සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනය පක්ෂ විපක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේ දී හෙළා දකිති…

by editor
දෙසැම්බර් 4, 2021
in පුවත්
ඝාතනය වූ ප්‍රියන්ත

ඝාතනය වූ ප්‍රියන්ත

Share on FacebookShare on Twitter

පකිස්ථානයේ සියල්කෝට්හි දී අමානුෂික ඝාතනය කර පුලුස්සා දැමූ ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ කළමණාකාර ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතනය  අද (04) පාර්ලිමේන්තුවේ දී  පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම දැඩි සේ හෙළා දැක්කේය.

මෙහිදී සභානායකවරයා විශේෂ ප්‍රකාශයක් කරමින්  දන්වා සිටියේ ලොව මවිත කරවන මේ අමානුෂික ප්‍රහාරය රජයක් ලෙස දැඩි සේ හෙළා දකින බවය. සභානායකවරයා මෙසේ පැවසීය.

“දේශ සීමා රහිත අන්තවාදින්ගේ ප්‍රහාරයට ලක්ව මිය ගිය පකිස්ථානයේ කර්මාන්ත ශාලාවක කළමානාකරු වූ ශ්‍රී ලංකා විශ්විද්‍යාල උපාධිධර ප්‍රියන්ත කුමාර දියවඩන මැතිතුමාගේ මරණය පිළිබඳව රජය තම සංවේගය පල කරන්නේ ඉතාම ආමානුෂික පෙළේ ලොවක් මවිත කරන ආකාරයෙන් ද සිදුවූ ක්‍රියාව තවදුරටත් හෙලා දකිමින්.“

“පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මැතිතුමා පූර්ණ පරීක්ෂණයක් කර යුක්තිය ඉටු කිරිමට මැදිහත් වී තිබීම අප අගය කරන බව විශේෂයෙන්ම මේ අවස්ථාවේ දී  සඳහන් කරන්න ඕන.“

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර. – ප්‍රියන්ත කුමාර සහෝදරයා පේරාදෙණිය විශ්විද්‍යාලයේ උපාධිධරයෙක්. ඉතා අසීරුවෙන් අධ්‍යාපනය ලබා ඔහු මේ තැනට පැමිණියෙ. ඔහුගෙ ඝාතනය සමගම අද පකිස්ථානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැඩි අසරණබවකට පත් වෙලා තියනවා.  අන්තවාදීන්ගෙන් ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් වීමට ඉඩ නොදී රජයක් ලෙස අවශ්‍ය මැදිහත්වීම කරන්න කියලා මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන –

ප්‍රියන්ත කුමාර දියවඩන කියන්නේ පේරාදෙණියවිශ්විද්‍යාලයේ උපාධිධාරියෙක්.  ඔහුව මේ අකාරයෙන් දේශසීමා නැති ත්‍රස්තවාදීන් විසින් අමානුෂික ලෙක ඝාතනය කිරීම රටක් ලෙස හෙළා දකිනවා. පසුගිය කාල වකවානුව තුළ ඉම්රාන් ඛාන් අගමැතිවරයාගේ මැදිහත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ඉතා සමීප සම්බන්ධතවක් ඇති වුණා.  අපේ භික්ෂූන්වහන්සේ ගන්ධාරයට වැඩම කළා.

වර්ෂ  2005 සිට අපි පකිස්ථානය සමග වෙළෙඳ ගිවිසුමක් තියනවා. මේ තත්වය තුළ අප අතර ඇති සම්බන්ධතා පළුදුවීමේ අවකාශය නැති කළ යුතුයි. මේ සම්බන්ධව කතානායකවරයා වශයෙන් ඔබතුමා අවධානය යොමු කරන්න. පකිස්තථානු කතානායකවරයා සමග සාකච්ඡාවක් ඇති කරගෙන පකිස්ථානු පාර්ලිමේන්තුවේ අවධානය මේ සඳහා යොමු කරවන්න.  පකිස්තාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට බියෙන් හා සැකයෙන් තොවර ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න ඔබතුමා මැදිහත් වෙන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර – ප්‍රියන්ත කුමාර මහතාගේ  අමානුෂික ඝාතනය පිළිබඳ අපේ බලවත් කණාගටුව ප්‍රකාශ කරනවා. මේ අවස්ථාවේ දී අපේ පකිස්ථානු තානාපති කාර්යාලය හැසිරි ඇති ආකාරය පිළිබඳ කිසිසේත් සෑහීමකට පත් වෙන්න බෑ. ඔවුන්ගෙන් මේ රටේ මාධ්‍ය විමසූ විට ඔවුන් පවසා ඇත්තේ  මේ ගැන තවම පැමිණිලි ලැබිලා නෑ කියලා. මේ වැනි අවස්ථාවක තානාපති කාර්යාලයක් කටයුතු කළ යුත්තේ මේ ආකාරයෙන් නොවෙයි. ඔවුන්ට වඩා ඉතා  ඉදිරියෙන් ඉඳගෙන  තා ඉම්රාන් ඛාන් අගමැති තුමා කටයුතු කරලා තියනවා. අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා.

අපේ රටෙත් මේ සම්න්ධව ප්‍රශ්න ඇති නොවන්න කටයුතු කරන්න කියලා මා පාර්ලිමේන්තුවේ දී ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

Share69Tweet43
Previous Post

බැසිල්ට මෝදි මිස්වෙයි – විදේශ මුදල් ඇමතිවරු දෙවරක්ම හමුවෙති!

Next Post

විනාඩි 05 නිසා පාර්ලිමේන්තුව අදත් අවිලෙයි… ආණ්ඩුව අපේ… සෙල්ලම් එපා… ජොනී කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.