දිනසේන රතුගමගේ –
මුලතිව් දිස්ත්රික්කයේ විශාලතම වැව වන මුත්තයන්කට්ටුව වැව වාන් දැමීමත් සමගම පුරාණ චාරිත්රාණුකුලව වාන් දොරටු ඇරීම හා පූජාවන් පැවැත්වීම මෙවර පළාතේ ජනතාව හා යුද හමුදාව එක්ව ඊයේ ( 17) දා සිදු කළේය.
මෙම වැව වාන් දමන අවස්ථාවේදී පූජා වෙඩි තැබීමත් ගණ දෙවියන් උදෙසා පූජාවන් පැවැත්වීමත් මුලතිව් වැසියන් විසින් අනාදිමත් කාලයක සිට කරගෙන එනු ලබන චාරිත්රයක් වන අතර මෙවර මුලතිව් ප්රදේශයේ යුද හමුදා නිලධාරීන්ද ඒ අවස්ථාවට ගම්වාසීන් සමග සහභාගී වී සිටියහ.