කිරිපිටි මිලට නිකුත් කර තිබූ මිල පාලනය ඉවත් කිරීමත් සමග කිරිපිටි කිලෝවක ඇසුරුමක මිල රුපියල් 1300ක් දක්වාත් ග්‍රෑම් 400ක ඇසුරුමක මිල රුපියල් 520 දක්වාත් වැඩි කිරීමට කටයුතු කරන බව කිරිපිටි ආනයනය කරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මාධ්‍යයට පැවසීය.
දැනට කිරිපිටි කිලෝවක මිල වන්නේ රුපියල් 945කි. ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 380කි.
කිරිපිටි, තිරිගුපිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා තිබූ පාලන මිල රජය විසින් ඊයේ ඉවත් කිරීමට තීරණය කිරීමත් සමග අනෙක් භාණ්ඩවල ද මිල මේ ආකාරයෙන්ම ඉහළ යනු ඇතැයි වාර්තා වේ.







