කීර්ති ප්‍රනාන්දු –
පාන් සියයට 25 කින් සහ කේක් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන අලවිය සියයට50 කින්ද පහත වැටී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසයි.
නිෂ්පාදන වියදම විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද ඉහළ මට්ටමක පැවතීම අලවිය පහත වැටීමට හේතු වී ඇතැයි ද ඔහු කීය .
මේ වන විට මාගරින් කිලෝවක් රුපියල් 1000 ක් සහ බටර් කිලෝවක් රුපියල් 3000 ක් දක්වා මිල ඉහළ ගොස් ඇති බවත් ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර බේකරිවලට ලබා නොදීම නිසා බිත්තර මාෆියාව හමුවේ දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා වැඩිවීමත් හේතුවෙන් බේකරි කර්මාන්තයට දැඩි පහරක් වැදී ඇතැයි සභාපතිවරයා කීය .
එබැවින් එළැඹෙන සිංහල අවුරුද්දට පෙර බේකරි නිෂ්පාදනවලට අවශ්‍යය අමුද්‍රව්‍ය බද්දෙන් නිදහස් කර බිත්තර මිල පහත දැමීමට කටයුතු කර පාරිභෝගික ජනතාවට සහන සැලසීමට රජය පියවර ගත යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය .







