කීර්ති ප්‍රනාන්දු –
තිරිඟු පිටි නිෂ්පාදනය කරන මෙරට සමාගම් දෙක තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 250ක් දක්වා අඩු කොලොත් පාන් ගෙඩියක මිල රුපියල් 20 කින් අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් . කේ ජයවර්ධන පවසයි .
ඉතාමත් පහසුවෙන් තිරිඟු පිටි කිලෝවක් රුපියල් 250කට ලබාදිය හැකිව තිබිය දී එම සමාගම් දෙක පිටි මිල වැඩි කිරීම ඉතා අසාධාරණ මෙන්ම සමස්ත බේකරි හිමියන් සහ පාරිභෝගිකයන් පීඩාවට පත් කිරීමක් ඔහු පෙන්වා දෙයි. .
මේ අතර තිරිඟු පිටි මිල රුපියල් 250 ක් දක්වා අඩු කිරීමට රාජ්‍ය මැදිහත්වීම අනිවාර්යෙන්ම අවශ්‍ය බවත් තිරිඟු පිටි කිලෝවක් 320 ක් සහ 285 ක් වශයෙන් අලෙවි කරමින් සමාගම් දෙක අධික ලාභ ලබන බවත් ඔහු වැඩිදුරටත් කියයි.







