අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවේ කොවිඩ් අනතුරක් නෑ – හෙට අනිද්දා රැස්වෙයි

by Lanka Sara Editor
ජනවාරි 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට අද(18) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

කොවිඩ් – 19 සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට එහිදී තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

හෙට පෙ.ව 10.00ට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6ක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනාවක් විවාදයට ගනු ලැබේ.

පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාචික ප්‍රශ්න ඇසීම සඳහා වෙන්කෙරෙන අතර, එහිදී අසනු ලබන ප්‍රශ්න දහයකට පමණක් සීමා කෙරෙනු ඇත .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දෙවන දිනය වන අනිද්දා (20) ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඉදිරිපත්කර ඇති සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනෙන බව දසනායක මහතා පැවසීය.

එම විවාදය සඳහා පෙ.ව.11.00 සිට ප.ව.4.30 දක්වා කාලය වෙන් කර ඇත.

පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද විවිධ නීතී රෙගුලාසි යටතේ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන අතිවිශේෂ ගැසට් පත්‍රයන් මඟින් පළකරනු ලබන නියෝග ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මෙම සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කෙරේ.

එදින දිවා භෝජනය සඳහා පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවීමකින් තොරව පැවැත්වෙනු ඇත.

එදිනම පෙ.ව 10.00 සිට 11.00 දක්වා පැයක කාලයක් මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

මෙම රැස්වීමට සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, ජී. එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩග්ලස් දේවානන්ද, මහින්ද සමරසිංහ, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, රිෂාඩ් බදුර්දීන්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන් සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරු සහභාගි වූහ.

සෞඛ්‍යාරක්ෂිතව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවේදී පී.සී.ආර් (PCR) පරීක්ෂණ සිදු කළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ වෛද්‍යවරුන් කිහිපදෙනෙක්ව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට කැඳවා තිබුණි.

ඔවුන් සමඟ මුලින්ම සාකච්ඡා කළ අවස්ථාවේදී අනතුරුදායක තත්ත්වයක් පාර්ලිමේන්තුව තුළ නොමැති බවත් එබැවින් ආරක්ෂිතව සියලු සෞඛ්‍යය රෙගුලාසි තදින්ම අනුගමනය කරමින් රැස්වීම් පැවැත්විය හැකි බවටත් උපදෙස් ලැබූ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුත්තයන්කට්ටුව වැව වාන් දමනවිට කෙරෙන පුරාණ චාරිත්‍ර පුරන්න හමුදාවත් එක් වේ…

Next Post

අසුන අහිමිවන්නේ මාස 06කින්… රන්ජන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.