රී ලංකාවේ යෝජිත මාර්ගගත නීති මගින් සංවර්ධන වැඩසටහන් පිළිබඳ වැරදි තොරතුරු පැතිරවීම අධෛර්යමත් කරන බව අමාත්‍යවරයා පැවසීය.
ජාතික ආරක්ෂාව, ප්‍රජාවන් අතර සමගිය සහ මහජන පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම ද මෙමඟින් සහතික වනු ඇතැයි ඔහු වැඩිදුරටත් කීය.
පෝට් සිටි ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව දැනටමත් සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු ප්රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා නීතිය හඳුන්වා දීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය