අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රකාශය දෙන්න අනිවාර්යයෙන් එනවා… හරි දේ හරි වෙලාවට කරන්නම්!… සිරිල් ගාමිණී පියතුමා  

by editor
නොවැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

සිරිල් ගාමිණී පියතුමා මේ වනවිට සමාජයේ ඇතැම් පාර්ශවවල දැඩි දෝෂ දර්ශනයට ලක්වෙමින් සිටිති. රජයේ බුද්ධි ප්‍රධානීන්ව විවේචනය කර ඒ සමබන්ධව පරීක්ෂණයක් පැවැත්වෙන විට ප්‍රකාශයක් ලබා දීමත් මගහරිමින් වෙනත් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් ඇති බව ඔවුහු කියති. මේ සම්බන්ධව සිරිල් ගාමිණි පියතුමා කියන්නේ කුමක් ද? ලංකසර අපි උන්වහන්සේ විමසුවෙමු.

 මේ වනවිට සමාජයේ යම් පිරිසක් ඔබවහන්සේව බොහොම බරපතල ලෙස විවේචනය කරනවා. මේ විවේචන හමුවේ දිය හැකි පිළිතුරක් තියනව ද?  

කිසිම පදනමක් නැති චෝදනා සම්බන්ධව කලබලවෙලා  වැඩක්  නෑ. ඒවට උත්තර දෙන්න කාලය නාස්ති කරන එකත් අපරාදයක්. මේ චෝදනා එනකොටම මැදහත් මිනිස්සු දන්නවා චෝදනා කරන අය කවුද ඒ චෝදනා එල්ලවෙන පදනම මොකක් ද කියලා.

අපි මේ අරගලය කරන්නෙ මිනිස්සු තුන්සිය ගාණක නැතිවුණු ජීවිත වලට සාධාරණයක් ඉටු කරගන්න. අපරාධය කළේ කවුද් කියලා දැනගන්න.  ඒ සත්‍ය හෙළිදරව් කරගැනීම අවසානයේ දි මේ රටේ අනාගත ආරක්ෂාව සඳහා අතිශයින්ම වැදගත් බව අප විශ්වාස කරනවා. ඒ නිසා ඒ අරගලය අප දගටම කරනවා.

ඔබවහන්සේ බුද්ධි ප්‍රධානීන් සම්බන්ධ කළ ප්‍රකාශ සත්‍ය නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීම අනුව එහි ගොස් කටඋත්තරයක් දෙන්නෙ නැත්තෙ ඇයි?. ඔබවහන්සෙ බය වෙලා ද?

බයක් නිසා නෙමෙයි. මේ සම්බන්ධව අපි දාපු මූලික අයිතාවාසිකම් පෙත්සමේ දි පැහැදිලිවම කිව්වා.     ඒ කියන්නෙ ප්‍රකාශයක් ලබා ගත්තටට පස්සේ අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තියනවා කියලා. අප ඉල්ලා සිටින්නේ එවැනි අවස්ථාවකට පත් නොවීම සඳහා නෛතික ආවරණයක්.

ඔබවහන්සේට විශාල පිරිසක් චෝදනා කරනවා ප්‍රකාශයක්වත් දෙන්න සී.අයි.ඩී. එකට එන්න සූදානම් නෑ කියලා.

මම කොහෙවත් කියලා නෑ ප්‍රකාශයක් දෙන්න එන්නෙ නෑ කියලා. මා ඇවිත් අවශ්‍ය සියලුම ප්‍රකාශදෙනවා. මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලා අත්අඩංගුවට ගැනීමේ අවදානම නොමැති බව තහවුරු වීමේ දැන්වීම ලැබුණු පසු ඇවිත් ඒ ප්‍රකාශය දෙන්නම්.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සමුළුවෙදි සාකච්ඡා වුන දේ ඇයි එළියට ඇවිත් කතා කරන්නෙ නැත්තේ?.

අවශ්‍ය තැනයි අවශ්‍ය දේ කතා කරන්න ඕන. මා සමුලුවේදි කළ ප්‍රකාශයක් මුල්කරගෙනනෙ මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන්නේ. ඒ ප්‍රකාශය මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙදි දෙන්නම්.

ඒත් ඔබවහන්සේ කරන්නෙ බොරු රංගනයක් කියලා මාධ්‍යවල  ඔබවහන්සේව දැඩිව විවේචනය වෙනවා.

මා යළිත් කියන්නෙ. ඒවට උත්තර දීම සහ හැප්පෙන්න යෑම කිසිම තේරුමක් නෑ. අපි හරි තැන දි හරි දේ කරනවා. පළවෙනි දවසේ ප්‍රකාශය ලබා දීම සඳහා සතියක් කල් ඉල්ලුවා. මූලික අයිතිවාසිකම් පේත්සමක් දාලා තියනවා. ඒකෙන් උසාවියෙ දෙන නියෝගයත් එක්ක ගිහින් අදාල ප්‍රකාශය කරනවා.

ඔබවහන්සේ එදා ඒ බුද්ධි ප්‍රධානීන් සම්බන්ධව කළ ප්‍රකාශයන් එළෙසම ද?. ඉල්ලා අස්කරගැනීමක් නැද්ද?.

ඒ ප්‍රකාශය නිසානෙ ප්‍රශ්න කරන්න එන්න කියන්නෙ. එතැනදි කියන්න තියන දේ කියන්නම්.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෑගල්ලේ නායෙ යෑමක්… තිදෙනෙක් අතුරුදහන්… කාන්තාවකට අසාධ්‍යයයි!

Next Post

කෙසෙල්වත්තේ දැරියන් තිදෙනා රටක් තිගස්වා රට වටේ කරක් ගැසූ හැටි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.