පාර්ලිමේන්තුව කල් පිරීමට පෙර විසුරුවා හැරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගත් තින්දුව අනුව වසර පහක මුළු නිල කාලය සම්පූර්ණ කළ නොහැකි වූ නවක මන්ත්‍රීන් 85 දෙනෙකුගේ විශ්‍රාම වැටුප් අහිමි වී තිබේ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ මෙසේ විශ්‍රාම වැටුප අහිමිවූ මන්ත්‍රීවරු අසූ පස් දෙනාට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද ඇතුළත් බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවන්නේ 1977 අංක 1 දරන මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනතේ විධි විධාන අනුවය.
එම පනත ප්‍රකාරව මන්ත්‍රීවරයෙක් වෙත පූර්ණ විශ්‍රාම වැටුප හිමි වීමට වසර පහක මූලික නිල කාලයක් සම්පූර්ණ විය යුතුය. එවිට මූලික මන්ත්‍රී වැටුපෙන් තුනෙන් එකක මුදලක් මන්ත්‍රීවරයෙක් වෙත හිමිය. මෙම පාර්ලිමේන්තුවට වසර පහ සම්පූර්ණ වන්නේ ලබන වසරේ අගෝස්තු මස 8 වැනිදාටය.







