සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි මාලිමාව එක්ක… දිලිත් සමග දීගය අත්හල වාසු මාධ්‍ය හමුවක් කැඳවා පවසයි…

by editor
ඔක්තෝබර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඉදිරි මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට සහාය පල කරන බව ප්‍රකාශ කළේය.

නව වාමාංශික පෙරමුණ වෙනම තරග කරන නමුත් නව වාමාංශික පෙරමුණ වෙත ලබා දෙන සෑම ඡන්දයක්ම ජාතික ජන බලවේගයට ලබා දෙන ඡන්දයක් ලෙස සලකන ලෙස ඔහු සිය පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

දිලිත් ජයවීරගේ සර්ව ජන බලය සමග ඇතිකරගත් ගිවිසුම අත්හැර දැමූබව කී වාසුදේව නානායක්කාර පෙන්වා දුන්නේ මහා වාමාංශික ජයග්‍රහණයක් සිදුවූ විට අතරමැදි පක්ෂවල ඉඳීමෙන් පලක් නොමැති බවය. ජාතික ජන බලවේගය හා එක්වීමට සාකච්ඡා කළේ ජනාධිපතිවරණයේ දී නමුත් එම පක්ෂයේ ඇති වී තිබූ ප්‍රතිපත්තිමය කාරණා මත සන්ධානගත වීමට නොහැකි වූ බවත් ඔහු පැවසුවේය.

නව වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර අද මාධ්‍ය හමුවේ දී මෙසේ ප්‍රකාශ කළේය.

“මේ රජය වටා එකතු වී සහයෝගය ලබා දිය යුතුය යන්නයි අපේ අදහස. අපේ ප්‍රජාතාන්ත්‍රික මහජන පෙරමුණෙන් පත්වන මන්ත්‍රීවරුන් හෝ මන්ත්‍රීවරියන් විපක්ෂයට සම්බන්ධ වෙන්නෙ නෑ. අපි සම්බන්ධ වෙන්නේ ආණ්ඩු පක්ෂයේ ජාතික ජන බලවේගයට.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

මම හිතන්නේ මෙහෙම ප්‍රකාශ කරන එකම පක්ෂය අපි. රජය සමග බද්ධ වී කටයුතු කිරීම අපේ බලාපොරොත්තුවයි. ජාතික ජනලබලවේගය දැනටමත් ජනතාවාදී පියවරයන් අප්‍රමාදව සහ ක්ෂණිකව ගනිමින් තිබෙනවා. පිටරටින් ගේන අල ලූනුවලට වැඩි බදු දැමීම මේ ආණ්ඩුවෙන් කරන්න යෙදුනෙ එක රැයකින්.

“මීට අමතරව බැඳුම්කර වංචාව. රනිල් වික්‍රමසිංහත් ඒ බැඳුම්කර වංචාවේ එක විත්තිකරුවෙක්. ඔහුට විරුද්ධවත් කළ යුතු පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. අපි උත්සාහ කළා එකට මේ ඡන්දයේ දී තරගයට ඉදිරිපත් වෙන්න. ජනාධිපතිවරණයේ දී පවා එවැනි සමීපකමක් ඇති කරගන්න උත්සාහ කළා. නමුත් ඒක සාර්ථක වුනේ නෑ ජාතික ජන බලවේගයේ යම් ප්‍රතිපත්ති ප්‍රශ්නයක් නිසා. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයේ දි අප වෙනම තරග කරනවා. අපේ අනුගාමිකයින්ට අප කියා සිටිනවා අපට දෙන ඡන්දයත් ඔබ ජාතික ජන බලවේගයට දෙන ඡන්දයක්. ”

සර්වජන බලයත් එක්ක ඇතිකරගත්ත ගිවිසුම ජනාධිපති ඡන්දයේ ප්‍රතිඵලයත් සමග අත්හැර දැමූ බව කී වාසුදේව නානායක්කාර ජනාධිපති ඡන්දයේ ප්‍රතිඵලය වාමාංශික මහා ජයග්‍රහණයක් වූ විට අතරමැදි පක්ෂවල ඉඳීමෙන් පලක් නැති බව පෙන්වා දුන්නේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති යටතේ ඉදිරි සතියට අදාල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් වෙයි!

Next Post

වැලිකන්ද රාජ්‍ය බැංකුවක ආරක්ෂකයෙකුගේ ගිනි අවිය පත්තු ඔහු එතැනම මිය යයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.