අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශය සිදුකරන ලද විමර්ශනයකට අදාලව හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අත් අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඩග්ලස් දේවානන්දා අත් අඩංගුවට ගනු ලැබුවේ විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා දීම සදහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.
2001 වසරේ දී යුද හමුදාව විසින් ඔහුට ලබා දුන් ගිනි අවි අතරින් පිස්තෝලයක් සංවිධානාත්මක අපරාධකරුවෙක්වන මාකඳුරේ මධුෂ් වෙත ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයකට අදාලව ඔහු අත් අඩංගුවට ගෙන තිබිණි.
පොලිසිය පවසන්නේ 2019 වර්ෂයේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ප්‍රකාශයක් මත මෙම ගිනි අවිය වැලිවේරිය ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තබා තිබිය දී සොයා ගත් බවය.
අත් අඩංගුවට ගත් ඩග්ලස් දේවානන්දා හෙට (27) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් කියයි.







