සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින් වැඩි පිරිසක් මේ වසරේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා කරන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පොළොන්නරුව දිස්ත්‍රික් නායක කිංග්ස් නෙල්සන් අද මාධ්‍ය ඉදිරියේ කියා සිටියේය.
“ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු අපේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් බොහෝ දෙනෙක් මේ වසරේ ජාතික ලැයිස්තුවෙන් එන්න බලාපොරොත්තු වෙනවා,” කිංස් නෙල්සන් පැවසීය.
කෙසේ වෙතත්, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙවරත් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බව ද ඔහු තහවුරු කළේය.







