පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් වූ හේමන්ත සමරකෝන් පත් කර තිබේ.
ඔහු එම තනතුරට පත් වන්නේ අධිකාරියේ හිටපු සභාපති ටී.අයි.උඩුවර එම තනතුරින් ඉල්ලා අස් වූ පසුය.
නව සභාපතිවරයා යටතේ ඉදිරි සතියක කාලය සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
එම ලයිස්තුව පහත දැක්වේ.








