බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාරිභෝගික සේවා අධිකාරිය පිස්සු කෙළියෙ නැතිනම් මේ වනවිට බිත්තරයක් රුපියල් 35යි… කුකුළු ගොවිපල හමියෝ කියති!

by editor
නොවැම්බර් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

මීට දෙමසකට පෙර පාරිභෝගික සේවා අධිකාරිය මැදිහත් වී බිත්තර සඳහා සහතික මිලක් නියම කරමින් පැනවූ  අවිද්‍යාත්මක ගැසට් පත්‍රය නොවන්නට මේ වනවිට බිත්තර මිල පවතින්නේ රුපියල් 35කට අඩු සීමාවක බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක පවසයි.

බිත්තරයක නිශ්පාදන වියදම රුපියල් 46.50ක්ව තිබිය දී රුපියල් 35ක සහතික මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් පත්‍රයත් සමග ලක්ෂ දෙකකට ආසන්න කිකිළියන් ප්‍රමාණයක් මස් සඳහා විකිණීම බිත්තර නිශ්පාදනය මේ මට්ටමට අඩු වී මිල ඉහළ යැමට හේතුව බව සභාපතිවරයා පෙන්වා දෙයි.

ලංකාසරට අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙවැනි කතාවකි.

“ බිත්තර මිල මස් මිල අපට පාලනය කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. යෙදවුම්වල මිල වැඩිවීම නෙමෙයි ප්‍රධාන වශයෙන්ම මිල ඉහළ යන්න හේතුව වෙලා තියෙන්නේ. නිශ්පාදන ධාරිතාවේ අඩුවීමක්.“

“බිත්තර කර්මාන්තයේ යෙදිලා ඉන්න ගොවීන්ගෙන්  සියයට 70ක් ඉන්නෙ වයඹ.  පාරිභෝගික සේවා අධිකාරිය බිත්තරයකට රුපියල් 35 ක පාලන මිලක් යොදනවිට රුපියල් 46.50යි නිශ්පාදන මිල. ඒ මිලට    විකුණන්න බෑ.  ඒ අවස්ථාවෙදි කරි චිකන් කිලෝව 600 -700ක් වුනා   බිත්තර දාන කිකිලින් මසට වික්කා. “

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“අපි කිකිළියක් හදන්නෙ බිත්තර 320ක් ගන්න. ඒත් බිත්තර 60ක් හැත්තෑවක් දාපු කිකිළියො මසට විකුණලා මස් මිල වැඩි නිසා බිත්තර කර්මාන්තයෙ යෙදුන අය බ්‍රොයිලර් හදන්න ගත්තා. දැන් නැවතත් මස් මිල පහළට එනවා. ඒ එක්කම නැවත ගොවීන් පුරුදු බිත්තර කර්මාන්තයට යනවා.

බිත්තරවලට හදන “ලේයර්“  කිකිළි පැටියෙක් රුපියල් 400ට අලෙවි වෙනවා දැඩි ඉල්ලුමක් සහිතව. මේ මීට මාස කීපයකට කලින්   රුපියල් 100 -125ක් වෙච්චි පැටියෙක්. ඒ මිලට අලෙවි වෙනවා කියන්නෙ නැවත බිත්තර කර්මාන්තයට විශාල අවතීර්ණ වීමක් තියනවා.  ඒ කියන්නෙ තව මාස දෙක හමාරකින් විශාල සැපයුමක් වෙළෙඳපලට එනවා. ඒ වනතුරු නැවත කඩා වැටීමට ඉඩ නොදී අඩුම තරමින් මාසයක කාලයක් රුපියල් 55ක උපරිම සිල්ලර මිලක් බිත්තරවලට ලබා දෙන්න කියන ඉල්ලීම අපි රජයෙන් කළා.

බිත්තර මිල  අපට අල්ලලා තියාගන්න පුලුවන් දෙයක් නෙමෙයි.    ඉල්ලුම සැපයුම එක්ක තීරණය වන දෙයක්. දැනටත් රුපියල් 48 -49 තොග මිලකට අපි බිත්තර විකුණනවා.

ඉදිරි මාස දෙක ඇතුළෙ අනිවාර්යයෙන් බිත්තර සුලබ වෙනවා. ඒ වගේම මේ වනවිට සහල් බඩඉරිගු මිල අඩුවෙලා. අනෙක් යෙදවුම්වල මිලත් එක්ක බිත්තරය නිශ්පාදන වියදම රුපියල් 30 වෙවි කියලා අපි ඇස්තමේන්තු කරනනවා.  උපරිමය බිත්තරයක මිල රුපියල් 35ක් වේවි.

පාරිභෝගික අධිකාරිය ගොවීන් එක්ක එදා සහයෝගයෙන් වැඩ කළා නම් අද බිත්තර මිල මේ  ඉහළ මට්ටමේ නෑ. “

සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක  කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල් මුදල් ඇමතිකම කළ මේ අවුරුද්දේ මුල් මාස 04 තුළ බිලියන 3200කට වෙච්චි දෙයක් නෑ….

Next Post

මහින්ද සමග නැගිටින්න ගම්පහ වේදිකා හදන්නෙ නෑ… ප්‍රසන්න රණතුංග කියයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.