සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපතට පත් නුවර වැසියන්ට ආණ්ඩුව සලකපු හැටි කිරිඇල්ල කියයි…

NBRO මුළු කන්ද උඩරටම රතු පාටින් ලකුණු කලා... දැන් අපි ජීවත් වෙන්න පොලොන්නරුවට යන්න ඕනද?

by editor
දෙසැම්බර් 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රජය පාර්ලිමේන්තුව තුළ සහ පාර්ලිමේන්තුවෙන් පිටත ලබා දුන් පොරොන්දු ප්‍රකාරව මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සලසා දී නැතැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (26) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා අනාවරණය කළේය.

ඔහු පෙන්වා දෙන්නේ මේ ඉදිරිපත් කරන්නේ විවේචනයක් නොවන බවත් රජයට සංඛ්‍යාලේඛන සම්බන්ධව කරන දැනුම්වත් කිරීමක් බවත්ය.

මහනුවර දිස්ත්‍රික්කයේ බලපෑම්වලට ලක් වූ 57804ක් සිටින බව පෙන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මේ මුළු සංඛ්‍යාවටම පොරොන්දු වුන විසි පන්දහස ලැබිය යුතු බව පෙන්වා දුන්නේය. නමුත් එම මූලික ආධාරය ලැබී ඇත්තේ පවුල් 32172කට පමණක් බව හිටපු ඇමතිවරයා අනාවරණය කළේය. ඔහු පෙන්වා දෙන්නේ එම විසි පන් දහසේ මූලික සහනාධාරය පවා මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 23000කට ආසන්න ප්‍රමාණයකට ලැබී නැති බවය.

මුළුතැන්ගෙයි බඩු මිලදී ගැනීම සඳහා ලබා දෙන බව කී රුපියල් 50000ක මුදල මහනුවර දිස්ත්‍රික්කයේ කිසිම කෙනෙකුට ලැබී නැති බවත් පාසල් දරුවන්ට ලබා දෙන බව කී රුපියල් විසි පන්දහසක මුදල ද ලැබී නැති බවත් හිටපු ඇමතිවරයා අනාවරණය කළේය.

මරණයකට ලක්ෂයක වන්දියක් ලබා දෙන බව කීව ද සමහර අවස්ථාවල දී එම මුදල රුපියල් 50000ට අඩු වී ඇති බව ද හෙතෙම කීවේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

මේ මා කතා කරන්නේ නවතම දත්ත මත පදනම්ව. මහනුවර දිස්ත්‍රික්කයේ තවමත් අනාථ කඳවුරු 95ක් තියනවා. ඒ කඳවුරුවල පවුල් 2084ක් ජීවත් වෙනවා. පුද්ගලයින් ගත්තොත් 6636ක් ඉන්නවා. මේ අය බොහෝ වෙලාවට ඉන්නේ ආගමික ස්ථානවල. මේ අයට කඳවුරුවලින් යන්න කියනවා. යන්න කිව්වට යන්න තැනක් නෑ. ගෙවල් විනාශ වෙලා”

” මට පසුගිය සතිය පුරාම දුරකථන පණිවුඩ ආවා. . අඩුම තරමින් යන්න තැනක් නැති අයට කූඩාරම් ටිකක් දෙන්න බැරිද වගේ අදහසක් මට තිබෙන්නේ. මැදපෙරදිග ලක්ෂ ගණන් පිටවී යනවා අවතැන් වෙලා. එහෙම ගියාම ගියාම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තාවකාලිකව ඉන්න පහසුකම් සපයනවා කූඩාරම්වල. මෙහෙව විකල්පයකට හෝ අපට ගන්න බැරිද කියන අදහසක් තියනවා. ”

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ විවිධ පොරොන්දු රජය ලබා දුන්නත් මේ පිරිස්වල අනාගතය කුමක් විය හැකිද යන්නය. මේ වනවිට කන්ද උඩරට ජනතාවම කබලෙන් ලිපට වැටී ඇති බව කී හිටපු ඇමතිවරයා ගොඩනැගිලි පර්යේෂණ ආයතනනය මුලු කන්ද උඩරටම රතු පැහැයෙන් ලකුණු කර ඇති ආකාරය ගැන කීවේය. මෙය විය නොහැකි දෙයක් බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මේ සම්බන්ධව පැහැදිලි කරගැනීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සම්බන්ධ කරගැනීමට ගත් කිසිම උත්සාහයක් සාර්ථ නොවුන බව පැවසුවේය.

කන්ද උඩරට ජනතාව ජීවත් වීම සඳහා පොළොන්නරුවට යෑමට සූදානම් නැති බවත් දළදා වහන්සේ ආරක්ෂා කරගත් ජනතාව කන්ද උඩරට ජීවත් විය යුතු බවත් පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බෝම්බ තර්ජනය කරන පුද්ගලයා තර්ජනය අලුත් කරයි…

Next Post

පාතාලයට ගිනි අවි දුන් සිද්ධියකට ඩග්ලස් දේවානන්දා අත් අඩංගුවට…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.