අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුව පාලනය කරන්නෙ මන්දිරේක හැංගිලා ඉඳලා රෑ ට එළියට බහින ලේ බොන කළු වවුලෙක් ද?

වවුලාගෙන් ප්‍රවේසම් වන්න... රෝහිණී කවිරත්න අගමැතිගෙන් ඉල්ලයි...

by editor
මැයි 19, 2022 - Updated on මැයි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • අතුකෝරල මන්ත්‍රී තුමාගෙ මරණයට කාතානායකත් වග කිව යුතුයි… මේ කතානායකගෙ වැඩ ගැන දන්නවා නම් බකීර් මාකර් වගේ කතානායකවරු වලෙන් නැගිටලා ඇවිත් දියවන්නාවට පැනලා ආයෙ මැරෙනවා…

  • අගමැතිතුමා තමන්ගෙ නොවන හුනුවටයේ කතාවෙ ගෘෂාගෙ චරිතය රඟපානවා… හුණුවටයෙ කතාවෙ ගෘෂා දරුවගෙ අම්මා නතාලියාට වඩා දරුවට ආදරෙයි….

  • ලේ බොන කළු වවුලන්, ගෝල්ෆේස් මැරයන් සහ රාජපක්ෂලාත් බය  ලේකම්ලා ගැන රෝහිනි කවිරත්න හෙළිකරයි

පාර්ලිමේන්තුවේ  බහුතරය ඇත්තේ රෑට එලියට ඇත් ලේ  උරා බොන කළු වවුලකු අතද කියා සිතන්නට සිදුව ඇති බවත් මේ කලු කුරුලලාගෙන් බේරෙන ලෙස අගමැතිවරයාට අනතුරු අඟවන බවත් මාතලේ දිස්ත්‍රික් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න  අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

මේ රට බංකොලොත් භාවයට පත් කළ රාජපක්ෂ පවුල සතුරන් ලෙස අරගලකරුවන් හඳුනාගෙන සිටියද පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් ඒ බව හරි හැටි හඳුනාගෙන නොමැති වීම කණගාටුවකට කරුණක් බවද මන්ත්‍රිවරිය සිය කතාවේදී තවදුරටත් සඳහන් කළාය.

rohini-kavirathna

මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ රෝහිණි කවිරත්න මන්ත්‍රිවරිය මෙසේද පැවසුවාය.

“සන් ට්සු  යුධ කලාව පොතේ කියනවා.“වරක් විනාශ වූ රාජ්‍යයක් නැවත කිසි දිනෙක බිහිවිය නොහැක. මළවුන්ව නැවත නැඟිටුවන්නවත් බැහැ’’ කියලා.

යුද්ධයක් පෙන්නලා, මේ රටම විකුනන් පටන් අරගෙන දැන් වසර 13 යි. 74 වසරක් තිබ්බ රාජ්‍යය බංකොලොත්. විනාශ වෙලා ඉවරයි. හෙට අලුත් ලෝකයක් බිහිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අපේ රට දැන් නිල වශයෙන් බංකොලොත් රාජ්‍යයක්. කන්න නැති, ඉන්ධන නැති, ගෑස්, ඖෂධ නැතිව රෝගීන් මිය යන විශාලා මහනුවරක්.

හෙට අනිද්දා ඕ ලේවල් විභාගයට යන දරුවන්ට විභාගයට යන්න පුළුවන් ද කියන විශ්වාස නෑ.  පාඩම් කරන්න බෑ. වාහන නෑ. පාන් ගෙඩිය රු. 30 කින් වැඩි වෙලා තියෙනවා.

ගොල්ෆේස්, මහනුවර, ගාල්ල ගෝටාගෝගම්  ගම්වලට ගහලා අදට දවස් 10 යි. තවම යුක්තිය ඉටු නොවිච්ච රටක් මේක.

සන් ට්සු   යුධ කලාවේ කිව්වා වගේ,‘අපේ අරගලකරුවන් ගෝඨාභය රාජපක්ෂ, රාජපක්ෂ පවුල හා ඔවුන් ගේ හෙන්චයියන් ඔවුන්ගේ හතුරන් ලෙස නිවැරදිව හඳුනාගෙන තිබෙනවා.   කනගාටුව මේ රටේ පක්ෂ නායකයෝ මේක හදුනාගෙන නෑ. සැබෑ අරුත හදුණාගෙන නෑ. පක්ෂ නායකයෝ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න වෙනවා.

මේ අය තමයි ජනතාවගේ හතුරෝ.

හතුරා නිවැරදිව දන්නා නිසා, මේ අරගලකරුවන් ගොල්ෆේස්, මහනුවර, ගාල්ලේ අරගල විතරක් නෙවෙයි  සටන් සියයක් ගෙනියයි.

කතානායකතුමනි,

වතුරෙන් වටවෙච්ච මේ සුන්දර මන්දිරේ ගැනත් කියන්න ඕනි.

ඔබතුමා, පාර්ලිමේන්තු පුස්තකාලයට ගිහින්  ‘ආකින්සන් මේ’ ගේ පොත අරගෙන ආපහු කියවන්නඒක වටිනවා. ආකින්සන් මේ නෙවෙයි, කේ.බී.රත්නායක, බාකීර් මාකර්, වි.ජ.මු., අනුර බණ්ඩාරනායක ලා දන්නවා නම් සොහොනෙන් නැගිටලා දියවන්නාවට පනිනවා.

මොකද, දවස් දෙකේ, නියෝජ්‍ය කතානායක ඡන්ද නාඩගමට පැය 7 ½ ක් වැය වුණා. මගේ පරාජිතයාගේ කතාවට කතානායකතුමා අවස්ථා 6 ක දී බාධා කලා. මේවා හරි විහිළු!

මේක නෙවෙයි අද තියෙන ප්‍රශ්නය, මට ප්‍රශ්නයක් තියෙනවා,  ජේ.ආර්.ජයවර්ධන එක්කත්  හැප්පිච්ච කෙනෙක් තමයි අද කතානායක වෙලා ඉන්නේ, ඒයාට මොනාද වෙලා තියෙන්නේ කියලා.

නියෝජ්‍ය කතානායතුමනි,  අතුකෝරල මන්ත්‍රීතුමා මගේ අල්ලපු ආසනයේ, පොලොන්නරුවේ අහිංසක මනුස්සයෙක්. හිත හොඳ මිනිහෙක්.  අපි කතානායකතුමාගේ කාමරයට ගිහින් කිව්වා, මේ රට ලේ විලක් වෙනකල් ද බලාගෙන ඉන්නේ, පාර්ලිමේන්තුව වටේ ඉන්න තරුණයින්ට ගහන්න එපා කියලා

අදත් මේ මොහොතේ පාර්ලිමේන්තුව වට කරලා තියෙන වෙලාවක මම මේ කතා කරන්නේ. මේ රට ලේ විලක් වෙනකල් ද බලාගෙන ඉන්නේ කියලා අපි එදත් ඇහුවා.  එදා අපිට වෙන කියන්න කෙනෙක් හිටියේ නෑ. පාර්ලිමේන්තු වටේ ඉන්න තරුණයින්ට ගහන්න එපා කියලා,

කතානායක කාමරේ හැංගිලා ඉන්න කතානායකට අපි කිව්වා. යුක්තිය ඉටු නොවන බව තරුණයෝ දැක්කා.  අරලියගහ මන්දිරයේ වෙච්ච දේ අපි දැක්කා.   එයට ඔබතුමාගේ ක්‍රියාකලාපය උත්තේජනයක් වුණා. ඔබ එදා ක්‍රියාත්මක වුනා නම්, අතුකෝරල මන්ත්‍රීතුමා ඝාතනය නොවන්න තිබුණා.

මැයි 9 වෙනිදා, ගොල්ෆේස් සාමකාමී අරගලයේ දීමැරයින්ගේ ප්‍රහාරයෙන් ධෛර්යවන්ත, රමුණක් සහිත, තරුණ තරුණියෝ මම ගෞරවයෙන් මතක් කරනවා

ඒ අතර,  ඉඳුනිල් බණ්ඩාර  – මාරාන්තික තුවාල,
ශාලික අනුරංග  — අසාධ්‍ය මට්ටමේ ඉන්නේ

M.K.C.P. චාමර, විශ්ව දේවින්ද, නීලනුවන් මුණසිංහ, ශනිශ් ශ්‍රීමල්, දිලංක මධුරංග, අමන්දු මල්ලිකාරත්න මෙනවිය, ප්‍රියදර්ශන් නිලුක්ෂනා, කසුන් චාමිකර, චන්දි ගමගේ, පියුනි සකුනිකා, ඉසුරු රුෂාන් කපුදූව, සකුන් ඩී සිල්වා, සහජ මදුශංක, එස්.ඒන්.සංජය
විශ්වජිත් දරුවෝ තුවාල ලැබුවා.

මේ තරුණයින්ටත් මම ඒකක් කියන්න ඕන.    ඔබගේ අරගලය ගෙනියන්න. මේ රට යහපත් තැනකට ගේන්න. හැබැයි මේ අරගලයේ නාමයෙන් බොර දියේ මාළු බාන අවස්ථාවදීන්ගේ අතකොළුවක් වෙන්න එපා.

අද ඔවුන් ලේ පෙරාගෙන වැටුණා. හිස් කබල් කුඩු කලා. කකුල් කැඩුවා. අත් කැඩුවා. හතර දෙනෙකුට නිව්මෝනියාව හැදෙන්න ගැහුවා හය දෙනෙකුට ස්නායු ආබාධ තියෙනවා

මේ තරුණ තරුණියෝ බහුතරය උපාධිධාරීන්.  පශ්චාත් උපාධිධාරීන්. ඒ වගේම මේ වෙනකොට, රඹුක්කන වෙඩි වැදිච්ච තරුණයාට අමතරව තව දහ දෙනෙකුට වෙඩි වැදිලා තියෙනවා.

අද මේ රටේ උනේ හොඳක් නෙවෙයි. ගෝල්ෆේස් බිමට පහර දුන් හැටි, රාජකාරිය පැහැර හැරපු හැටි… ඊයේ ගරු රමේෂ් පතිරණ මහතා කිව්වා වැඩේ කළේ කවුද කියලා.

මිරිහානේ බස් ගිනි තබ්බේ, අන්තරයට ගැහුවේ, ගෝල්ෆෙස් ඔළු පැලුවේ අරාබි වසන්ත. ශාන්ත තෝමස් විද්‍යාලයේ පියතුමාට ගැහුවේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති. දරුවන්ට ගැහුවේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එක්ක ආපු මැරයෝ

මතක තියාගන්න, මේ එක්කෙනෙක් තවම අල්ලලා නෑ. අඩුම ගානේ විනය පරීක්ෂණයක්වත් තියලා නෑ.

මොකද අපි දන්නේ නෑ, රාජපක්ෂවරු  මහා මාර්ග අමාත්‍යාංශ ලේකම් ට බයයි ද, නැත්තම් ආදරේ ද කියලා. මොකද, කිරිපිටි, පොහොර, හාල්, සීනි පාන් ටික ඉහළ යනකොටත් තාර ගෙනල්ල දෙන තරමට ආදරේ යි.  පොලීසිය දැන් ගෝල්ෆේස් අරගලකරුවෝ දඩයම පටන් අරගෙන තියෙනවා.

මැරයෝ පහර දෙන්න එනකොට ගෝල්ෆේස් එන්න කියලා පෝස්ට් දාපු අය දඩයම් කරනවා.

ප්‍රසිද්ධ නිළියක් ‘ගිණිතියපියව් මුළු රටම – ඒක තමයි වෙන්නේ අපි එක ගල් කැටයක් වත් ගන්නේ නෑ. කියලා විඩියෝවක් දැම්මා. අපි එක ගල් කැටයක්වත් ගන්නේ නෑ කිව්ව කොටස එඩිට් කරලා එයාව අත්අඩංගුවට ගන්න හදනවා

නියෝජ්‍ය කතානායකතුමනි,

ඩීමන් ආනන්ද ගේ කතාවල ඉන්නවා කළු වවුලෙක්.. මන්දිරයක ඉන්න, රෑට එළියට එන,  පියඹලා යන ලේ බොන ‘වවුලෙක්’  අද මේ පාර්ලිමේන්තුව පාලනය කරන්නේ, ඒ කළු වවුලා..   අර මං කිව්ව කළු කුරුල්ලා දවල්ට ඉන්න කපුටාට වඩා, රෑට මන්දිරේන් එළිය එන මේ  කළු වවුලා භයානකයි.

ලේ උරාබෙනවා. හප කරනවා.  අද මේ රටත් ඒ තැනට පත් වෙලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ මේ කළු වවුලටද කියන එක මේ කරන සමහර වැඩ වලින් හිතෙනවා.

අවසාන වශයෙන් අගමැති තුමාට කියනවා මේ කළු කුරුල්ලාගෙන් බේරෙන්න කියලා. මොකද එතුමා අද, හුණුවටයේ ගෲෂා ගේ චරිතය රඟපානවා කිව්වා. හැබැයි දරුවාගේ හැබෑ අම්මා වෙච්ච නතාලියාට වඩා, ගෲෂා දරුවාට ආදරේ බව දන්නවා.

අසඩක්, ඔබට හොඳ තීන්දුවක් ලබාදේවි.

ඒ නිසා මම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලනවා

අද මේ රටේ සැබෑ ප්‍රශ්නය තේරුම් ගන්න, පටු අවස්ථාවාදී න්‍යායපත්‍රවල ඉන්නේ නැතුව ඒකතුවෙලා මේ ගිනි  ගොඩ නිවන්න සහයෝගය දක්වන්න කියලා කියනවා.

ඒකතුවෙලා තීරණයක් ගන්න කියලා මම ඉල්ලනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අගමැතිගේ කමිටු හතර පතුරු ගසමින් පරිපාලන නිලධාරීන්ගේ සංගමයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ට  ලිපියක්!  

Next Post

මිරිහානේ දී හමුදා බස් රථයකට ගිනි තැබූ බව කී තැනැත්තා සී.අයි.ඩි. අත්අඩංගුවට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.