අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයුධ පෙන්වීමට ගොස් මළේ අහුංගල්ල වෙඩි තැබීමේ සැබෑ වෙඩික්කරු නොවේ!

ලකුණුවලට මිනී මරන බවට STF එකට චෝදනාවක්... මුල්ලේරියාව මන්ත්‍රී ඝාතනයේ දීත් වෙඩික්කරු කියා වෙනත් අයෙක් මරා දමලා...

by editor
ඔක්තෝබර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අහුංගල්ල RIU හෝටලය ඉදිරිපිට දී වෙඩි තැබීමේ සිද්ධියට අදාල කුලී ඝාතකයා ලෙස සැක කර පසුගිය 13 වැනිදා රාත්‍රියේ   බළපිටිය, බණ්ඩරවත්තේදී   පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් පිටපතකට අනුව වෙඩි තබා ඝාතනය කළේ එම ඝාතනයේ වෙඩික්කරු නොවන බව මේ වනවිට තහවුරු වී තිබේ.

ආයුද පෙන්වීමට යෑමේ පොලිසියේ පැරණි පිටපතට අනුව 13 දා මෙසේ ඝාතනය වන්නේ  අංක 3/33, දෙව්රම්පේ, තණමල්විල ලිපිනයේ පදිංචිව සිටි පටුවන කම්මාචාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත් (36) නැමැති පුද්ගලයෙකි.

ඝාතන සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු යැයි තහවුරු කරගත් පසු   සැකකරු අත් අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු  අත් බෝම්බයකින් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට පහර දීමට තැත්කර තිබෙන බවත් පෙරලා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් තබන ලද වෙඩි පහරින් සැකකරු මියගොස් තිබෙන බවත්  පොලිසිය කීවේය. සැකකරු ලඟ ජීව අත්බෝම්බයක් ද තිබුණු බව පැවසුවේය.

එහෙත් සිද්ධියට සම්බන්ද නියම වෙඩික්කරු ඊයේ (20) හෝකන්දර සිංහපුර ප්‍රදේශයේ  සැඟව සිටිය දී  බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්  අත්අඩංගුවට ගත් බවත් ඔහු  දන්කුඩ්ඩා නැමැත්තෙක් බවත්  මේ වනවිට  විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හිටපු හමුද ලාන්ස් කෝප්‍රල්වරයෙකි.  කුලී වෙඩික්කරුවා යැයි උපකල්පනය කර විශේෂ කාර්ය බලකාය විසින් ඝාතනය කර තිබුණේ  වෙඩික්කරු රැගෙන වාහනය පදවාගෙන ගිය පුද්ගලයා බව දැන් තහවුරු වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හෝකන්දර දී අත්අඩංගුවට ගත් දන්කුඩ්ඩා   2019 වසරේ    තලංගම පොලිස් වසමේ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක ගෙන සිරකර මරා දැමීමේ සිද්දියේ ප්‍රධාන සැකකරුද වන  බව විමර්ශන අංශ පවසයි.

ඉහත කාන්තා ඝාතනය සම්බන්ධව රිමාන්ඩ බන්ධනාගාරගත වී වසර එක හමාරකට පසු ඔහු ඇප මත නිදහස් වී පැමිණ ඇත.

ඇප මත සිටින ඔහුට අහුංගල්ල ත්‍රීවිල් රියදුරා ඝාතන    කොන්ත්‍රාත්තුව විදේශයකින් ලැබෙන්නේ  බන්ධනාගාරයේ දී හඳුනාගත් අපරාධකරුවෙකුගේ මාර්ගයෙනි.

ඝාතනය සඳහා ඔහු ගාල්ලට ගිය බවත්, ගාල්ලේ දී ඔහුව මෝටර් රථයක නන්වාගෙන ඇති අතර යන ගමන අතරමග දී  ඔහුට   ටී 56 ගිනි අවියක් සපයා ඇති බවත් වාර්තා වේ. රියූ හෝටලය අසලදී ඔහුට ඝාතන ඉලක්කය පෙන්වා ඇත්තේ වාහනයේ  රියදුරු විසිනි.

එහෙත් වෙඩි තබන විට ගිනි අවිය පත්තු නොවූ බවත් එහිදී ඉලක්කය වැරදී ගොස් ඉලක්කගත පුද්ගලයා පලා ගොස් ඇති බවත් ගිනි අවියේ එල්ලී ඇත්තේ වෙනත් පුද්ගලයෙක් බවත් දැන් අනාවරණය වී ඇත.

එසේ ගිනි අවිය සමග පොර බදද්දී එය බිම වැටී ක්‍රියාත්මක වීම හේතුවෙන් පොර බැදූ පුද්ගලයාගේ පාදයට වෙඩි වැදී තිබේ. ඉලක්කය පලා ගොස් ඇති බැවින් තවත් වෙඩි තැබීම්වලට නොගොස් ගිනි අවිය අහුලාගත් දන්කුඩ්ඩා රථයට නැගී පලා ගොස් ඇත.

මගදී ගිනි අවිය රථයේ රියදුරුට භාර දී ඇති අතර ඔහුට රුපියල් ලක්ෂයක මුදලක් ද රියදුරු විසින් ලබා දී ඇත. ගිනි අවිය ක්‍රියාත්මක නොවූ නිසා ඉලක්කය වැරදී ගිය බවත් ගිනි අවිය ක්‍රියාත්මක නොවුනේ එය නිසි ලෙස නඩත්තු නොකර තිබීම නිසා බවත් දන්කුඩ්ඩා විමර්ශන අංශ වෙත පවසා තිබේ.

සැකකරු   පවසා තිබුණේ විශේෂ කාර්ය බලකාය විසින් අල්ලා මරා දැම්මේ ඔහු සමග එදින පැමිණි රථයේ රියදුරු බවය.

දන්කුඩ්ඩා රඳවා තබාගෙන ප්‍රශ්න කෙරේ.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු රුක්‍ෂාන් පිංතු ඝාතනය කිරීම සම්බන්ධව එස්ටීඑෆ් අත්අඩංගුවේ දී    ආයුද පෙන්වීමට ගොස් පසුගිය අගෝස්තු 08 දා  ගල්කොරියක දී   ඝාතනය වුන  තුවාන් ශිරාන් නමැත්තා මන්ත්‍රී  ඝාතනයේ සැබෑ මිනීමරුවා නොවුන බව පසුව විමර්ශන වලදී අනාවරණය විය.

නීතිය අතට ගෙන කෙරෙන මේ පොලිස් ඝාතන සම්බන්ධව මේ වනවිට ජාත්‍යාන්තර   මානව හිමිකම් සංවිධානවල අවධානය යොමු වී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාන් මිල අඩුවෙන්න නම් වෙන්න ඕන දේ…

Next Post

ධම්මික පෙරේරාගේ දියණියට ලොකුම සමාගම් 10ක අධ්‍යක්ෂ තනතුරු

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.