මහජන නියෝජිතයින් නොවන දේශපාලන ක්‍රියාධරයින්ගෙන් සමන්විත කමිටු හතරක් දැනට රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා නම් කිරීම පිළිබඳව ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය සිය විරෝධය පල කර තිබේ.
දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්ට තම දේශපාලන කටයුතු ප්‍රවර්ධනය කරගැනීම සඳහා රාජ්‍ය දේපල භාවිතා කරමින් සිවිල් පිරිපාලන කටයුතුවලට ඇතුළු වීමේ සියලු ඉඩකඩ ඇහිරිය යුතු බවත් අප මේ වනවිට මුහුණ දී ඇති බරපතල තත්ත්වයට එක් ප්‍රධානම හේතුවක් වන්නේ මෙවැනි පත්කිරීම් බවත් එම සංගමය අග්‍රාමාත්‍ය ලේකම් ඊ.එම්.එස්. බී ඒකනායක වෙත ලිපියක් යොමු කරමින් වැඩිදුරටත් දන්වා සිටී.
ඉදිරියේ දී ද මෙවැනි පත්කිරීම් වළක්වන ලෙස අග්‍රමාත්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින එම සංගමය ස්ථාවර රජයක් පිහිටුවන තුරු ශ්‍රී ලංකා පරිපාලනසේවා සංගමය මහජන නියෝජිතයන් සහභාගී වන කිසිදු රැස්වීමකට සහභාගී නොවන බවත් අග්‍රාමාත්‍ය ලේකම්වරයාට දන්වා තිබේ.
අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කර මහජන සේවාවන් පවත්වාගෙන යෑමට කටයුතු කරමින් පවතින අවස්ථාවක එම යාන්ත්‍රණය බිඳවැටෙන ආකාරයට කටයුතු කිරීමෙන් වැලකීම රජයේ වගකීමක් බව එම සංගමය පෙන්වා දෙයි. කඩිනමින් අමාත්‍ය මණ්ඩලයක් පත්කොට නව අමාත්‍යාංශ සඳහා සුදුසුකම් සපුරා ඇති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පත්කොට එම ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් හරහා අත්‍යාව්‍යශ මහජන සේවා සැපයීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කරන ලෙස සංගමය අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටී.
ජනාධිපතිවරයා, අග්‍රමාත්‍යවරයා, විෂය භාර අමාත්‍යාවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට රාජ්‍ය නිලධාරීන් වෙත නියෝග නිකුත් කළ නොහැකි බවත් එම නියෝග හා උපදෙස් නීත්‍යානුකූළ නොවන බවත් එවැනි නියෝග පිළිපැදීමට රාජ්‍ය නිලධාරීන් බැඳී නැති බවත් සංගම අග්‍රමාත්‍ය ලේකම්වරයාට දන්වයි.
එම ලිපිය පහත දැක්වේ.