බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තු ආව අර්චුනාගෙ ජොබ් එක වැඩ අල කිරීම ද?…

by editor
දෙසැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ විවාදය අතරතුර විනය ගරුක පාර්ලිමේන්තුවක් සම්බන්ධයෙන් රටේ ඇති කළ විශාල සංවාදය පලුදු කරමින් යාපනයේ දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායමකින් තේරී පත් වූ නවක බාල්දිකාර මන්ත්‍රී රාමනාදන් අර්චුනා තමන්ට පහර දුන් බව කියමින් පාර්ලිමේන්තුව තුළ අප්‍රසන්න හැසිරීමක් ප්‍රකට කළේය.

අද සවස ශේෂා විතානගේ මන්ත්‍රීවරයා සිය කතාව අවසන් කරන්නට පෙර සි නැගී සිටි රාමනාදන් අර්චුනා චෝදනා කළේ ඔහුට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනෙත් සංජය විසින් පහර දුන් බවය. බාධා කරමින් සිය අවස්ථාව ලබාගෙන මෙසේ පැවසුවේය.

“මට වෙච්ච සිද්ධියක් මට අනිවාර්යයෙන් කියන්න ඕන. මම පලවෙනි සැරේ මේ පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නවා. මම දැන් කතා කරන්න ගියා විපක්ෂ නායකගේ ඔෆීස එකට. මට වෙන් කරපු වෙලාව බලන්න. එතකොට මේ සුනෙත් කියන පුද්ගලයා මට ගැහුවා. මේක අපේ පාර්ලිමේන්තුව ඇතුළෙ සිද්ධ වෙනවා නම් කොහොමද අපි පාරවල්වල යන්නේ. ” බාධා කිරීම් මධ්‍යයේ අර්චුනා ආවේගයෙන් කතා කරන්නට වූයේය.

“මම 2:30ට විතර විපක්ෂ නායක කාර්යාලයට ගියා. මම ඇහුවා කොහොමද මේ ටයිම් එක allocate කරන්නේ කියලා. අද දවසේ මට කිසි දෙයක් සන්නිවේදනය කරලා තිබුණේ නැහැ. හෙට මගේ වෙලාව තියෙනවාද ? නැද්ද ? කියලා අහන්න ගියා. එතන නිලධාරීන් හිටියා. ඔවුන් වෙනත් කාමරයකට මාව එක්කන් ගියා. ඒගොල්ලෝ කිව්වා හෙට හවස 4ට වගේ මට දෙන්න පුළුවන් කියලා.”

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

“මං ඇහුවා ඒ පිළිවෙල ඕගොල්ලෝ කොහොමද හදන්නේ කියලා. එතකොට සුජිත් කියලා පුද්ගලයාටයි තව කෙනෙකුටයි ගිහින් කතා කරන්න කිව්වා. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ කියලා.”

“එතකොට මං කිව්වා ඒගොල්ලොන්ට තනි තීරණයක් ගන්න බැහැ. පක්ෂ නායකයෙක් විදියට මට ඒකට උත්තර දෙන්න ඕනේ කියලා. එතකොට සුජිත් කියන පුද්ගලයා මට ගැහුවා. මට මෙයාට ගහන්න ඕනේ නැහැ. මෙයා මගේ තාත්තාගේ වයස. ඒ නිසා ගැහුවේ නැහැ.”  මූලාසනයේ සිටි මන්ත්‍රීවරිය පැවසුවේ මේ සිද්ධිය කතානායකවරයාට දැනුම් දෙන ලෙසය.

“මේ පුද්ගලයා මට ගැහුවා අර පුටු සිද්ධිය නිසා. මම ඩොක්ටර් කෙනෙක්. ” පාර්ලිමේන්තුව තුල අර්චුනා සහ සුනෙත් සංජය බැන ගනමින් සිටියේය. මූලාසනයට ඔවුන් පාලනය කර ගත නොහැකි වූයේය.

මේ අවස්ථාවේ දී නැගී සිටි නලීන් ජයමහ මන්ත්‍රීවරයා කීවේ මෙම මන්ත්‍රීවරයාගේ හැසිරීම සම්බන්ධව කතානායකවරයාව දැනුම්වත් කළ බවය. ඔහු මෙසේ කීවේය.

“මේ මන්ත්‍රී තුමා යාපනයේ ස්වාධීන මන්ත්‍රීතුමා විපක්ෂ නායක කාර්යාලයට ඇවිත් විපක්ෂ නායක ලේකම් තුමා ඉදිරියේ බොහෝම අශෝභන විදිහට හැසිරුනා. ඔහු නොගැලපෙන වචන කුනුහරප කිව්වා. ඒ සම්බන්ධව අපි කතානායක තුමාට පැමිණිල්ලක් කරලා තියනවා. සමහරු උගත් උනාට බුද්ධිමත් නෑ. මේ ගැන ඔබතුමිය වෙනම පරීක්ෂණයක් කරන්න. ගැලපෙන්නේ නැති මන්ත්‍රීවරු විපක්ෂයේ තියන්න එපා. වෙන තැනක වාඩි කරන්න”

මේ අතර සුනෙත් සංජය මන්ත්‍රීවරයා අර්චුනාගේ චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

“මෙතුමා බරපතල ප්‍රකාශයක් කරනවා මම එතුමාට පහර දුන්නා කියලා. එහෙම කිසිම දෙයක් සිද්ධ වෙලා නෑ. ඒක සම්පූර්ණයෙන්ම මම ප්‍රතික්ෂේප කරනවා.

එම සිද්ධිය දිවෙන අතරතුරේ දී පාරලිමේන්තුවේ සිය මංගල කතාව කරමින් සිටි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර කිව්වේ මංගල කතාව සිද්ධ කරන්න උනේ දැඩිකලකිරිමකින් බවය. අපි දකින්න බලාපොරොත්තු වෙච්චි පාර්ලිමේන්තුවපිළිබඳ ප්‍රාර්ථනාව මේ මොහොතේදීම බිඳ වැටීම පිළිබඳ දැඩි ලෙස කම්පාවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මොරටුව වෛද්‍ය පීඨ සිසුන්ගේ මහාචාර්ය ඒකකය නාගොඩ රෝහලේ පිහිටුවීමට පීඨාධිපතිවරයා එරෙහි වෙයි… නෙවිල් ප්‍රනාන්දු රෝහලම ඕනලු… වෙන එකකවත් බෑ ලු…..

Next Post

තෙල් විකුණා පෙට්‍රෝලියම් එක ලබපු ලාභය බිලියන 131කින් වැඩි වෙලා… පූර්ව අය වැය තත්ත්ව වාර්තාව හෙළි කරයි….

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.